[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ 06 හැව්ලොක්සිටි සාම විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඡායාරූපය - ගයාන් පුෂ්පික

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

කොළඹ හැව්ලොක් සිටි සාමවිහාරය, හක්මණ දෙණගම මුණසිංහාරාමය, බේරුවේවෙල සෞගතාරාම පුරාණ විහාරය, ඇල්ලේවෙල අස්සත්ථාරාම පුරාණ විහාරය යන සිව් මහා විහාරාධිපති, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති අතපත්තුකන්දේ නාහිමිපාණන් වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝසභාව මගින් සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස යන ගෞරව නාමය සහිතව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදින් ඒ පිළිබඳ ශි‍්‍ර සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 06 වැනි දින මහනුවර මල්වතු මහාවිහාරයේ දී පවත්වන ලද අතර අභිනන්දනෝත්සවය ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මාර්තු මස 20 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා පසුව ආයුර්වේද ශාස්ත්‍රී විභාග සම්පූර්ණ කොට දේශීය වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වූහ.

ධර්ම දේශනාව:

නැණවතාගේ වගකීම තමන් දමනය කර ගැනීම යි

උදකංහි නයන්ති නෙත්තිකා - උසුකාරා නමයන්ති තේජනං, දාරුං නමයන්ති තච්ඡකා - අත්තානං දමයන්ති පණ්ඩිතා (ධම්මපදය - පණ්ඩිත වග්ගය) ආත්මය නම් ව්‍යවහාරික ලෝකයෙහි තමා හැඳීන්වීම සඳහා භාවිත කරන යෙදුමකි. ආත්ම දමනය සඳහා ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම විවිධ ශාස්තෘවරුන් විවිධ ක්‍රමෝප්‍රයන් භාවිත කරන ලදී. ඒ පිළිබඳ නොයෙක් මතවාදයන් ද ඉදිරිපත් කරන ලදී. ගෞතම තථාගතයන් වහන්සේගේ පෙන්වාදීම වූයේ අනිච්ච, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ විග්‍රහය තුළින් ආත්මීය වශයෙන් ගතහැකි කිසිවක් නොමැති බවයි. එහෙත් භාවිත ලෝකය තුළ ආත්මීය වශයෙන් ප්‍රකාශ වනුයේ මම නම් වූ මමායනයෙන් යුතු පුද්ගල හැඳන්වීමකි. මෙම හැඳීන්වීම අරහත්භාවය තෙක් ව්‍යවහාර වන අයුරු දහමෙන් දැකගත හැකිවේ. සම්බුද්ධ දේශනයෙන් ප්‍රකාශිත ආත්ම දමනය පිළිබඳ ගැඹුරින් සිදුකෙරෙන විග්‍රහය වන්නේ සිත දමනය කිරීම පිළිබඳ වූ පුළුල් අදහසක් බව සඳහන් කළ යුතුව ඇත. මෙම ගැඹුරු ඉගැන්වීම තම ශ්‍රාවකයන්ට ග්‍රහණය කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් භාවිත කර ඇති උපමා රූපක ඉතා සිත්ගන්නා සුළු ය. ජන මනසට ඉතා සමීප සුලභ සිදුවීමක් වන කුඹුරකට හෝ වෙනත් වගාවකට ඇළකින් දොළකින් අමුණකින් ගඟකින් හෝ වැවකින් ආදී වශයෙන් ජලය ගෙන යන අයුරු ඉතා ප්‍රකට ය.

 

බුදුරදුන් ස්වකීය ඤාතීන්ට ධර්ම දායාදය පිරිනැමූ මැදින් පෝදා

මැදින් මහේ සඳ කෙමෙන් කෙමෙන් මෝරා ගෙන එත්ම සැදැහැතියන් ගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැඟෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. ඓතිහාසික ගමනක් - වෙසක් පොහෝ දිනයෙහි කුඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණින් මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක් ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙළීම, යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි. මේ අනුව බුදුරදුන් ස්වකීය ඤාති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුතුව ඓතිහාසික ගමනක් ඇරඹූ මංගල දිනයක් ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකි ය. ඤාති වර්ගයාට පමණක් නොව රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා වූ සැට යොදුනක් මඟ දෙපසට අයත් ගම් දනව්වල ජනතාවට ද ධර්ම දානය පිරිනැමීමේ ආරම්භක පියවර ද එයම විය. පියරජු කම්පාවෙන් - ඇසළ පොහෝ දිනෙක රාත්‍රී කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් සුද්ධෝදන මහරජු මහත් සේ කම්පාවෙන් කල් ගෙවීය. තම පුතු දැකබලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය.

 

අවශ්‍යතා අසීමිතයි ජලය සීමිතයි පරිහරණය අරපිරිමැස්මෙන්

පින්වත් දුවේ, පුතේ, ජලය යනු සම්පතක් බව ඔබ හොඳීන් ම දන්නා කරුණකි. මේ පෘථිවියේ තුනෙන් දෙකක් ම අත්තේ ජලය යි. එහෙත් ඒ සියලු ජලය අපට බීමට ගත නොහැකි ය. ජලය කරදිය හා මිරිදිය වශයෙන් වර්ග දෙකකි. මහා මුහුදේ ඇත්තේ කර දිය යි. එය බීමට ගැනීමට හැකියාවක් නැත්තේ එහි ලවණ හෙවත් ලුණු ගතිය අධික නිස යි. අද වන විට සමහර දියුණු රටවල් තාක්‍ෂණය උපයෝගී කරගෙන කරදියෙහි ඇති ලවණ ඉවත් කර මිනිසාගේ එදිනෙදා කටයුතු සඳහා යොදා ගනියි. කරදිය හැරුණුවිට ලෝකයේ ඇති සියලු ජලය එකතු කළත් ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. ගංගා, ඇළ, දොළ, ළිං, විල්, වැව්, අමුණු, ජලාශ, දිය ඇලි, උල්පත් යනාදී මේ සියලු තැන්වල ඇත්තේ මිරිදිය යි. ඒ මිරිදිය සියල්ල ද අපට පානීය ජලය ලෙස ගත නොහැකි ය. සමහර ප්‍රදේශවල ජලයේ කිවුල් ගතිය වැඩි ය. ඒවා පානය කිරීමට හැකියාවක් නැත. තවත් ප්‍රදේශයක ජලය ඉතා අපිරිසුදු ය. ඒවා ද පරිභෝජනය සඳහා යොදාගත නොහැකි ය. තවත් ප්‍රදේශයක ජලය නැත. සමහර ප්‍රදේශවල ජලය තිබුණ ද විශේෂයෙන් මුහුද ආසන්නයේ ඇති ප්‍රදේශවල ඇති ජලයේ ලවණගතිය මිශ්‍ර වී ඇත. එනිසා ඒවා ද පානීය ජලය ලෙස යොදාගත නොහැකි ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]