[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඡායාරූපය - ගයාන් පුෂ්පික

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමෙයි

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නමයට ම ඒ සාමාර්ථයන් ලබාගෙන උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය නිමවන තුරු ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගිය (19) වෙනිදා කිරිවෙහෙර විහාරස්ථානයේ දී පැවැත්විණි. රුපියල් 5,000 බැගින් අධ්‍යාපන කටයුතු නිමවන තුරු ලබාදීමට නියමිත ය. මෙම අවස්ථාවට තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා ද සහභාගී විය.

ධර්ම දේශනාව:

තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු ය

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා - මනසා චෙ පදුට්ඨෙන - භාසති වා කරොතිවා
තතො නං දුක්ඛ මන්වෙති - චක්කංව වහතො පදං
මනස මූලික වීමෙන් සිතිවිලි උපදී. සිතිවිලිවලට මනස ම ශ්‍රේෂ්ඨ වෙයි. එවිට සිතිවිලි මනෝමය නම් වේ. රාග, දෝස, මෝහ ආදී වූ කෙලෙස් හේතු කොටගෙන හිත කිළිටි වෙයි. එසේ කිළිටි වූ සිතින් කියන කරන දේ දුක් ලැබීමට කාරණා වෙයි. කරත්තයේ බැඳි ගොනාගේ පියවර අනුව කරත්ත රෝද ගමන් ගන්නාක් මෙනි. තමන් කළ කර්ම තමන් පසු පස ගමන් කරයි. “පභස්සර මිදං භික්ඛවෙ චිත්තං තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්ඛිලිට්ඨං” පුද්ගලයාගේ සිත පිළිබඳ ස්වභාවය මේ පාඨයෙන් විස්තර වේ. මහණෙනි, මේ සිත ප්‍රභාස්වර ය. එහෙත් අමුතුවෙන් ඇතුළුවන කෙලෙස් නිසා කිළිටි වෙයි. ළදරු හිත පැහැදිලි ය. පිරිසුදු ය. බැබළෙන සුළු ය. ඒ නිසා නොකිළිටි වූ හිතේ ආලෝකය සිරුර විනිවිද පිටතට ගලා එයි. එබැවින් සියල්ලන්ගේ හිත ළදරුවා වෙත ඇදී යයි. එයට අපි ආදරය යැයි කියමු. එකී ළදරුවා වයසින් මුහුකුරා යනවාත් සමඟම ආශාව, තරහව ආදි අපිරිසුදු චෛතසික සිතේ පහළ වෙයි. එවිට සිත කිළිටි වී යයි. ඒ සමඟම ලෝකයාගේ හිත් බැඳ ගන්නා ශක්තිය ක්‍රමයෙන් ළදරුවා තුළින් ඉවත්ව යයි. ඇතැම් බාල වයසේ ළමයින්ට ජාති ස්මරණ ඥානය පහළවන හැටිත්, අවුරුදු කීපයකින් පසු ඒ ශක්තිය ඉවත්ව යන බවත් අපි දනිමු. පුද්ගල සන්තානයෙහි, පුද්ගලයා විසින් භවයෙහි දී එක් රැස් කරන ලද අකුසල් තැන්පත්ව පවතී.

 

