[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිහින්තලා පුදබිම
සේයාරුව මහේෂ් එරංග

වප් පුර අටවක

සැප්තැම්බර් 29 සඳුදා අ.භා 04.30 පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා 06.03න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

නිවනට මූලික බීජය අකාරවතී ශ්‍රද්ධාවයි

ශ්‍රද්ධාව යනු මේ බුද්ධ ශාසනයේ තිබෙන අතිශයින් සුන්දර දෙයකි. වරක් ධර්මසේනාධිපති වූ, ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ “ගුණයෙන් අග්‍ර වූ ඒ තථාගතයන් වහන්සේ ගැන යම් පැහැදීමක් වේ ද, උපන් චිත්ත ප්‍රසාදයක් වේ ද, පහන් බවක් වේ ද එය ම නිවන පිණිස මූලික අංගයක් වන්නේ ය” යනුවෙනි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ පහන් බව, ප්‍රසාදය, ඒ උතුම් අවබෝධය අදහා ගන්නා බව ශ්‍රද්ධාව යි. නමුත් අද බොහෝ දෙනා ශ්‍රද්ධාව පටලවාගෙන තිබේ. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධා දෙකක් තිබේ. අමූලිකා ශ්‍රද්ධාව යනු මුලක් නැති, වහා හටගන්නා, ආවේග ස්වරූපයෙන් එන පැහැදීම යි. ඉල්පෙන බවත්, කරුණුූ නො විමසන බවත් එහි තිබේ. එහි විපාක නැත්තේ නොවේ. නමුත් නුවණ නම් නූපදව යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිර ව පිහිටුවන්නට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය දන්නේ නැත්නම්, අවබෝධයක් නැතුව පහදින, ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තිබෙන්නේ, ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ නෑ.” ඒ නිසා යමක් දුටු පමණින්, ඇසූ පමණින් ඒ මාත්‍රයෙන් ම සිතට එන ආවේගය ශ්‍රද්ධාව විදිහට තේරුම් ගැනීම නුවණට හුරු නොවේ. අයෙක් සෑම දිනම බුද්ධ පූජාව පූජා කරයි. දිනක් අතපසු වුණොත් බිය වේ. එහිදී පූජාව මිස භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව ගැන ඔහුගේ හිතේ පහන් බවක් නැත. එය අමූලිකා ශ්‍රද්ධාව යි. තවත් අයෙක් බෝධීන් වහන්සේ අතපත ගෑමට, එහි කොඩි එල්ලීමට, සිවුරු පෙරවීමට, පඬුරු ගැටගැසීමට පි‍්‍රයවෙත්. එනමුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතැන වැඩ සිටියා නම් මෙය සුදුසු දැයි අමතක වේ. ඒ ශ්‍රද්ධාව ද නුවණට උපකාර දැයි විමසනු වටී. මහ බෝ - මහ සෑ අනේක මලින් සරසා, අනේක පූජාවන් පවත්වා, අනේක දෙයින් විසිතුරු කරන්නට අයෙක් මනාප වෙති.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවනට වැඩි ශ්‍රී මිහිඳු පුර අටවක පෝය අදයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙස උපත ලබා, වැඩිහිටියකු බවට පත් ව අභිනිෂ්ක්‍රමණය කර දුෂ්කර ක්‍රියා කොට සම්බුද්ධත්වය ලබා, මහාපරිනිර්වාණයට පත්වීම නිසා වෙසක් පොහොය ලෝකවාසී සමස්ත බෞද්ධ මහජනතාවට සුවිශේෂ දිනයකි. එපරිද්දෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඒ හා සමාන ව වැදගත් වන තවත් පොහොය දිනයක් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය යි. මෙදින මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර ලංකාවාසීන්ට සම්බුද්ධ දේශනාව දායාද කරමින් මහා සංස්කෘතියක්, මෙලොව සහ පරලොව ජය ගත හැකි අභිනව මාවතක් මෙරට වැසියන්ට විවර කර දුන්නහ. රාජරාජ මහාමාත්‍යවරුන් මෙන් ම රටවැසියා ද මිහිඳු හිමියන්ට අනුගත වෙමින් මේ නව මාවතේ ගමන් කරන්නට වූහ. මේ නිසා තමන්ට කළ උපකාරයට කෘතගුණ සැලකූ මෙරට බෞද්ධ ජනතාව උන්වහන්සේ ‘අනුබුදු’’ නාමයෙන් හඳුන්වන්නට වූහ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි කොට සැලකූහ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල යෙදෙමින් කටයුතු කරන්නට පටන් ගත්හ. මිහිඳු පෙරහර, දන්සැල් පැවැත්වීම, සීල සමාදාන වැඩසටහන් ආදිය ප්‍රමුඛ කොට ගත්හ. පොසොන් පොහෝ දින හෙළදිවට වැඩම කොට චුල්ලහත්ථිපදෝපම සුත්ත දේශනාව දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස වෙත දේශනා කිරීම පළමු ධර්ම දේශනාව ලෙසත්, උන්වහන්සේගේ පිරිනිවීම මහා පරිනිර්වාණයක් ලෙසත් සැලකීමට පුරුදු වූහ. මේ නිසා ම මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවුණු වප් මස පුර අටවක දිනය ද ලංකාවාසී බෞද්ධයන්ට සුවිශේෂ දිනයකි. ලංකාවට වැඩම කරන විට අවුරුදු තිස් දෙකක වයසක පසුවූ මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වන්නේ අවුරුදු අසූවේ දී ය. දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකාව දක්වන කරුණුවලට අනුව උන්වහන්සේ මෙරට අවුරුදු හතළිස් අටක් වැඩ වාසය කර ඇත. උත්තිය රජතුමාගේ අටවැනි රාජ්‍ය වර්ෂයේ දී උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ බව මහාවංසය වාර්තා කර තිබේ.

