[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අනුබුදු මිහිඳු මා හිමි සත් දිනක් තුළ දෙසූ දම් අමා ගඟ

සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක නරපතියන් විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලයකි. එසේම ශ්‍රී ලාංකිකයන් විසින් රාජ්‍ය ගෞරව සහිත ව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ එතෙක් පැවති සංස්කෘතියට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වන අප විසින් අදටත් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙන් බව අපි දනිමු. එවකට තරුණ ජවයෙන් හා සුවිශද බුද්ධියකින් හෙබි දූරදර්ශී හා තේජෝබල සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ අටුවා සහිත ත්‍රිපිටකය ද මෙරටට රැගෙන වැඩි බව ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. එහි අරමුණ වන්නේ සැබෑ නිර්මල බුදු දහම මෙහි ස්ථාපනය කිරීම බව ඉතා පැහැදිලි ය. ඓතිහාසික ලේඛනවලට අනුව උන්වහන්සේ මෙරටට පැමිණි දිනයේ සිට සිදුවී ඇති චින්තන විප්ලවය හා සංස්කෘතික පුනරුදය විදේශිකයන්ගේ පවා විමර්ශනවලට භාජනය වන අතර ඔවුන්ගේ නිගමන අනුව මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනය ඉතා සැලසුම් සහගත වූවකි.


   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]