අවංක සිතින් මව්පියන්ට උපස්ථාන කරනවා නම් ආයු වර්ණ සැප බල ලැබෙනවා

මවට පියාට උපස්ථාන කිරීම උතුම් ම පින්කමකි. හැදූ වැඩූ මව්පිය දෙපළ අපට ලොව ඇති උතුම් ම වස්තුවයි. අප බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ ලෙස මව්පිය උපස්ථානය වර්ණනා කොට ඇත. වැඩි දෙනෙක් මේ පිළිබඳ දැනුවත් වුව ද ක්‍රියාත්මක වීම අතින් ඇත්තේ අඩුලුහුඩුකමකි. අදට වඩා පැරැන්නන් මව්පියන්ට සැලකීම ඉතා ඉහළින් සිදු කොට ඇත. මව්පිය සබඳතාව පිළිබඳ දරුවන්ට අනන්තවත් අත්දැකීම ඇත. ඔවුන්ගේ ජීවිතය පුරාම දරුවන් කළ කී දේ පිළිබඳ නොමැකෙන චිත්‍රයක් ඇඳී තිබේ. ගසේ පැවැත්මට පොත්ත සේ ඔවුනොවුන්ගේ බැඳීම නොවෙනස් ව පවතී. නිසි පරිදි මව්පිය ගුණ හඳුනාගෙන ඇත්නම් කිසිදාක මව්පියන් අතහැර නොයනු ඇත. මව්පියන්ගේ ඒකායන ප්‍රාර්ථනය දරුවන් මව්පියන්ටත් වඩා ඉහළින් සිටිය යුතු බවයි. වර්තමාන සමාජ ක්‍රමය අනුව ඉක්මනින් දරුවන් නොමඟට යන්න ඇති ඉඩකඩ වැඩි ය. ඒ නිසා ඔවුන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු ය. “පුත්තා වත්ථු මනුස්සානං ” යන බුදු වදනට අනුව තමන්ට ඇති එකම වස්තුව දරුවන් ය. කරණීයමෙත්ත සූත්‍රයේ දී, “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ” මව සිය එකම පුතු පණ මෙන් රකින සේ යන කියමන අනුව දරුවන්ගේ වටිනාකම ප්‍රකාශ කර ඇත. ඒ නිසාම තමයි නිතර දරුවන් කෙරෙහි අවධානය යොමු කර, නොමඟට යන මං අවුරා තමන් බලාපොරොත්තු වන දිසාවට යොමු කිරීම මව්පියන් සතු යුතුකමක් ලෙස සලකන්නේ. අප අතර පවත්නා ඉතා බරපතළ වැරැද්දක් වේ. දරුවන් රැක බලා ගැනීම සහ යුතුකම් ඉටු කිරීම දෙස ඇතැම් අය එක්තරා වැරැදි කෝණයකින් බලයි. දරුවන් ලැබෙන්නේ මව්පියන්ගේ අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට යාම නිසා ය.

 

පරිසරයට අභියෝග කළ අයට පාඩමක්

කෙනෙක් තරගයට මෙන් පරිසරය විනාශ කරති. තවත් කෙනක් ඒවාට විරුද්ධ වෙති. පරිසරය රැක ගැනීමේ අරමුණ ඇතිව බොහෝ සංවිධාන දේශීය වශයෙන් මෙන් ම, ජාත්‍යන්තර වශයෙන් ද බිහිවී ඇත. ඒවා අතර සත්ත්ව අවිහිංසාවාදී සංගම්, රුක්රෝපණ ව්‍යාපාර, පරිසර සංරක්‍ෂණ ආදී සංවිධාන බිහි වී ඇත. පසුව පරිසරයේ ඇති වැදගත්කම නිසා ම ලෝකයේ රටවල් වශයෙන් ද එක් වී කටයුතු කිරීමට ඉදිරිපත් වූහ. යම් යම් සම්මූතීන් පවා ඇතිකර ගත්හ. අප රටේ ද රාජ්‍යමය වශයෙන් හා පෞද්ගලික වශයෙන් ද පරිසරය රැක ගැනීමට කටයුතු කරන බොහෝ පිරිසක් සිටිති. පරිසර අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශය ආදී බොහෝ රාජ්‍ය ආයතන මට්ටමින් ද පරිසරය සුරැකීම සඳහා කටයුතු කරයි. පාසල් දරුවන්ට පරිසරය පිළිබඳ ඉගෙනීමට පරිසරය යනුවෙන් විෂයයක් පවා හඳුන්වා දී ඇත. ලෝකයේ පරිසරය පිළිබඳ තොරතුරු සොයන, එය රැක ගැනීමට ක්‍රියා කරන, ඒ සඳහා ම කැප වූ පරිසර විද්‍යාඥයෝ පවා සිටිති.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]