ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර අටවක පෝදා 2021 නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ස්කොට්ලන්තයේ සංචාරයක යෙදුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ස්කොට්ලන්තයේ එකම විහාරස්ථානය වන ස්කොට්ලන්ත බෞද්ධ විහාරයට ගොස් එම විහාරාධිපති මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව. මෙහිදී ස්කොට්ලන්තයට වැඩමකරවු ජයශ්‍රී මහ බෝධි ශාඛාවේ පත්‍රයක් ද සිහිවටනයක් ලෙස රේවත නාහිමියෝ ජනාධිපතිතුමාට පිළිගැන්වූහ. මෙම අවස්ථාවට විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් හා මහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහුද එක්වූහ.
කඨින පින්කම:
ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයෙහි කඨින මහ පුණ්‍යොත්සවය විහාරාධිපති දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර වස් ආරාධනයට මූලිකත්වය ගෙන කටයුතු කරන දෙහිවල කවුඩාන ශ්‍රී සුධර්මා මාවතෙහි පදිංචි හික්කඩුවගේ ජගත් ප්‍රියලාල් මහතා සහ රේණුකා පොන්නම්පෙරුම මහත්මියගේත්, නