[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2022-04-30

බලාපොරොත්තු සඵල වීමට

කීර්ති, ප්‍රශංසා, ගෞරවය සේ ම සැප සම්පත් බලාපොරොත්තු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ලෝ දහමට අනුව සැම කල්හිම එවැනි බලාපොරොත්තු එක ලෙස ම ඉටු වන්නේ නැත. ලාභය වෙනුවට අලාභය, යසස වෙනුවට අයස, ප්‍රශංසා වෙනුවට නින්දා, සැප වෙනුවට දුක ආදී ලෙස බලාපොරොත්තු කඩවීම වැළැක්විය නොහැකි ය.

එහෙත් තමන් යමක් බලාපොරොත්තු වනවා නම්, ඒ අනුව තමන්ගේ ද චර්යාවන් හසුරුවා ගන්නට කෙනෙක් උත්සාහ ගන්නවා නම් සමාජයෙන් ලැබෙන අපකීර්තිය, නින්දාව ආදී අප අකැමැති ධර්මතාවන් යම් පාලනයකට නතු කර ගැනීමට පුළුවන.

නින්දා ලැබෙන ලෙස ජීවත් වනවා නම් නින්දාවම ලැබීම වැළැක්විය නොහැකි ය. එහෙත් යහපත් හැසිරීම් ඇති යම් කෙනකුට නිරපරාදේ, යමෙක් අස්ථාන චෝදනා, නින්දා අපහාස කිරීමට පුළුවන. ඒ බොහෝ මිනිසුන්ගේ ස්වභාවයයි. එහෙත් ඒ නින්දා අපහාස ඉතාමත් තාවකාලික ය. රැයක් පුරා තුරු හිස් මත,තණ පත් මත වැටුණු පිනි බිඳු හිරු දුටු සැණින් වියැකී යන්නා සේ පදනම් විරහිත ව ලැබෙන නින්දාවට, අපකීර්තියට ආයුෂ අඩු ය. එහෙයින් වඩාත් වැදගත් වන්නේ තමන් එවැනි දේ නොලබන ලෙස ජීවත් වීමට උත්සාහ ගැනීම ය. අනෙක් අතට කවුරුන් කෙසේ කීව ද තමන් හොඳ නම්, තමන්ගේ පිළිවෙත පිළිබඳ තමන්ට සතුටු විය හැකි ය.

හොඳ, නරක, කළ යුතු – නොකළ යුතු දෙය තෝරා බේරා ගන්නට ය, මිනිසාට උසස් මනසක් ලැබී තිබෙන්නේ. එසේ තිබිය දීත් කළ කම් හි විපාක නොදන්නා තිරිසන් සත්ත්වයකුගේ තත්ත්වයට ඇද වැටෙනවා නම් ඒ මිනිස්කමෙන් ඇති වැඩක් නැත.

ගිහි ජීවිතය සාර්ථක කර ගන්නට ආර්ථික දියුණුව අත්‍යවශ්‍ය ය. කුසීතකමෙන්, උත්සාහයෙන් තොරව ධනය ගැන සිතුවාට ලැබෙන්නේ නැත. මව්පිය උරුමයෙන් ලද ධනය වුව ද වර්ධනය කර ගන්නට, රැක ගන්නට, අරපරෙස්සමෙන් පරිහරණය කරන්නට උත්සාහ නොගන්නේ නම් ඒ ධනය පිරිහී යන්නේ ය.

නිවෙසෙහි, පාසලෙහි, කුඩා කණ්ඩායම් අතරෙහි,ආදී ලෙස ඕනෑම තැනක හැසිරෙන්නට තමන්ට හොඳ විනයක් තිබිය යුතු ය. තමන් විනය ආරක්ෂා නොකොට අවිනයැති මිනිසුන්ගේ කරදර විපත් එන කල, නුසුදුසු දේ සිදුවන කල ඒවාට ගැරහීමෙන්, කම්පාවීමෙන් ඵලක් නැත.

ජීවනෝපාය සරි කර ගන්නා රැකියා ස්ථානය තුළ තමන්ගේ විනය රැක ගත නොහැකි නම් එහි පරිහානිය අත ළඟ ය. එහෙයින් වංචාවෙන්, දූෂණයෙන් තොරව, උදාසීනත්වයෙන් තොරව කාර්යක්ෂම බවින් තම සේවය සලසන්නට හැකි නම් එහි ප්‍රතිඵල තමන්ට ය.

බොහෝ කෙනෙක් සිදු කරන්නේ තමන් එතැනට පත් නොවී අනුන්ගේ වරදට ඇඟිල්ල දිගු කරන්නට ය. අනුන් නොව තම තමන් නිවැරැදි වනවා නම්, තමන්ට තමන් අවංක වනවා නම් සමාජය ම ක්‍රමයෙන් සංවරශීලි වනු ඇත. විනයවත් වනු ඇත. තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය නොදැක අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙන්ද දකින තාක් තමන් ද සමාජය ද එකම තැන ය. දියුණුවක් නැත.

තමන් ගෙන යන්නේ තමන් රැස් කරන දේ ය. අස්වනු ලැබෙන්නේ වපුරන දෙයට අනුව ය. වපුරන ස්වභාවයට අනුවය. හොඳක් වනවා දකින්නට තමන් හොඳ විය යුතු ම ය.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]