[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බුදුරදුන් මුල්වරට සිරිලකට වැඩම කළ දුරුතු පෝදා

හේමන්ත සෘතුව සිරිලක සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුවකි. දුරුතු මහ හේමන්ත සෘතුවෙහි දෙවැනි මාසය සේ ම අධික සීතල මාසය ද වෙයි. දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත වන අතර, රාත්‍රී කාලය දැඩි සීතලෙන් යුක්ත වෙයි. මෙම දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ ශාසන ඉතිහාසයේ සදා අනුස්මරණීය සිදුවීම් කිහිපයක් ම වාර්තා වෙයි. උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ප්‍රථමවරට සිරිලකට වැඩමවීම, සිරිලක යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම, බුදුරදුන්ගේ කේශ ධාතු නිධන්කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ඇරයුම පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත්කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් ය.


දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]