මහනුවර ගෙඩිගේ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - ශාන් රූපස්සර

බක් අව අටවක

 අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58
අව අටවක ලබා 21 සඳුදා
අ.භා. 06.55 න් ගෙවේ.
21 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

ලෝක බෞද්ධ උරුමයේ සංකේතය ලෙස සම්භාවනාවට පාත්‍ර වූ උතුම් දළදා වහන්සේ

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවේ කෝෂ්ඨාගාරය යි. දළදා ගමනය හුදෙක් ආගමික වශයෙන් පමණක් නොව සංස්කෘතික, දේශපාලනික හා සාමාජීය වශයෙන් ද ප්‍රබෝධයක් ඇති කළ ඓතිහාසික සංසිද්ධියකි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජසමයේ පටන් “එනම් ක්‍රි.ව. 301 - 328 සිට අද්‍යතන යුගය දක්වා ම ශ්‍රී ලාංකේය සමාජ විඤ්ඤාණයේ නියාමක බලය බවට ශ්‍රී දළදා වහන්සේ පත්ව ඇත. ලෝක බෞද්ධ උරුමයේ අසහාය සංකේතය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලාංකේය රාජ්‍යත්වයේ සංකේතය ලෙස ජන විඤ්ඤාණය තුළ ස්ථාපිත වීම තුළින් ලාංකේය බෞද්ධ සංස්කෘතික හරපද්ධතිය පෝෂණයෙහි ලා ලබා දී ඇති දායකත්වය අනල්ප ය. මහසෙන් රජුගෙන් පසු රාජ්‍ය පදවිප්‍රාප්ත සිරිමේඝවණ්ණ හෙවත් කිත්සිරිමෙවන් රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී එනම් ක්‍රි.ව. 371 දී කාලිංග දේශාධිපතිගේ දූ කුමරිය හා බෑණනුවන් විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ තැන් (ම.ව. 37.92) පටන් ම ශ්‍රී ලාංකේය සංස්කෘතිය වෙත ආගමික වශයෙන් සුවිසල් බලපෑමක් එල්ල කළේ ය. අනුරපුර යුගය තුළ දේශපාලන සංස්ථාව කෙරෙහි වක්‍රව දළදා වහන්සේගේ බලපෑම් ලැබී ඇති බව ඉතිහාසය සමීක්ෂණයක දී අවබෝධ කර ගත හැකි ය. අනුරපුර අවධියේ රජවරුන්, ඇතුළුනුවර ම දළදා මාළිගය නිර්මාණය කරමින් එහි ආරක්ෂාව සලසාලුයේ දළදා වහන්සේගේ රැකවරණය තමන් වෙත පැවරී ඇතැයි සිතූ හෙයිනි. දළදා වහන්සේගේ පිළිවෙත් භාරව සිටි අභයගිරිය වෙත මහා විහාරයට සමානව ම ගරු සත්කාර කිරීමෙන් අනුරපුර රජවරු බලාපොරොත්තු වූයේ තම රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට දළදා වහන්සේ භාරව සිටි අභයගිරියේ අනුග්‍රහය යි. මහා විහාරයේ ප්‍රබල දායකයකු වූ ධාතුසේන රජු මහා විහාරයේ මූලස්ථානයක් වූ අම්බස්ථලය අභයගිරියට පවරා දීමට ක්‍රියා කළේ දළදා වහන්සේ නිසා අභයගිරියට ලබා තිබූ ජනපි‍්‍රයත්වයට පිටු පෑ නොහැකි බැවිනි.

