[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණය ඇරඹෙයි

කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණය ඇරඹෙයි

ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානයේ පිහිටි පුරාවිද්‍යා නටබුන් කැණීම් සිදු කිරීම හා සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධාලෝක පදනම සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා එළඹිණි. ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග සහ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු විසින් අත්සන් තබන ලදී.

2021 වර්ෂයේ ජනවාරි 18 වැනි දින මෙහි පිහිටි ස්ථූප ගොඩැල්ලේ කැණීම් කටයුතු අවසන් කර ඉස්මතු වූ ස්ථූපයේ සංරක්‍ෂණ කටයුතු 2021 මැයි 11 වන දින ආරම්භ කෙරුණි. මෙම ගිවිසුමට අනුව බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහයෙන් චෛත්‍ය සංරක්‍ෂණ කටයුතුවලට අමතරව පබ්බත විහාර සංකීර්ණයේ පිහිටි පිළිම ගෙය, බෝධිඝරය හා උපෝශථාගාරයේ කැණීම් සිදු කිරීම හා සංරක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

මුලතිව් තන්තිරිප්පු රක්‍ෂිතයේ කුරුඳුමලේ වැවට මැදිව ඇති උස්බිම් ප්‍රදේශයක ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානය පිහිටා ඇත. මේ පුරාවිද්‍යා ස්ථානය මුල් ඓතිහාසික යුගයේ (ක්‍රි.ව. 1 සහ 2 යන සියවස් වල) ඉදි වූ ආරම්භක නටබුන් සහිත ස්ථානයකි. මහාවංශය මෙම ස්ථානය කුරුන්දක, කුරුන්ඥා පාසකල වශයෙන් ද, 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාලන වාර්තාවේ කුරුන්දන්මලේ වශයෙන් ද හඳුන්වා ඇත.

වනගත භූමියක පිහිටා ඇති මෙහි නටබුන් විහාරාරාම සංකීර්ණය කිලෝ මීටරයකට වඩා සීමාවක් තුළ පැතිර ඇත. ඒ අතර පැරැණි ස්තූපයක් ඇතුළු ගොඩනැඟිලි රැසක් ද, පොකුණක් හා වට ප්‍රාකාරයක කොටස් ද, මුල් ඓතිහාසික යුගයට අයත් පෞරාණික කැටයම් සහිත සඳකඩ පහනක්, කොරවක් ගල් හා ගල් කණු මෙම භූමිය පුරා විසිරී ඇත.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]