[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විවේචනයට බය ද?

විවේචනයට බය ද?

නැඟී එන ගායකයකු තම සංගීත ගුරුවරයා හමුවී පැවසුවේ “හැමෝම මා විවේචනය කරනවා. දැන් මට සංගීතය කරල එපා වෙලා” යනුවෙනි. ගුරුවරයා මොකුත්ම නොකියා තමන්ගේ කෞතුකාගාරයට ගියා. එහි ලෝක ප්‍රකට සංගීතඥයන් වුණා. බීතෝවත්, මයිකල් ජැක්සන්, එල්විස් ප්‍රෙස්ලි, කේමදාස මාස්ටර් මෙන්ම අමරදේවයන්ගේ ද පිළිම එහි තිබුණා. මෙම පිළිම පෙන්වා සංගීත ගුරුවරයා ගායකයාට මෙසේ කිව්වා.

“මේ හැමෝම ජීවත් වෙලා ඉන්න කාලේ ගොඩක් විවේචනයට ලක්වුණ අය. හැබැයි මේ අය විවේචනය කරපු අය වෙනුවෙන් එක පිළිමයක්වත් හදල නෑ.”

ලෝකයේ පිළිම නිර්මාණය කළේ වැඩියෙන්ම විවේචනයට ලක්වුණ පුද්ගලයන් වෙනුවෙන් මිසක ඔවුන් විවේචනය කළ අය වෙනුවෙන් නොවෙයි. ඒ නිසා විවේචනයට බය වෙන්න එපා.

සේලෝ යථා ඒකඝනෝ
වාතේනන සමීරති
එවං නින්දාපසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා

තනි කළුගල් පර්වතයක් කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නෙ නෑ. නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප්‍රශංසාවලට සෙලවෙන්නෙ නෑ.

උපදේශය

විවේචනයට ස්තුතිවන්න. විවේචනවලින් ජීවිතයට යමක් ඉගෙන ගන්න. විවේචනය කරන්නාට අනුකම්පා කරන්න.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]