ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් අව අටවක පෝදා 2025 අප්‍රේල් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඒ දිනවල අනුරුද්ධ ස්වාමීන් වහන්සේත්, නන්දිය ස්වාමීන් වහන්සේත්, කිම්බිල ස්වාමීන් වහන්සේත් වාසය කළේ ගෝසිංග නම් වූ සල් වනයක. එහි වැඩිය භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා. “පින්වත් අනුරුද්ධ, කොහොම ද සමඟිය එහෙම? සමඟිව සතුටින් වාද විවාද නැතුව ඉන්නවා නේද? එකිනෙකා කිරියි වතුරයි වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා නේ ද?” “ඇත්තෙන් ම ස්වාමීනි, අපි සමඟියෙන් ඉන්නේ. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කර ගන්නේ නෑ. කිරියි, වතුරයි එකතු වුණා වගේ අපි එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් තමයි වාසය කරන්නේ.” “පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදිහට ද සමඟි ව ඉන්නේ? සමඟි ව සතුටු වෙන්නේ? වාද විවාද නැතිව ඉන්නේ? කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් ඉන්නේ?” “ස්වාමීනි, මට මේ විදිහටයි හිතෙන්නේ. ‘ඇත්තෙන් ම මට ලාභයක්. ඇත්තෙන් ම මට යහපත් ලාභයක්. මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේ සමඟ එකට ජීවත් වෙන්න වාසනාව ලැබුණා නෙව් කියල. ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ, වැඩසිටියත් නැතත් මෛත්‍රී සහගත වැඩ කටයුතුවලින් ම යුක්තවෙලයි මම ඉන්නෙ. ඒ වගේ ම ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ හිටියත් නැතත් මම මෛත්‍රී සහගත කතා බහෙන්මයි ඉන්නේ. ඒ ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ සිටියත් නැතත් මම මෛත්‍රී සහගත අදහස්වලින් ම යි ඉන්නේ. ස්වාමීනි, මට මෙහෙමත් හිතෙනවා. ‘මගේ හිත අයින් කරල මේ ආයුෂ්මතුන් වහන්සේගේ හිතේ ස්වභාවය ම ඇති කර ගන්නවා’ කියල. ඉතින් ස්වාමීනි, මම මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේ හිතන විදිහට ම හිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.” සම්බුදු රජාණන් වහන්සේගේ ළය මඬලේ උපන් උතුමන් වහන්සේගේ ජීවිත තුළ, මෙත් සිත හා සමඟිය, නිවන් මඟ පිණිස වැඩී ඇති ආකාරය නම් හරි අපූරුයි. කොහොම ද ඒ උතුමන් වහන්සේ සමඟි සම්පන්න ව වාසය කරන්නේ? බලන්න එහි ඇති සුන්දර ධර්මය. එහෙනම් අපිත් එකිනෙකාගේ සමඟිය පිණිස, එකිනෙකා සමඟ එකට වාසය කිරීමේ ගුණය ම යි සිතන්න ඕන. තමා ඉදිරියේ සිටියත් නැතත් මෛත්‍රී සහගත ක්‍රියාවෙන්, වදනින්, සිතින්, වාසය කරනවා කියලයි හික්මෙන්න ඕන. එහෙම හැසිරෙන ශ්‍රාවක පිරිසක් සමඟි සම්පන්න ව වාසය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක්.
අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58 අව අටවක ලබා 21 සඳුදා අ.භා. 06.55 න් ගෙවේ. 21 සඳුදා සිල්
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
පසළොස්වක
මැයි 12
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]