[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පෙසොන් පුර පසළොස්වක 2020.06.05

අපේකම රැක ගැනීම


සම්බුදු දහමේ ආභාෂය ලැබ සිංහලයා, අභිමානවත්, ප්‍රෞඪ ජාතියක් බවට පත් වූයේ අදවන් පොසොන් පුන් පොහෝ දිනෙක අනුබුදු මිහිඳු මා හිමියන් අපෙ රටට වැඩම කිරීමත් සමඟ ය. නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති, ශිෂ්ට සම්පන්න , අදීන ජාතියක් ලෙස අපි එදා පටන් අපට ම සුවිශේෂී වූ අනන්‍යතාවක් ගොඩනගා ගත්තෙමු.

එහෙත් ඒ විශිෂ්ට බෞද්ධ සංස්කෘතිය කාලයක් තිස්සේ විවිධ විපරිනාමයන්ට හසුවෙමින් පැමිණ යම් ආකාරයක සෝදාපාළුවකට ලක්වීමේ ස්වභාවයක් ගෙවී ගිය කාලය පුරා දකින්නට ලැබුණු බව නො රහසකි.

එදා ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්විය. ඒ හෙළයා සම්බුදු දහම අනුව ගිය අනලස් ජාතියක් වූ නිසා ය. අපේ මුතුන් මිත්තන්ගේ ඇවතුම්– පැවතුම් චාම් ය.

ජීවිතය සරල ය. අවශ්‍යතා සීමිත ය. ජීවන ගමන සාමකාමී ය. පරිසර හිතකාමී ය. අන්‍යෝන්‍ය උපකාරී ය . උනුන්ට ගෞරවයෙන් යුතු ය.

එකල සූ සැට බරණින් සැරසුණු තරුණ කාන්තාවක් වුව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තනි මග ගිය ද ඇය නිරුපද්‍රිත වූ බව කියැවේ. එවන් විනයවත්, ශෝභමාන සමාජයකට මෙවන් විපර්යාසයක් සිදු වූයේ ඇයි දැයි අප අපවෙතින් ම විමසා බැලිය යුතුව තිබේ.

රටක සමාජ, ආර්ථික, දේශපාලනික ස්වභාවය අනුව එහි වැසියන්ගේ චර්යා ධර්ම ද වෙනස්වීම ස්වභාවයකි. ඒ වෙනස සුබදායී වන්නේ නම් යහපත් ය. තම රට, ජාතිය, ආගම නො හඳුනන තරමට, තමන්ගේ සංස්කෘතිය අමතක වන තරමට, තමන්ට තමන්වත් හඳුනා ගන්නට බැරි තරමට රටක ජනතාව වෙනස් වන්නේ නම් ඒ තුළ ඇති වන්නේ ගැටලුවකි. බිහි වන්නේ අක් මුල් නැති ජාතියකි. මං මුළා වූ ජාතියකි.

එවන් ජාතියකට ඉතිරි වන්නේ මුතුන් මිත්තන් රැක දුන් අභිමානවත් ඉතිහාසයකි. හරසුන් අනාගතයකි.

එදා ගමත් , පන්සලත් අතර නිසි සමීපත්වය තුළ අප ආ ගමන් මග ඉතා ශක්තිමත් විය.

මෙලොවට සේ ම, පරලොවට ද වැඩදායි විය. අහස සිඹින දාගැබ්, සයුරු පරදන මහ වැව්, සෞන්දර්යයෙන් අනූන, එහෙත් ජීවිතයේ යථා ස්වභාවය පෙන්නුම් කරන කලා නිර්මාණ, රසවත් ලෙස බස හැසිර වූ අපේ ම සාහිත්‍යයක් අපට උරුම වූයේ ඒ ශක්තිමත් බවෙහි ප්‍රතිඵලයක් ලෙසට ය.

එවන් කලා කෘතියකින්, සාහිත්‍ය කෘතියකින් අප ලද ආනන්දය අවසන ප්‍රඥාව වෙත ගෙන ගියේ ය. ඒ ප්‍රඥාව ජීවිතයට අපූරු ලෙස ගැළපුණේ ය.

එහෙත් මේ සියල්ල ක්‍රමයෙන් මඟ හරිනු ලැබ අපගේ අනන්‍යතාව විනාශ කර ගනිමින් පැමිණ ආ බවක් හැඟේ.

අද උතුම් පොසොන් පුන් පොහෝ දා අප අධිෂ්ඨාන කරගත යුතු වන්නේ මිහිඳු සංස්කෘතියෙන් අපට ලැබුණු උරුමය රැක ගන්නට ය.

විශේෂයෙන් රටක යහපත හෝ අයහපත තීරණය කරන ප්‍රධාන සාධකය එහි නායකත්වයයි. දූර දර්ශී නායකයෙක් වේ නම් රටේ ගමන් මග යහපත් ය. ලක්වැසියන් ලෙස අද අප භාග්‍යවන්ත වී තිබේ. ඒ මිහිඳු මා හිමියන් අපේක්ෂා කළ දහම් මග යමින්, දසරාජ ධර්මයෙන්, සතර සංග්‍රහ වස්තුවෙන් රට කරවන නායකත්වයක් ලැබීමට ය. දේශීයත්වය හා අපේකම ආරක්ෂා කර ගන්නට ඒ නායකත්වයෙහි නිවැරැදි දැක්මක් ඇති බව වර්තමානයේ ආදර්ශයෙන් ම පෙන්වා තිබේ. අපගේ වගකීම ඒ උත්සාහය මල්ඵල ගැන්වීමට දායක වීම ය. ඒ තුළ අපට සුබදායක අනාගතයකට මග විවර වනු ඇත.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]