[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සරණංකර සංඝරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ

අම්පිටිය ‍ඓතිහාසික දලුක්ගොල්ල රාජමහා විහාරය

අධ්‍යතන ධර්ම ශාස්ත්‍රෝද්දීපනියෙහි ආදි කර්තෘ වරයාණන් වහන්සේ, වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ සහ ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ නිධන් කොට ස්තූපයක් ගොඩනංවන ලද්දේ ඓතිහාසික දලුක්ගොල්ල රාජමහා විහාරස්ථානයේ ය. මහනුවර තලාතුඔය මාර්ගයේ ගොස් අම්පිටියෙන් රටේමුල්ල පාරේ හැරී ගමන් කිරීමේ දී මෙම පුරාණ විහාරස්ථානය හමුවෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වර්ෂ 1765 දී රාජකරුණා විජේවර්ධන නවරත්න වාසල මුදියන්සේ විසින් දලුක්ගොල්ල රාජ මහා විහාරය තැනවීය. ඉන්පසු එය වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වෙත පුද දී තිබේ. ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයට සහ උපසම්පදාව ලැබීමට රටේ විවිධ ප්‍රදේශවලින් මහනුවරට වැඩම කළ හිමිවරුන්ට වැඩ හිඳීමට, අධ්‍යාපනය ලැබීමට සුදුසු ස්ථානයක් ඇවැසි විය. නගරයේ සිව් කොන පිහිටි අම්පිටිය, ලේවැල්ල ගංගාරාමය, තිත්තවෙල සහ සුදුහුම්පොළ යන විහාරස්ථානවල ශිල්ප ශාලා පිහිටුවා, ගම්වර පිරිනමා, අධ්‍යාපන ආයතන පිහිට වූ බව මන්දාරම් පුර පුවතෙහි සඳහන් වෙයි. මේ අතුරින් අම්පිටිය ලෙස හඳුන්වා ඇත්තේ දලුක්ගොල්ල රාජමහා විහාරයයි. විහාරස්ථානයේ සංඝාවාසය විශාල පිරිසකට එකවර නේවාසිකව වැඩ සිටීමට හැකි අන්දමින් මැද මිදුල් සහිත කාමර විශාල ප්‍රමාණයක් සහිතව නිර්මාණය කරවා ඇත. මෙම විහාරයට නුදුරින් වූ ගල් ලෙනක වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් භාවනානුයෝගී ව වැඩ සිටි බව සඳහන් වෙයි.

බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]