ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් පුර අටවක පෝදා 2025 සැප්තැම්බර් 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දැලිවල කොටවෙහෙර
සංස්කෘත භාෂාවෙන් ස්තූප ලෙස හඳුන්වන නිර්මාණය පාලියෙන් ථූප ලෙස ද, සිංහලයෙන් තුබ, තුඹ ලෙස ද හඳුන්වනු ලැබේ. සිංහල දාගැබ යන වචනය සංස්කෘත ධාතු ගර්භ, පාලි ධාතු ශබ්ද ඔස්සේ බිඳී ආවක් බව පෙනේ. ස්තූප යන්න පර්යාය වචනයක් වූ වෙහෙර යන්න පාලි විහාර යන්නෙන් සිංහලයට පැමිණ ඇත. මෙසේ විවිධ පර්යාය නාමයන්ගෙන් හඳුන්වනු ලබන ස්තූපය අශෝක රජුගේ බුදුදහම ව්‍යාප්ත කිරීමේ ප්‍රචාරක වැඩ පිළිවෙළෙහි ප්‍රධාන අංගයක් විය. වෙහෙර විහාර විශාල සංඛ්‍යාවක් රාජ්‍යයේ පිහිටුවා ජනතාව බෞද්ධාගමික ප්‍රබෝධයෙන් නංවාලීමට අශෝක රජු උත්සාහ කරන්නට විය. මෙතුමාගේ මෙම ධර්ම ප්‍රචාරක කටයුතු නිසා බුදු දහම ප්‍රචලිත වත්ම ධාතු වන්දනාව හා ස්තූපය පිළිබඳ අදහස භාරතය තුළ මෙන් ම භාරත දේශ සීමාවෙන් පිටතට ව්‍යාප්ත ව ඒ ඒ රටවල පවත්නා ආගමික සංස්කෘතික සන්දර්භයන් ඔස්සේ වාස්තු විද්‍යාත්මක කලා නිර්මාණයක් බවට පත්විය. ලක්දිවට බුදුදහම පැමිණීමත් සමඟ මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වයෙන් දෙවනපෑතිස් රජුගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිවුණූ ථූපාරාමය තත්කාලීන ව චෛත්‍යයක පැවතිය යුතු වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් ඉදිවන්නට විය. සාහිත්‍ය මූලාශ්‍රගත තොරතුරු අනුව බුදුන් වහන්සේ වැඩ විසූ සමයේ ම මහියංගණය හා ගිරිහඬු සෑය යන ස්තූපයන් ඉදිකළ බව සඳහන් වුවත් පුරාවිද්‍යාත්මක ව ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීමට තරම් කරුණු නොමැති නිසා ථූපාරාමය මෙරට ඉදිවු පැරණිතම ස්තූපය ලෙස සැලකේ. දැලිවල කොටවෙහෙර ද ඊට සමකාලීනව ම දේවානම්පියතිස්ස රජු විසින් ම නිර්මාණය කරන ලද දාගැබක් ලෙස විශ්වාස කරනු ලැබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර දෙවනපෑතිස් රජ සමයේ දී පිහිටි කන්දක් සැස එම කන්ද ආවරණය වන ලෙස ගඩොල් බැඳ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියට ඡත්‍ර නංවා නිර්මාණය කර ඇති බවට මත තිබේ.
සැප්තැම්බර් 29 සඳුදා අ.භා 04.30 පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා 06.03න් ගෙවේ. 29 සඳුදා සිල්
පුර අටවක
සැප්තැම්බර් 29
පසළොස්වක
ඔක්තෝබර් 06
අව අටවක
ඔක්තෝබර් 13
අමාවක
ඔක්තෝබර් 20
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]