[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අවංක සිතින් මව්පියන්ට උපස්ථාන කරනවා නම් ආයු වර්ණ සැප බල ලැබෙනවා

මවට පියාට උපස්ථාන කිරීම උතුම් ම පින්කමකි. හැදූ වැඩූ මව්පිය දෙපළ අපට ලොව ඇති උතුම් ම වස්තුවයි. අප බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ ලෙස මව්පිය උපස්ථානය වර්ණනා කොට ඇත. වැඩි දෙනෙක් මේ පිළිබඳ දැනුවත් වුව ද ක්‍රියාත්මක වීම අතින් ඇත්තේ අඩුලුහුඩුකමකි. අදට වඩා පැරැන්නන් මව්පියන්ට සැලකීම ඉතා ඉහළින් සිදු කොට ඇත. මව්පිය සබඳතාව පිළිබඳ දරුවන්ට අනන්තවත් අත්දැකීම ඇත. ඔවුන්ගේ ජීවිතය පුරාම දරුවන් කළ කී දේ පිළිබඳ නොමැකෙන චිත්‍රයක් ඇඳී තිබේ. ගසේ පැවැත්මට පොත්ත සේ ඔවුනොවුන්ගේ බැඳීම නොවෙනස් ව පවතී. නිසි පරිදි මව්පිය ගුණ හඳුනාගෙන ඇත්නම් කිසිදාක මව්පියන් අතහැර නොයනු ඇත. මව්පියන්ගේ ඒකායන ප්‍රාර්ථනය දරුවන් මව්පියන්ටත් වඩා ඉහළින් සිටිය යුතු බවයි. වර්තමාන සමාජ ක්‍රමය අනුව ඉක්මනින් දරුවන් නොමඟට යන්න ඇති ඉඩකඩ වැඩි ය. ඒ නිසා ඔවුන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු ය. “පුත්තා වත්ථු මනුස්සානං ” යන බුදු වදනට අනුව තමන්ට ඇති එකම වස්තුව දරුවන් ය. කරණීයමෙත්ත සූත්‍රයේ දී, “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ” මව සිය එකම පුතු පණ මෙන් රකින සේ යන කියමන අනුව දරුවන්ගේ වටිනාකම ප්‍රකාශ කර ඇත. ඒ නිසාම තමයි නිතර දරුවන් කෙරෙහි අවධානය යොමු කර, නොමඟට යන මං අවුරා තමන් බලාපොරොත්තු වන දිසාවට යොමු කිරීම මව්පියන් සතු යුතුකමක් ලෙස සලකන්නේ. අප අතර පවත්නා ඉතා බරපතළ වැරැද්දක් වේ. දරුවන් රැක බලා ගැනීම සහ යුතුකම් ඉටු කිරීම දෙස ඇතැම් අය එක්තරා වැරැදි කෝණයකින් බලයි. දරුවන් ලැබෙන්නේ මව්පියන්ගේ අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට යාම නිසා ය. එම නිසා ඉන් බිහිවන දරුවා අනිවාර්යයෙන් ම රැක බලා ගත යුතු බවයි. එය ඉතාම වැරැදි මතයකි. මිනිසෙක් තම සමාජ කාර්ය ඉටු කළ යුතු අතර, එහි දී තම ජීවිතය තුළ දරුවන් ලැබිය යුතු බවත්, එසේ වීම ඉතා විශිෂ්ට මානුෂවාදී සේවාවක් බවත් පෙන්වා දිය හැකි ය. මේ, පටු ආකල්පයකින් නොව ඉතා පුළුල් මනසකින් බැලිය යුතු සත්‍යතාවකි.


බක් අමාවක

අප්‍රේල් 30 සෙනසුරාදා පූර්වභාග 01.02 අමාවක ලබා මැයි 01 ඉරිදා පූර්වභාග 02.01 ගෙවේ.
අප්‍රේල් 30 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]