[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝහණ මහා සෑය
රෝහණ විහාරය පෑලියගොඩ

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණය ඇරඹෙයි

ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානයේ පිහිටි පුරාවිද්‍යා නටබුන් කැණීම් සිදු කිරීම හා සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධාලෝක පදනම සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා එළඹිණි. ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග සහ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු විසින් අත්සන් තබන ලදී. 2021 වර්ෂයේ ජනවාරි 18 වැනි දින මෙහි පිහිටි ස්ථූප ගොඩැල්ලේ කැණීම් කටයුතු අවසන් කර ඉස්මතු වූ ස්ථූපයේ සංරක්‍ෂණ කටයුතු 2021 මැයි 11 වන දින ආරම්භ කෙරුණි. මෙම ගිවිසුමට අනුව බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහයෙන් චෛත්‍ය සංරක්‍ෂණ කටයුතුවලට අමතරව පබ්බත විහාර සංකීර්ණයේ පිහිටි පිළිම ගෙය, බෝධිඝරය හා උපෝශථාගාරයේ කැණීම් සිදු කිරීම හා සංරක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

කොත් පැළඳවීමේ පින්කමක්

මාතර ඇහැළකන්ද ශ්‍රී ජිනරතන මේධාලංකාරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද සෑ රදුන්ගේ කොත් පැළඳවීමේ පින්කම පසුගිය 14 වැනි දින සිදු කෙරිණ. 13 වන දින ගොමිල ශ්‍රී නාගබෝධි විහාරස්ථානයේ සිට කොත්වහන්සේ සහ චෛත්‍ය ගර්භයේ තැන්පත් කරන ධාතූන් වහන්සේලා රන්සිවි ගෙයක තැන්පත්කර පෙරහරකින් ශ්‍රී මේධාලංකාරාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී. රාත්‍රියෙහි පරිත්‍රාණ ධර්‍ම දේශනාවක් පවත්වා , පසුදින චෛත්‍ය ගර්භයෙහි නිදන් තැන්පත් කිරීම සිදු කළේය. එදිනම කොත් වහන්සේ ස්ථාපනය විය. අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත විහාර මන්දිරයට සහ ගණ්ඨාර කුළුණට මුල්ගල් තැබීම ද සිදු විය.මොරටුව කටුබැද්ද පදිංචි නිශාන්ත අතුකෝරළ යුවල ගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය ඉදිකර තිබේ. මල් ආසනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ දායකත්වය මත ඉදිකර ඇත. මොරවක්කෝරළයේ ප්‍රධාන සංඝනායක ගොමිල ශ්‍රී නාගබෝධි විහාරය, ඇහැළකන්ද ශ්‍රී මේධාලංකාරාරාමය උභය විහාරාධිපති තලපත්කන්දේ ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්විණ.

 

දන් දෙන අයට පරිභව කළොත් විපාකය බරපතළයි

වස් කාලය එළඹෙත්ම භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා වස්කාලය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයා ගමන් ආරම්භ කළහ. රමණීය වන පෙදෙසකට වැඩම කළ භික්ෂූන් වහන්සේලා රාත්‍රී කාලය එහි ගත කොට පසු දින උදෑසන අසල ගමකට පිඬු සිඟා වැඩම කළහ. එ ගම් වැසියෝ පේශකර්මාන්තයේ නියැළුණු හ. එගම් වැසි සැදැහැවත් ජනතාවගෙන් භික්ෂූන් වහන්සේ වස් විසීමට ආරාධනා ලැබූහ. ඒ ගම පවුල් එකොළසකි. ඒ අනුව වස් විසීමට ආරාධනය කළ ගම් වාසීහු එක එක නමකට උවටැන් කිරීමට ද භාර ගත්හ. ගම් දෙටුවා දෙනමකට උපස්ථානයට පොරොන්දු විය. ජ්‍යෙෂ්ඨ පේශකාරයාගේ භාර්යාව ශ්‍රද්ධාවේ නොපිහිටි ඇත්තියකි. මිසදිටු ය. තෙරුවනට ගරු නොකරන්නී ය. භික්ෂු සංඝයා වහන්සේට උපස්ථාන නො කරන්නීය. පේශකාර තෙම පළමු බිරියගේ නැඟණිය තම නිවසට ගෙන්වා ගෙන සියලු දෑ ඇයට පවරනු ලැබීය. වස් අවසානයේ භික්ෂු සංඝයා වහන්සේට දක්ෂිණාවක් පිරි නැමීය. සිව්රු පිරිකර ද පිරි නැමීය. එය නොරිස්සූ පළමු බිරිඳ තම ස්වාමිපුරුෂයාට දෝෂාරෝපණය කළා ය. සංඝයා වහන්සේට ආහාරපාන දෙන ඔබට පරලොව දී ලැබෙන ආහාරපාන මළ මූත්‍ර සැරව වේවායි ද කීවා ය. ජ්‍යෙෂ්ඨ පේශකාර තුමා දානාදී පින්කම් කොට මිස පරලොව ගොස් වින්ධ්‍යා පර්වතය අසල මහත් වූ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් ව ඉපදුණේ ය. ඔහුට සිතූ දෑ පහළ විය.

