[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 කුරින්දි වෙහෙර

ඓතිහාසික කුරින්දි විහාර බිමේ පද්මාකාර කබොක් ස්තූපය සංරක්ෂණයට

ත්‍රස්තවාදී යුද්ධය නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන රැසක් ජනතා වන්දනාමානයෙන් දුරස් වුණා. එසේ ජනතා වන්දනාමානයෙන් ඈත් වූ එක් වැදගත්ම සිද්ධස්ථානයක් වන්නේ මුලතිව් හි කුරුඳු මලේ හෙවත් කුරින්දි විහාරයයි. කුරුන්දාශෝක විහාරය ලෙසින් ද අතීතයේ හඳුන්වා ඇති මේ පුදබිම අංශ කීපයකින් අපට වැදගත් වනවා. එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා මේ පුදබිම හඳුනාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. එහෙත් එහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් නොමැති වීම නිසා ය. එහි ඇති වැදගත්කම එල්ලාවල මේධානන්ද හිමියන් විසින් වරින් වර කරළියට ගෙන එන්නට වුණා. විශේෂයෙන් ම කබොක් ගලෙන් නිර්මාණය කරන ලද මෙවන් ස්තූපයක් ශ්‍රී ලංකාවේ වෙනත් තැනක දක්නට නොලැබෙන බවත් එවන් දාගැබක විශේෂත්වය ගැනත් උන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන්නා. ඒ අනුව එවකට බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය දැරූ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් එම කැණීම් සඳහා ඇස්තමේන්තුගත කළ සම්පූර්ණ මුදල වන ලක්ෂ 16කට ආසන්න මුදලක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. කුරින්දි විහාරයේ කැණීම් ආරම්භ වුණේ ඒ ලෙසින්. කැණීම් කටයුතු නිමවා එහි සංරක්ෂණ කටයුතු සිදු කිරීමට ද ලක්ෂ 60ක පමණ මුදලක් අවශ්‍ය වූ අතර ජගත් සුමතිපාල මහතා විසින් එය ද ලබා දුන්නා.


මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]