[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හේවාගම් ‍ෙකා්රළ‍ෙය් ප්‍රධාන සංඝනායක ධූර‍ෙයන් පිදුම් ලබන ගොඩගම සුමේධ නායක හාමුදුරුවෝ

හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූර‍ෙයන් පිදුම් ලබන ගොඩගම සුමේධ නායක හාමුදුරුවෝ

සසුන සුරක්ෂිත වන්නේ භික්ෂූන් වහන්සේ නිසා ය. භික්ෂුව ශීල සංයමාදී ගුණාංගයන්ගෙන් සමන්විතව ආත්මාර්ථ පරාර්ථ සාධනයෙහි යෙදෙන තරමට ස්වකීය පැවිදි දිවියේ වටිනාකම තීව්ර වන අතරම සසුනේ චිර පැවැත්මත් ශක්තිමත් වේ.

එලෙස තම පැවිදි දිවියේ වටිනාකමත්, සසුනේ චිර පැවැත්මත් වෙනුවෙන් සිය දිවියම කැප කළ යතිවරයකු ලෙස හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබන ගෞරවාර්හ ගොඩගම සුමේධ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ හැඳීන්විය හැකි ය.

1942 ජූලි මස 30 වැනි දින උපත ලද උන්වහන්සේ හෝමාගම, ගොඩගම ග්‍රාමයේ විසූ දොන් ඇන්ඩි සිංඥෝ අල්විස්ගේ ජයසිංහ හා රතුගමගේ පොඩිනෝනා යන පින්වත් මවුපියන්ගේ පුත්‍ර රත්නයකි.

1956 දෙසැම්බර් මස 24 වැනි දින පනාගොඩ කන්දේ පුරාණ විහාරයේ දී තත් විහාරාධිපතිව වැඩ විසු ආභිධම්මික ගෞරවාර්හ ජල්තර සංඝරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතේ පැවිදි දිවියට ඇතුළත් වූහ.1972 ජුනි මස 21 වැනි දින ඉහත සඳහන් ආචාර්යයන් වහන්සේ යටතේම කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපොසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්වූහ.

පනාගොඩ කන්දේ පුරාණ විහාරය සියවස් දෙකක් ඉක්ම වූ ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයකි. නිසි පාලනයක් නොමැතිකමින් දශක කිහිපයක් අභාවයට ගොස් පැවති මෙම ස්ථානය සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සහාය ද ලබා ගෙන පත්ව තිබු අඳුරු යුගයෙන් ආලෝකය කර ගෙන යාමට ගත් උත්සාහය ප්‍රශංසනීය ය.

කාලයක් පුරා වැසී තිබුණ විහාරස්ථ දහම් පාසල 1995 වර්ෂයේ දී නැවත සිරි සුමන දහම් පාසල නමින් අරඹා වත්මන වන විට සිසුන් සිය ගණනක් අධ්‍යාපනය ලබන දහම්පාසලක් බවට පත් කිරීමට පුරෝගාමී වූහ.

වසර 150ක් පමණ පැරැණි බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ ද ආධිපත්‍යය උසුලන උන්වහන්සේ එම විහාරස්ථානයේ ද වර්තමාන දියුණුවේ පුරෝගාමියා වෙති,

වෙහෙර විහාර දහම්පාසල් ඉදි කරමින් ඒවා දියුණු කරමින් උන්වහන්සේ ඉටු කළ ශාසනික සේවාවන් අතර සිදු කළ වටිනාම ශාසනික මෙහෙවර වන්නේ වටිනා ශිෂ්‍ය පුත්‍රයන් ශාසනයට දායාද කිරීමයි.ඒ අතර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය ශාස්ත්‍රවේදී හෝමාගම සුනීත හිමිපාණන් වහන්සේ ය.

එමෙන්ම බුලත්සිංහල සුමංගල හිමි,ගොඩගම ධම්මරතන හිමි හා පනාගොඩ සුබෝධ,හෝමාගම සුධම්ම යන සාමණේර දෙනමත් උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයෝ ය.

මා දකින අපේ ගෞරවාර්හ ගොඩගම සුමේධ මාහිමියන් වහන්සේ තුළ දක්නට ලැබුණ සුවිශේෂිතම ලක්ෂණ කිහිපයකි. ඒ අතර උන්වහන්සේ ශාසනික සම්ප්‍රදායන් කෙරෙහි දක්වන ගෞරවය එකකි. ශාසනයේ චිර පැවත්ම රැ¼දී පවතින්නේ ශාසනික සම්ප්‍රදායයන් ආරක්ෂා කරන තරමට ය. වැඩිහිටි සංඝ පිතෘන් වහන්සේ එකී වගකීම මැනවින් ඉටු කරන තරමට නවක පරම්පරාව ද ඊට අනායාසයෙන් ම අනුකුල වෙති.සුමේධ මාහිමියෝ එම වගකීම මැනවින් අවබෝධ කොට ගෙන කටයුතු කරති.

අනෙක උන්වහන්සේ තම සංඝ මුලස්ථානය වන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවට දක්වන අසීමිත ගෞරවයයි.

උන්වහන්සේ විනයෙහි දැක්වෙන පරිදි ස්වකීය ශිෂ්‍යයන් තම පුතුන් සේ සලකා කටයුතු කරන ගුරු පියෙකි.එය ගිහි පැවිදි කාහටත් ආදර්ශයකි.

උන්වහන්සේ ඉටු කරන ඉමහත් ශාසනික හා සාමාජික සේවාව දෙස අවධානයෙන් සිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ උපාධ්‍යාය මූලික සානුනායක කාරක මහා සංඝ සභාව උන්වහන්සේට හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමට සම්මත කරන ලද්දේ ඒකමතිකව ය.මෙම අභිනව නායක පදවිය උන්වහන්සේට සිය ශාසනික මෙහෙවර තව දුරටත් කර ගෙන යාමට ධෛර්යයක් වනු ඇත.

අභිනව නායක පදවි ලාභී අපේ ගෞරවාර්හ ගොඩගම සුමේධ නායක මාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව සැලසී ශතවර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩ සැලසීමට ශක්තිය ලැබේවා'යි ආශිංසනය කරමි.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]