ආචාර්ය මඩිහේ සුගතසිරි හිමියන් විසින් රචිත ග්‍රන්ථ දොරට වැඩීම 26 වැනි දා

ආචාර්ය මඩිහේ සුගතසිරි හිමියන් විසින් රචිත ග්‍රන්ථ දොරට වැඩීම 26 වැනි දා

කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයෙහි අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් එළි දැක්වීම උන් වහන්සේ විසින් වාර්ෂික ව සිදුකරනු ලබයි. ඒ අනුව දැනට ශාස්ත්‍රීය වටිනා පොත් පනහකට අධික ප්‍රමාණයක් රචනා කොට ඇත. කථාවත්ථුප්පකරණය හා ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය සඳහා භාවනාව යන කෘති එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 26 වැනි දින සවස 3.00 ට කොළඹ විශ්වවිද්‍යාල නව කලාගාරයේ දී පැවැත්වේ. අති පූජ්‍ය දොඩංගොඩ සිරිකර මහ නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් එම වැඩසටහන පැවැත්වෙන අතර මුඛ්‍ය දේශන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක පූජ්‍ය වටගෙදර විමල බුද්ධි නාහිමි හා නාගානන්ද විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයෙහි පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් සිදුකිරීමට නියමිත ය.

බක් අව අටවක

 අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58
අව අටවක ලබා 21 සඳුදා
අ.භා. 06.55 න් ගෙවේ.
21 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]