[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය විමල් කරුණාතිලක

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

කඨින පින්කම:

ගල්කිස්ස බෞද්ධායතනයේ කඨින පින්කම

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයෙහි කඨින මහ පුණ්‍යොත්සවය විහාරාධිපති දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර වස් ආරාධනයට මූලිකත්වය ගෙන කටයුතු කරන දෙහිවල කවුඩාන ශ්‍රී සුධර්මා මාවතෙහි පදිංචි හික්කඩුවගේ ජගත් ප්‍රියලාල් මහතා සහ රේණුකා පොන්නම්පෙරුම මහත්මියගේත්, නෙදර්ලන්තයේ ජීවත් වන හික්කඩුවගේ සජිත් ප්‍රියලාල් මහතා සහ ටිල්ඩා ආදිමා මහත්මිය ඇතුලු පවුලේ ඥාතීන්ගේත් බෞද්ධායතන දායක සභාවේ සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන මහතා සහ ලේකම් ශාස්ත්‍රපති පුෂ්පකුමාර කුලතුංග මහතා ඇතුළු පින්වතුන්ගේත් අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 13 සෙනසුරාදා උදේ 6.30 ට කඨින පූජාව සහ සඟසතු දානය පිරිනැමීමට බලාපොරොත්තු වේ. වස් ආරාධනය කළ පින්වතුන් විසින් රුපියල් පහළොස් ලක්ෂයකට අධික මුදලක් වියදම් කොට නවීකරණය කරණ ලද ආගන්තුක කාමර විවෘත කිරීම ද එදින සවස 6.00 සිට 7.00 දක්වා ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර හිමියන් පවත්වන කඨිනානිශංස ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශනාව බෞද්ධායතනයේ පින්වතුන්ට ඛධධථ තාක්ෂණය ඔස්සේ තම නිවසේ සිට ශ්‍රවණය කොට පින් අනුමෝදන් විය හැකි ය.

සැප ලබනවා ද? දුක් විඳිනවා ද? තීරණය කරන්නට ඕනෑ තමන් ම යි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස... - සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං - යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා - නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච සුග්ගතිං - තස්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම්පරායිකං - පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති. අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඉහත ගථා ධර්මය ඇතුළත් වන්නේ සංයුත්ත නිකායට අයත් කෝසල සංයුත්තයෙහි අය්‍යකා සූත්‍රයට යි. මෙහි සරල අර්ථය මෙසේ යි. සියලු සත්වයෝ මරණයට පත්වෙති. ජීවිතය මරණය කෙළවර කොට ඇත. එසේ හෙයින් පින් පව්වලට අනුව පව් කළ අය නිරයට යති. පින් කළ අය සුගතියට යති. මෙම සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ පසේනදී කොසොල් රජතුමා මුල් කරගෙනයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටි එක්තරා දිනක දිවා කාලයෙහි පසේනදී කොසොල් රජු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වැඳ එකත්පසෙක සිටියා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගෙන් ‘මේ දවල් කාලයෙහි කොහි සිට එන්නේ දැයි’ විමසුවා. ‘බුදුරජාණන් වහන්ස’ මට බොහෝ ලෙස ප්‍රිය වූ, මනාප වූ මාගේ අවුදරුදු එකසිය විසි එකක් ජීවත් වූ මිත්තණිය අද කලුරිය කළා. මට බොහෝ සෙයින් සෙනෙහස දැක් වූ ඇයගේ ජීවිතය මාගේ හස්ති සමූහය දී බේරා ගන්නට හැකියාව තිබුණි නම්, මම මාගේ හස්ති රත්නය දී හෝ ඇය බේරා ගන්නවා. ජීවත් කරවනවා. මාගේ අශ්ව සම්පත දී හෝ ඇයගේ ජීවිතය බේරාගත හැකි ව තිබුණි නම්, මම මාගේ අශ්ව රත්නය දී ඇය බේරා ගන්නවා. ගම්වරයක් දී ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණා නම්, එසේ කරනවා.

පෙරදිග මහා තක්‍ෂිලාව: පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

පුරා වසර 146ක කාල පරාසයක් ආයු ගෙවමින් මේ රටට, ජාතියට, ආගමට, භාෂා ශාස්ත්‍රාදියට අනගි මෙහෙයක් ඉටු කළ, එමෙන් ම ඉටු කරන විද්‍යාලංකාර පිරිවෙන මේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයට ම අයත් මහා තක්‍ෂිලාවකි. ශ්‍රී සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් සිරි ලක්දිව, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමත් සමඟ ශ්‍රී සද්ධර්මයෙන් ද පෝෂණය වූ දහම් දිවයිනක් බවට පත් විය. “වැවයි දාගැබයි ගමයි පන්සලයි” යන සංකල්පය නිසා මිනිසා හා පන්සල අතර දැඩි සබැඳීයාවක් පැවති බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. අනුරපුරින් ඇරඹුණ භික්‍ෂු අධ්‍යාපනය ඉතා කෙටි කලකින් ලක්දිව සතර දිග්භාගයේ ම ව්‍යාප්ත වුණි. 1505 පෘතුග්‍රීසි ආක්‍රමණය නිසා පිරිහුණු දේශීය අධ්‍යාපනය ආරක්‍ෂාකර ගැනීමටත්, යළි නඟා සිටුවීමටත් ජාතියේ පිනට වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ පහළ වූහ. උන්වහන්සේ අති දුෂ්කරතා මැද පිරිහෙමින් තිබූ අපේ අධ්‍යාපනය මැනවින් ප්‍රගුණ කොට එයට අනුගත වූ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් ලක්දිව පුරාම ඇති කළහ.

බෝසත් ගුණැති මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස සම්භාවනාවට පත් අපවත්වී වදාළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ

ජාත්‍යන්තර තලයේ බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සුවිශේෂී නායකත්වයක් ලබා දුන් ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමිපාණන් වහන්සේ පසුගිය නොවැම්බර් පස්වැනි දින හදිසියේ ම අපවත් වී වදාළසේක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ මුරුංගාගස්යාය ග්‍රාමයේ ප්‍රභූවරයකු වූ එස්. ඒ. වීරක්කොඩි මැතිතුමාගේ සහ අමරකෝන් දිසානායක පුංචිහාමි මාතාවගේ පස්වැනි දරුවා වශයෙන් වර්ෂ 1945 අගෝස්තු 10 වැනි දා උපත ලද නාහිමිපාණන්වහන්සේ මිද්දෙණිය ප්‍රාථමික විදුහලෙන් අධ්‍යාපනය ලැබූහ. සැදැහැති මව්පියන්ගෙන් ලද ශාසනික උරුමය සහ පූර්වෝකෘත පුණ්‍යමහිමයත් හේතුවෙන් වර්ෂ 1955 ජූනි මස 25 වන දින මුලනේ අග්ගාරාම මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් විතාරන්දෙණියේ ඇත්ගාලමුල්ල අශ්වත්ථාරාමයේ දී ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා ස්වකීය ආචාර්යයන් වහන්සේලා වෙතින් මූලික බණ දහම් ප්‍රගුණ කළහ. කලක් වැසී තිබූ තංගල්ල ධම්මදින්න පිරුවන 1960 වසරේ යළි ආරම්භ කිරීමේ දී එහි ප්‍රථම ශිෂ්‍යයා වශයෙන් ඇතුළත් ව ශාස්ත්‍රොද්ග්‍රහණයකොට 1962 වසරේ දී වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූ හ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]