ආරක්ෂාව කියන්නේ ජීවිතයේ හැම කාලයට ම අත්යවශ්ය දෙයක්. ආරක්ෂාව උදෙසා මේ ලෝකේ මිනිසුන් කෙතරම් දේ කරනවා ද? නමුත් සාමාන්යයෙන් මිනිසුන් හිතන්නේ මේ ජීවිතයේ ආරක්ෂාව හදා ගන්නේ කොහොමද කියලා විතරයි.
තමන් නිරෝගී, උගත්, ධනවත්, බලවත්, හොඳ සමාජ තත්ත්වයක් ඇති ජීවිතයක් හදාගත්තොත් ජීවිතය ආරක්ෂිතයි කියන අදහසයි සාමාන්ය අපට තිබෙන්නේ.
නමුත් ඒ කිසිවක් මරණය සමීපයේ් හෝ ඊළඟ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් හෝ හේතු වන්නේ නැහැ. එසේ නම් බුද්ධිමත් මනුස්සයා හදාගත යුතු හොඳම ආරක්ෂාව කුමක් ද?
ජීවිත ආරක්ෂාව පතා විවිධ දේ අප තෝරා ගන්නවා. අපි හැමෝගේ ම ජීවිතයේ් තිබෙන්නේ තෝරා ගැනීම් ගොඩක්. කුඩා කාලයේ සිට ම අපි බොහෝ දේ තෝරා ගත්තා. ඇතැම් තෝරා ගැනීම් වැළඳ ගත්තත් ඇතැම් තෝරාගැනීම් පසුව ප්රතික්ෂේප කළා. මේ සෑම තෝරා ගැනීමක් ම යහපත් හා අයහපත් ලෙස කොටස් දෙකකට බෙදන්න පුලුවන්. අයහපත් තෝරා ගැනීම් ජීවිතය විපත කරා ගෙන යනවා. යහපත් තෝරා ගැනීම ජීවිතය සුවපත් වෙන්නට හේතු වෙනවා. එනිසා සාමාන්ය ජීවිතයේ තෝරා ගැනීම වුවද අප හොඳ සිහිකල්පනාවකින් සහ මනා බුද්ධියකින් කළ යුතු වෙනවා.
නයනා