[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව 4,5,6 දිනවල දී...

ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

58 වන වසර

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යන තේමාව යටතේ පැවැත් වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිත ව තිබීම මිහින්තලා පුදබිමට කරන ගෞරවයකි. මෙරට ප්‍රථම පොසොන් ආලෝක පූජාව ලෙස 1963 වසරේදී ඇරැඹි මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරට මෙවරත් කොරෝනා වයිරස උවදුර හමුවේ වුවද මිහින්තලා පුණ්‍ය භූමියේ දී 4, 5, 6 දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය නීති රීති අනුව, දුරස්ථ බව රැක ගනිමින් මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීමට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය හා පාලනාධිකාරිය කටයුතු කිරීම එතෙර - මෙතෙර බොදු ජනතාවගේ නොමඳ සතුටට හේතු වන කරුණකි. රාජ්‍ය පොසොන් උත්සවය ද මෙවර මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යන තේමාව යටතේ පැවැත් වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිත ව තිබීම මිහින්තලා පුදබිමට කරන ගෞරවයකි. පොසොන් පසළොස්වක පොහෝ දිනයත්, මිහින්තලාවත්, ලේක්හවුස් ආයතනයත් ‘බුදුසරණ‘ පුවත්පතත් අතර ඇත්තේ වසර 60කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන එන නොබිඳීය හැකි නොබිඳීය යුතු ගෞරවණීය සබඳතාවකි. එය අන් කිසිවක් නොව කුමන බාධක මධ්‍යයේ වුව වසර 58ක් තිස්සේ මිහින්තලා පුදබිම ආලෝකවත් කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිසාම ඇතිවූ සබඳතාවකි.


   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]