 

මෙත් සිතේ බලයෙන් ඇසට නොපෙනෙන සත්වයෝ ද සැනසෙති

එදා සිරිලක් මාතාව දේශ දේශාන්තරයන්හි පතළ කිතුගොස් ඇතිව වැජඹුණා. ඒ බුදුදහමේ ආභාසයෙන් ස්වකීය ආධ්‍යාත්මය මොනවට සකසාගත් හෙළයන් නිසාවෙන් ම ය. එදා හෙළ දිව හෙළයෝ පිරුණු මෙත් සිත් ඇති සත්පුරුෂයෝ වූහ. එනිසාම සිරිලක කිතුගොස ලොවැ දසත දලුලා වැඩුණි. අහස් කුස නැඟී බබළන ක්ෂීර පැහැ දාගැබ ද, ශීලාදීි ගුණ යුතු මහ තෙරවරුන්ගේ කාෂාය පැහැ චීවරය ද , සිරිලක් මාතාවගේ ගුණ වරුණ ලොවැ දසත පතළ වීමට මහෝපකාරි විය. මෙබඳු ගුණ ඝෝෂයක් ලොවැ පැතිරෙද්දී දඹදිව මහා පොහොසතෙක් සිය යස ඉසුරු සම්පත් හැම හැර දමා ආධ්‍යාත්මික සුව සහනය පතා නැව් නැඟී ලක්දිව අවුත් අනුරාධපුර මහා විහාරයට පිය මැන්නේ ය. ඒ මහා විහාරයීය මහතෙරුන් වෙතින් පැවිද්ද ලබා ගැනීමට ය. පැවිදිව උපසම්පදා වූ මේ විශාක හාමුදුරුවෝ එක්තරා ව්‍රතයක් සමාදන්වැ සිටියහ. එනම් එක අරමක සාර මසක් පමණක් විසීමේ ව්‍රතය යි. මහණදම, සිල්ගුණ අබමල් රේණුවකින්වත් නොසිඳගත් මේ ස්වාමින් වහන්සේ දවසක් සිතුල්පව් වෙහෙරට වඩිනට පා ගමනින් පැමිණ දෙමංසලක දී , වෙහෙරට කුමන මඟින් යා යුතු දැයි සිතත්ම අසල ගසක විසූ දෙවියෙක් වෙහෙරට යන මඟ මෙය යැයි අත දිගුකර පෙන්වා නෙපෙනී ගියේ ය. එදා මේ හාමුදුරුවෝ සාර මසක් සිතුල්පව් වෙහෙරේ ශීලාදී ගුණ පුරමින් ගතකර තමන් වහන්සේගේ ව්‍රතය සිහිකර දැන් සිතුල් පව්වෙන් නික්මීමට කාලය යැයි දැන හෙට දවසේ අලුයම සිතුල්පව්වෙන් පිටත්වීමට තීරණය කළේ ය. ගත වූයේ මඳ වේලාවකි. කෙනකු අඬන හඬ ඇසී ඒ කවරෙක්දැයි පිරික්සා බලන කල තම කුටිය නුදුරෙහි ඇති මිනිහෙල ගසේ රුක් දෙවියා එසේ අඬන බව දුටුවහ. ඊට හේතු ඇසූ කල්හි " පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ සිතුල්පව් පින්බිමෙන් වඩින බව දැන දුකට පත්වැ සන්තාපයෙන් හැඬූ වෙමි.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]