 

නිවැරැදි අවබෝධයෙන් ජීවිතයේ ආලෝකය දකින්න

උතුම් මිනිසත් බව ලැබූ අපි සැබැවින්ම මහත් භාග්‍යවන්තයෝ වෙමු. ඒ අන් කිසිවක් නිසා නොව බුද්ධෝත්පාද කාලයක උපත ලැබීමට තරම් වාසනාව ලැබීමයි. මෙලෙස දුර්ලභ ව ලැබූ මිනිසත් බව සැබෑ ලෙස ම අර්ථසම්පන්න කර ගැනීමට ඉවහල් වන බොහෝ කරුණුූ අපගේ ජීවිතය තුළින් ගොඩනැඟිය යුතු වේ. යහපත් ගුණධර්ම, ආකල්ප නොමැති දිවිය දිනෙන් දින පරිහානිය කරාම ගමන් කරන බව බුද්ධ දේශනාවේ දක්වා ඇත. මෙකී සාධක ඔස්සේ විමසා බලන කල පැහැදිලි බව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව විනාශ කර ගන්නා අයුරු නූතන සමාජය තුළින් දැකිය හැකි ප්‍රධානම කරුණකි. “කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං - කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” ඉහත බුද්ධ දේශනාව තුළින් දැක්වෙන කරුණුූ 04කි. එනම් මිනිසත් බව ලැබීම, මනුෂ්‍ය දිවියක් ලැබීම, සද්ධර්ම ශ්‍රවණය කිරීම, බුද්ධෝත්පාද කාලයක ඉපදීම යනුයි. මෙම කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන් මිනිසත් බව ලැබූ අප සැවොම මහත් භාග්‍යවන්තයෝ වන්නේ බුදු මුවින් දේශිත දුර්ලභ කාරණා හතරක් ම ලැබීමට අප බොහෝ පින්කර ඇති නිසාවෙනි. සසර සත්ත්වයා කොතරම් මිනිසත් බව ලැබුව ද අංග සම්පූර්ණ මිනිසෙක් ලෙස ඉපදීමට බොහෝ පින් කළ යුතු ය. නොමැති නම් නොයෙක් ආබාධ, ලෙඩ රෝග ආදියෙන් යුතු ව ඉපදීම සඳහා හේතු වේ. මේ නිසා පංචේන්ද්‍රියයන්ගෙන් යුත්, අංග සම්පූර්ණ දිවියක් ලැබීම මහා කුසල කර්මයක ප්‍රතිඵලයකි. නොමැති නම් මුළු දිවිය පුරාම බොහෝ දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය සාධකයකි. “කිච්ඡං මච්චාන ජීවිතං” යනුවෙන් දක්වන්නේ මිනිස් ආත්මයක් ලැබුව ද සැබෑ ගුණ ධර්මයන්ගෙන් යුත් අංග සම්පූර්ණ ලෙස ජීවත්වීම දුර්ලභ කරුණක් බවයි. ඒ බවට නූතන සමාජ පරිහානිය අපට බොහෝ සාක්ෂි සපයනු ඇත. අංගුත්තර නිකායේ තික නිපාතයේ දී මිනිස් බව ලබා දිවි ගෙවන පුද්ගලයා කොටස් තුනකට බෙදා දක්වා ඇත.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]