[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු ය

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා - මනසා චෙ පදුට්ඨෙන - භාසති වා කරොතිවා
තතො නං දුක්ඛ මන්වෙති - චක්කංව වහතො පදං
මනස මූලික වීමෙන් සිතිවිලි උපදී. සිතිවිලිවලට මනස ම ශ්‍රේෂ්ඨ වෙයි. එවිට සිතිවිලි මනෝමය නම් වේ. රාග, දෝස, මෝහ ආදී වූ කෙලෙස් හේතු කොටගෙන හිත කිළිටි වෙයි. එසේ කිළිටි වූ සිතින් කියන කරන දේ දුක් ලැබීමට කාරණා වෙයි. කරත්තයේ බැඳි ගොනාගේ පියවර අනුව කරත්ත රෝද ගමන් ගන්නාක් මෙනි. තමන් කළ කර්ම තමන් පසු පස ගමන් කරයි. “පභස්සර මිදං භික්ඛවෙ චිත්තං තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්ඛිලිට්ඨං” පුද්ගලයාගේ සිත පිළිබඳ ස්වභාවය මේ පාඨයෙන් විස්තර වේ. මහණෙනි, මේ සිත ප්‍රභාස්වර ය. එහෙත් අමුතුවෙන් ඇතුළුවන කෙලෙස් නිසා කිළිටි වෙයි. ළදරු හිත පැහැදිලි ය. පිරිසුදු ය. බැබළෙන සුළු ය. ඒ නිසා නොකිළිටි වූ හිතේ ආලෝකය සිරුර විනිවිද පිටතට ගලා එයි. එබැවින් සියල්ලන්ගේ හිත ළදරුවා වෙත ඇදී යයි. එයට අපි ආදරය යැයි කියමු. එකී ළදරුවා වයසින් මුහුකුරා යනවාත් සමඟම ආශාව, තරහව ආදි අපිරිසුදු චෛතසික සිතේ පහළ වෙයි. එවිට සිත කිළිටි වී යයි. ඒ සමඟම ලෝකයාගේ හිත් බැඳ ගන්නා ශක්තිය ක්‍රමයෙන් ළදරුවා තුළින් ඉවත්ව යයි. ඇතැම් බාල වයසේ ළමයින්ට ජාති ස්මරණ ඥානය පහළවන හැටිත්, අවුරුදු කීපයකින් පසු ඒ ශක්තිය ඉවත්ව යන බවත් අපි දනිමු. පුද්ගල සන්තානයෙහි, පුද්ගලයා විසින් භවයෙහි දී එක් රැස් කරන ලද අකුසල් තැන්පත්ව පවතී. ඒවාට ආශ්‍රව යැයි කියයි. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව ලෙස ආශ්‍රව සතරාකාර ය.


බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]