[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව 4,5,6 දිනවල දී...

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

58 වන වසර

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යන තේමාව යටතේ පැවැත් වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිත ව තිබීම මිහින්තලා පුදබිමට කරන ගෞරවයකි. මෙරට ප්‍රථම පොසොන් ආලෝක පූජාව ලෙස 1963 වසරේදී ඇරැඹි මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරට මෙවරත් කොරෝනා වයිරස උවදුර හමුවේ වුවද මිහින්තලා පුණ්‍ය භූමියේ දී 4, 5, 6 දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය නීති රීති අනුව, දුරස්ථ බව රැක ගනිමින් මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීමට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය හා පාලනාධිකාරිය කටයුතු කිරීම එතෙර - මෙතෙර බොදු ජනතාවගේ නොමඳ සතුටට හේතු වන කරුණකි. රාජ්‍ය පොසොන් උත්සවය ද මෙවර මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යන තේමාව යටතේ පැවැත් වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිත ව තිබීම මිහින්තලා පුදබිමට කරන ගෞරවයකි. පොසොන් පසළොස්වක පොහෝ දිනයත්, මිහින්තලාවත්, ලේක්හවුස් ආයතනයත් ‘බුදුසරණ‘ පුවත්පතත් අතර ඇත්තේ වසර 60කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන එන නොබිඳීය හැකි නොබිඳීය යුතු ගෞරවණීය සබඳතාවකි. එය අන් කිසිවක් නොව කුමන බාධක මධ්‍යයේ වුව වසර 58ක් තිස්සේ මිහින්තලා පුදබිම ආලෝකවත් කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිසාම ඇතිවූ සබඳතාවකි.

58 වන මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව - ප්‍රථම දිනය

58 වන මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව - දෙවන දිනය

58 වන මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව - තෙවන දිනය


අනුබුදු මිහිඳු මා හිමි සත් දිනක් තුළ දෙසූ දම් අමා ගඟ

සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක නරපතියන් විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලයකි. එසේම ශ්‍රී ලාංකිකයන් විසින් රාජ්‍ය ගෞරව සහිත ව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ එතෙක් පැවති සංස්කෘතියට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වන අප විසින් අදටත් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙන් බව අපි දනිමු.

පොසොන් සඳේ සදහම් කිරණ

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දහම් පණිවිඩය අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ විසින් පොසොන් මස පුර පසළොස්වක පොහෝ දින ලක්වැසියන්ට හඳුන්වා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආගමික ජාතික සංස්කෘතික සාමාජික හර පද්ධතීන් උරුම කරගනිමින් ලෝක ඉතිහාසය තුළ අභිමානවත් ගමනක් පැමිණ ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එනිසාම ධර්මද්වීපය ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග මහා ධාන්‍යාගාරය ලෙස පෙරදිග පමණක් නොව අපරදිග වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් සම්මානනීයත්වයට පත් වූ බව ඓතිහාසික මූලාශ්‍රය මගින් මැනවින් ප්‍රකට වී ඇත. මිහිඳු මහරහතුන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමා මුණ ගැසී කළ ප්‍රථම සාකච්ඡාව මෙහිලා අතිශයින්ම වැදගත් වන්නකි. උන්වහන්සේගේ ප්‍රමුඛ අභිලාෂය වන්නේ සතර වටින්ම මුහුදෙන් වටවුණ, සම ශීත හා ඌෂ්ණ දේශගුණයෙන් සමලංකෘත වූ, ඊශාන දිගින් හා නිරිත දිගින් වරින් වර අවශ්‍ය පරිදි වැසි ලැබෙන, තුරු ලතාදියෙන් විසිතුරු වූ, සුන්දර මිනිසුන්ගේ විහරණයෙන් සමලංකෘත වුණු මෙම දිවයින තුළ සම්බුදු දහම ස්ථාපිත කිරීමයි.

සීල සුගන්ධය හමා ගිය පොසොන් පුන් පොහෝ දා

අනුබුදු මිහිඳු මා හිමියන් අප රටට වැඩමවීමෙන් පසුව ශ්‍රී ලංකා ධරණී තලයට බුදු දහමේ මිහිරියාව ලැබුණා. එදා මිහින්තලාවේ මිස්සක පව්වේ දී මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස් රජු වෙත බුදු දහමේ තිබෙන හරය වටහා දීමත් සමගින් රජතුමා ඇතුලු සියලු පිරිස බෞද්ධ උපාසක භාවයෙහි පිහිටා මේ ලක්දිව සිල්වත් පිරිසක් බිහිවීම ආරම්භ වුණා. මුව දඩයමේ ගිය තිස්ස රජුට මිහිඳු මාහිමියන් වහන්සේ එහි ආදීනව වදාළා. උන්වහන්සේ තිස්ස රජු දහමට නැඹුරු කරවීමට චුල්ලහත්ථිපදෝපම දේශනාවෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරවා ඉන් අනතුරුව සිදුකළේ පවට ලජ්ජා, භය ඇතිකරලීම යි. මිහිඳු මා හිමි දේවානම්පියතිස්ස රජුට ලජ්ජා, භය ඇතිකරලීම සඳහා දේශනා කළේ විමානවත්ථු සහ පේ‍්‍රතවත්ථු දේශනා යි. විමනා වත්ථුවේ පින්කම් කොට දෙව්ලොව ගිය පිරිසත්, පේ‍්‍රත වත්ථුවේ පව් කොට දුගතියේ ගිය පිරිසත් පිළිබඳ සඳහන් වෙනවා. මේ කාරණා දෙක රජුට පැහැදිලි කරනවාත් සමගම පවට ලජ්ජාව භය ඇතිවුණා. එනිසා ඔවුන් කායික ව, වාචසික ව හික්මුණා. සිල්වන්ත වුණොත් සුගතිගාමි වන බවත් දුස්සීල වුණොත් දුගතිගාමී වන බවත්, රජතුමා තේරුම් ගත්තා. මේ ලෝකයේ ජීවත්වන අප හැමෝම සැපයට කැමැතියි. දුකට අකැමැතියි. 

මිහින්තලාවේ හෙළ අභිමානය ලොවටම පෙන්වන විස්මිත නිමැවුම්

මිහින්තලේ හෙවත් මිස්සක පව්ව නමින් හැඳීන්වෙන කඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සෙවණ සැලසූ අතර උන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත. මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලයට යන සැහැදැවතුන් විසින් නැරැඹිය යුතු ස්ථාන රැසක් ඇත

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]