[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නිවනට මූලික බීජය අකාරවතී ශ්‍රද්ධාවයි

ශ්‍රද්ධාව යනු මේ බුද්ධ ශාසනයේ තිබෙන අතිශයින් සුන්දර දෙයකි. වරක් ධර්මසේනාධිපති වූ, ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ “ගුණයෙන් අග්‍ර වූ ඒ තථාගතයන් වහන්සේ ගැන යම් පැහැදීමක් වේ ද, උපන් චිත්ත ප්‍රසාදයක් වේ ද, පහන් බවක් වේ ද එය ම නිවන පිණිස මූලික අංගයක් වන්නේ ය” යනුවෙනි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ පහන් බව, ප්‍රසාදය, ඒ උතුම් අවබෝධය අදහා ගන්නා බව ශ්‍රද්ධාව යි. නමුත් අද බොහෝ දෙනා ශ්‍රද්ධාව පටලවාගෙන තිබේ. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධා දෙකක් තිබේ. අමූලිකා ශ්‍රද්ධාව යනු මුලක් නැති, වහා හටගන්නා, ආවේග ස්වරූපයෙන් එන පැහැදීම යි. ඉල්පෙන බවත්, කරුණුූ නො විමසන බවත් එහි තිබේ. එහි විපාක නැත්තේ නොවේ. නමුත් නුවණ නම් නූපදව යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිර ව පිහිටුවන්නට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය දන්නේ නැත්නම්, අවබෝධයක් නැතුව පහදින, ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තිබෙන්නේ, ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ නෑ.” ඒ නිසා යමක් දුටු පමණින්, ඇසූ පමණින් ඒ මාත්‍රයෙන් ම සිතට එන ආවේගය ශ්‍රද්ධාව විදිහට තේරුම් ගැනීම නුවණට හුරු නොවේ. අයෙක් සෑම දිනම බුද්ධ පූජාව පූජා කරයි. දිනක් අතපසු වුණොත් බිය වේ. එහිදී පූජාව මිස භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව ගැන ඔහුගේ හිතේ පහන් බවක් නැත. එය අමූලිකා ශ්‍රද්ධාව යි. තවත් අයෙක් බෝධීන් වහන්සේ අතපත ගෑමට, එහි කොඩි එල්ලීමට, සිවුරු පෙරවීමට, පඬුරු ගැටගැසීමට පි‍්‍රයවෙත්. එනමුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතැන වැඩ සිටියා නම් මෙය සුදුසු දැයි අමතක වේ. ඒ ශ්‍රද්ධාව ද නුවණට උපකාර දැයි විමසනු වටී. මහ බෝ - මහ සෑ අනේක මලින් සරසා, අනේක පූජාවන් පවත්වා, අනේක දෙයින් විසිතුරු කරන්නට අයෙක් මනාප වෙති. ඒ පූජාවන් පිදීම මිස බුදු ගුණ සිහිකිරීමට හෝ ධර්මය සජ්ඣායනා කිරීමට අවස්ථාවක්. කාලයක් නො එළඹෙයි. ඒ පූජාවන් පිදීමට බාධාවක් පැමිණයහොත් ඔවුහු කිපෙති. හඬති. වැලපෙති. ශාප කරති. මේ ශ්‍රද්ධාව ද නුවණ මේරීමට උපකාර දැයි විමසනු වටී. පහන් සිතට විපාක ගෙන දේ. විමසීමෙන් නුවණ ගෙන දේ. ඉඩකඩ අනුව සුළු උදාහරණ කිහිපයකි දැක්වූයේ. විමසා ධර්මය තුළින් උපදින පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාව යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නුවණින් විමසීම ගැන ප්‍රශංසා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ වීමංසක දහම් දෙසුමේ දී මෙසේ වදාළ සේක.


වප් පුර අටවක

සැප්තැම්බර් 29 සඳුදා අ.භා 04.30 පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා 06.03න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]