ඓතිහාසික මලගනේ
ශ්‍රී වළගම්බා රාජමහා විහාරය
මෙම ලෙන් විහාරයෙහි උළුවහු, දොරටු අලංකාර වන සේ මල් මෝස්තර හා මිනිස් රූප ප්‍රධාන
දොරටුවට ඉහළින් ඇඳ ඇත.
කුරුණෑගල පුත්තලම් ප්‍රධාන මාර්ගයේ වාරියපොල නගරය පසුකර පුත්තලම මාර්ගයේ
කිලෝමීටරයක් පමණ ගොස් පොලීසිය හන්දියෙන් දකුණට ඇති මලගනේ මාර්ගයේ කිලෝමීටර් 3 ක්
පමණ ගමන් කළ විට මාර්ගයට වම් පසින් පිහිටි මෙම පින්බිම හමුවේ.
ජනප්‍රවාදයට අනුව වළගම්බා රජු විසින් මෙම විහාරය කර වූ බව සඳහන් ය. මේ ආශි‍්‍රත ව
කටාරම් සහිත ලෙනක්, මහනුවර යුගයේ නිර්මාණ ලක්ෂණවලින් යුත් ලෙන් විහාරයක් හා ගල් කණු
සහිත ගොඩනැඟිල්ලක නටබුන් දක්නට ලැබේ.
විහාරාධිපති දන්තුරේ විපස්සී නාහිමි |
අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වූ මෙම පර්වතයේ ප්‍රධාන ගල් කුළ ආශ්‍රිත ව
කටාරම් කෙටූ ලෙනකි. මීටර්20 ක් පමණ උසින් යුත් ගල්කුළෙහි නැගෙනහිර දකුණ හා බටහිර
දිශාවලට ලෙන් විවරය මුහුණලා ඇත. මෙම ලෙන මහනුවර අවධියේ විහාර ගෙයක් බවට පරිවර්තනය
කරගෙන ඇති අතර ඒ, තුළ බෝධිසත්ව ප්‍රතිමාවක්, හිටි බුද්ධ ප්‍රතිමා තුනක්, හිඳී බුද්ධ
ප්‍රතිමා, විශ්ණු දේව ප්‍රතිමාවක් හා සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ. මෙහි
බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ දැවයෙන් නිර්මිත ය. ගල් ලෙනෙහි පිහිටීම අනුව බුද්ධ
ප්‍රතිමාව නිර්මාණය කර ඇත. හිටි ප්‍රතිමා අතරින් උසින් වැඩි ප්‍රතිමාව මීටර් 1.20
ක් පමණ වන අතර, මෙහි දෑත් හා සිරස්පත දැවයෙන් නිර්මිත ය. රතු පැහැ ගන්වා ඇති සිවුරු
රැළි සහිත ය. මහනුවර ශෛලිගත සම්ප්‍රදායට අනුව නිර්මිත ප්‍රතිමාවන් සියල්ල බිත්තිය
හා බද්ධ වන අයුරින් නිර්මිත ය. රැස් වළල්ල බිත්තිය මත සිතුවමට නගා ඇත. මෙම ස්ථානයේ
ඇති හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ පීඨයක් මත තැන්පත් කොට ඇති පරිදි නිමවා ඇත. උසින්
සෙන්ටිමීටර් 90 ක් පමණ වන මෙම ප්‍රතිමා පිහිටුවන ලද පීඨයෙහි ඇඳී සිතුවම් මැකී ගොස්
ඇත. මධ්‍යයෙහි වූ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනවසර කැණීමකට ලක්වීමෙන් විනාශ වී ඇත.
මෙහි ඇති දිගින් මීටර් 6 ක් පමණ වන සැතපෙන බුද්ධ ප්‍රතිමාව අනවසර කැණීම් මඟින්
විනාශ වීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇත.
ලෙනෙහි සිවිලිමෙහි නෙළුම් මල් මෝස්තර සිතුවමට නඟා ඇති අතර එහි බදාම ගැලවී යමින්
පවතී. බටහිර බිත්තියෙහි මල් මෝස්තර හා භික්‍ෂු රූප සිතුවම් කර ඇත. මෙම විහාරයෙහි
සිතුවම් මුණමලේ පුංචි නයිදේ සහ සිත්තර නයිදේ යන සිත්තරුවන් විසින් අඳීන ලද ඒවා වේ.