අකාලික මුනි දහමේ අසිරිය

ඒ දිනවල අනුරුද්ධ ස්වාමීන් වහන්සේත්, නන්දිය ස්වාමීන් වහන්සේත්, කිම්බිල ස්වාමීන් වහන්සේත් වාසය කළේ ගෝසිංග නම් වූ සල් වනයක. එහි වැඩිය භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා. “පින්වත් අනුරුද්ධ, කොහොම ද සමඟිය එහෙම? සමඟිව සතුටින් වාද විවාද නැතුව ඉන්නවා නේද? එකිනෙකා කිරියි වතුරයි වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා නේ ද?” “ඇත්තෙන් ම ස්වාමීනි, අපි සමඟියෙන් ඉන්නේ. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කර ගන්නේ නෑ. කිරියි, වතුරයි එකතු වුණා වගේ අපි එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් තමයි වාසය කරන්නේ.” “පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදිහට ද සමඟි ව ඉන්නේ? සමඟි ව සතුටු වෙන්නේ? වාද විවාද නැතිව ඉන්නේ? කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් ඉන්නේ?” “ස්වාමීනි, මට මේ විදිහටයි හිතෙන්නේ. ‘ඇත්තෙන් ම මට ලාභයක්. ඇත්තෙන් ම මට යහපත් ලාභයක්. මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේ සමඟ එකට ජීවත් වෙන්න වාසනාව ලැබුණා නෙව් කියල. ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ, වැඩසිටියත් නැතත් මෛත්‍රී සහගත වැඩ කටයුතුවලින් ම යුක්තවෙලයි මම ඉන්නෙ. ඒ වගේ ම ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ හිටියත් නැතත් මම මෛත්‍රී සහගත කතා බහෙන්මයි ඉන්නේ. ඒ ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ සිටියත් නැතත් මම මෛත්‍රී සහගත අදහස්වලින් ම යි ඉන්නේ. ස්වාමීනි, මට මෙහෙමත් හිතෙනවා. ‘මගේ හිත අයින් කරල මේ ආයුෂ්මතුන් වහන්සේගේ හිතේ ස්වභාවය ම ඇති කර ගන්නවා’ කියල. ඉතින් ස්වාමීනි, මම මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේ හිතන විදිහට ම හිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.” සම්බුදු රජාණන් වහන්සේගේ ළය මඬලේ උපන් උතුමන් වහන්සේගේ ජීවිත තුළ, මෙත් සිත හා සමඟිය, නිවන් මඟ පිණිස වැඩී ඇති ආකාරය නම් හරි අපූරුයි. කොහොම ද ඒ උතුමන් වහන්සේ සමඟි සම්පන්න ව වාසය කරන්නේ? බලන්න එහි ඇති සුන්දර ධර්මය.

තෙරුවන් සිහිකිරීමේ අනුසස් අප්‍රමාණ ය

මේ මහා භද්‍රකල්පයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර සම්බුද්ධත්වයට පත්වුණේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලයට තමයි මේ කියන්න යන කතාව අයත් වෙන්නේ. ඒ නිසා මේ කතාව ගොඩාක් පරණ එකක්. ඒත් ඒ කථාවෙන් අපට උගන්වන ධර්ම කරුණ නම් තවත් මහා භද්‍රකල්පයක් ගියත් මැකී යන්නේ නෑ. අගය අඩු වෙන්නේත් නෑ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් කසීරට සේතව්‍ය නුවර එ නමින් ම ප්‍රසිද්ධ වූ උද්‍යානයේ දී නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආදාහනයේ දී ශාරීරික ධාතු බෙදා ගත්තාක් මෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු එක් එක් ජන ප්‍රධානීන් හා සිටුවරුන් විසින් බෙදා ගත්තා. දඹදිව වැසියන්ට ලැබුණු ශාරීරික ධාතු තැන්පත් කර රත්රන්, සුවඳ තෙල් හා සුවඳ මැටි ආදිය යොදා ගෙන අලංකාරවත් දාගැබක් ඉදි කළා. ගම්වැසියෝ සුවඳ මලින් නිතර ම දාගැබ් වහන්සේට පුද පූජා පැවැත්තුවා. දෛනික පුරුද්දක් විදිහට හැමදාම උදේටත්, සවසටත්, ඇතැම් අය දවසකට එක් වරක් හෝ සුවඳ මලින් හා සුවඳ දුමින් දාගැබ් වහන්සේට පූජා සත්කාර කළා. මේ ගමේ හැමෝම හරිම ශ්‍රද්ධා සම්පන්න යි. හරිම ධාර්මික යි. කිසිම කෙනෙක් කිසිම කෙනකුට දොස් කියා ගන්නේ නෑ. එකිනෙකාට ගරු සම්මාන කරනවා, හොඳ වචන කතා කරනවා. ප්‍රියමනාප ව හැසිරෙනවා. පිට ගමකින් ආගන්තුකයෙක් මේ ගමට ආවොත් මේ ගම්වැසියන් තුළ තියෙන උසස් ගුණ දහම් දැකලා ඒ අය පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. දිනක් මේ ගමට එනවා නයි නටවලා කීයක් හරි හොයාගෙන හෝ පොඩි කෑමක් හරි ඉල්ලාගෙන හෝ ජීවත් වෙන අහිගුණ්ඨිකයෙක්. මෙයා තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරන්නේ නයි නටවලා ලැබෙන ආදයමින්. දිනක් ගම පුරාම නයි නටවමින් ගියා. දවස අවසානය වෙන කොට මේ අහිගුණ්ඨිකයාට හරිම සරුයි. මිනිසුන් ඇතිවෙන්න කෑම බීම දුන්නා. තව මුදල් වගේම ආහාර ද්‍රව්‍ය එහෙමත් දුන්නා. මේ නයි නටවන්නාට හිතුණා ‘මම මෙච්චර කාලයක් නයි නටවන රස්සාව කරනවා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]