ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් අව අටවක පෝදා 2025 අප්‍රේල් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවේ කෝෂ්ඨාගාරය යි. දළදා ගමනය හුදෙක් ආගමික වශයෙන් පමණක් නොව සංස්කෘතික, දේශපාලනික හා සාමාජීය වශයෙන් ද ප්‍රබෝධයක් ඇති කළ ඓතිහාසික සංසිද්ධියකි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජසමයේ පටන් “එනම් ක්‍රි.ව. 301 - 328 සිට අද්‍යතන යුගය දක්වා ම ශ්‍රී ලාංකේය සමාජ විඤ්ඤාණයේ නියාමක බලය බවට ශ්‍රී දළදා වහන්සේ පත්ව ඇත. ලෝක බෞද්ධ උරුමයේ අසහාය සංකේතය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලාංකේය රාජ්‍යත්වයේ සංකේතය ලෙස ජන විඤ්ඤාණය තුළ ස්ථාපිත වීම තුළින් ලාංකේය බෞද්ධ සංස්කෘතික හරපද්ධතිය පෝෂණයෙහි ලා ලබා දී ඇති දායකත්වය අනල්ප ය. මහසෙන් රජුගෙන් පසු රාජ්‍ය පදවිප්‍රාප්ත සිරිමේඝවණ්ණ හෙවත් කිත්සිරිමෙවන් රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී එනම් ක්‍රි.ව. 371 දී කාලිංග දේශාධිපතිගේ දූ කුමරිය හා බෑණනුවන් විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ තැන් (ම.ව. 37.92) පටන් ම ශ්‍රී ලාංකේය සංස්කෘතිය වෙත ආගමික වශයෙන් සුවිසල් බලපෑමක් එල්ල කළේ ය. අනුරපුර යුගය තුළ දේශපාලන සංස්ථාව කෙරෙහි වක්‍රව දළදා වහන්සේගේ බලපෑම් ලැබී ඇති බව ඉතිහාසය සමීක්ෂණයක දී අවබෝධ කර ගත හැකි ය. අනුරපුර අවධියේ රජවරුන්, ඇතුළුනුවර ම දළදා මාළිගය නිර්මාණය කරමින් එහි ආරක්ෂාව සලසාලුයේ දළදා වහන්සේගේ රැකවරණය තමන් වෙත පැවරී ඇතැයි සිතූ හෙයිනි. දළදා වහන්සේගේ පිළිවෙත් භාරව සිටි අභයගිරිය වෙත මහා විහාරයට සමානව ම ගරු සත්කාර කිරීමෙන් අනුරපුර රජවරු බලාපොරොත්තු වූයේ තම රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට දළදා වහන්සේ භාරව සිටි අභයගිරියේ අනුග්‍රහය යි. මහා විහාරයේ ප්‍රබල දායකයකු වූ ධාතුසේන රජු මහා විහාරයේ මූලස්ථානයක් වූ අම්බස්ථලය අභයගිරියට පවරා දීමට ක්‍රියා කළේ දළදා වහන්සේ නිසා අභයගිරියට ලබා තිබූ ජනපි‍්‍රයත්වයට පිටු පෑ නොහැකි බැවිනි.
අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58 අව අටවක ලබා 21 සඳුදා අ.භා. 06.55 න් ගෙවේ. 21 සඳුදා සිල්
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
පසළොස්වක
මැයි 12
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]