මෙම ලෙන් විහාරයෙහි උළුවහු, දොරටු අලංකාර වන සේ මල් මෝස්තර හා මිනිස් රූප ප්‍රධාන
දොරටුවට ඉහළින් ඇඳ ඇත. ප්‍රධාන දොරටුවට ඉහළින් අලංකාර වන සේ මල් මෝස්තර හා මිනිස්
රූප ඇඳ ඇත. ප්‍රධාන දොරටුවට ඉහළින් අලංකාර මකර තොරණකි. මකර තොරණට පහළින් මිනිස්
රූප, රිලවුන්ගේ රූප සහ දෙපස දොරටුපාල රූප මූර්තිමත් කර ඇත.
මෙම ලෙනට බටහිර දෙසින් බිත්තියකින් ආවරණය කළ කුටියක් පැවති බවට ශේෂීය ගොඩනැඟිලි
අවශේෂ දක්නට ලැබේ. එමෙන් ම ලෙන් විහාරයට දකුණු දෙසින් වූ පහළ මාලකයේ ගොඩනැඟිල්ලක
නටඹුන් දක්නට ලැබේ. මෙම ගොඩනැගිල්ලට අයිති ගල් කණුවක උස සෙන්ටිමීටර් 120-240 පමණ
වේ. ලෙන් විහාරය ඉදිරිපස කණු පාදම් ගලක් දක්නට ලැබේ. විහාර මළුවෙහි තැනක මධ්‍ය කොටස
ශෛලමය රුවකි.
විහාර පරම්පරාව වනුයේ බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ
මාහිමිපාණන් වහන්සේගේ ද්විතීය ශිෂ්‍ය අතිගරු දරමිටිපොල ශ්‍රී ධම්මරක්‍ඛිත මහානායක
මා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දන්තුරේ ලොකු උන්නාන්සේ අපවත් වීමෙන් පසුව
මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩවිසූ අතිගරු මැදගම දේවමිත්ත මහානායක
මාහිමිපාණන් වහන්සේ අධිපති විය. උන් වහන්සේගේ තුන්වන ශිෂ්‍ය නමක් වූ මඩදොඹේ
ඉන්දජෝති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විහාරාධිපති විය. එම කාලය තුළ විහාරයේ ගිහි
භාරකරු වශයෙන් ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරය දැරූ ගිරාගම මුදියන්සේ කටයුතු
කළ අතර, එම කාලයේ විහාරය සතු ගොඩමඩ ඉඩම් සියල්ල විනාශ විය. වර්ෂ 1914 සිට දන්තුරේ
රාජමහා විහාරාධිපති ව වැඩ විසූ මල්වතු විහාරවාසී උපාධ්‍යාය ධූරන්ධර හෙනව ශ්‍රී
ධමමරක්‍ඛිතාභිධාන ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමින්ද්‍රයාණන්
වහන්සේ ද විහාරාධිපති වශයෙන් කටයුතු කළහ. එම කාලය තුළ විහාරාධිවාසී හුණුපොලගෙදර
පඤ්ඤානන්ද හිමියෝ විහාරස්ථානයේ වැඩ වාසය කරමින් දායක දායිකාවන් සමඟ එකතුව සුවිශාල
සංවර්ධනයක් සිදු කොට අපවත් වූහ. හෙනව ශ්‍රී දේවරක්‍ඛිත නාහිමි, බුලුමුල්ලේ
බුද්ධරක්‍ඛිත නාහිමි යන හිමිවරු ද විහාරාධිපති වශයෙන් කටයුතු කළ අතර වර්තමානයේ
විහාරාධිපති වශයෙන් මහනුවර මල්වතු විහාරවාසී කර්මාචාර්ය දන්තුරේ විපස්සී
නාහිමිපාණන් වහන්සේ කටයුතු කරන අතර විහාරාධිකාරි වශයෙන් පලුගස්වැවේ ධම්මානන්ද
හිමියෝ කටයුතු කරති.
|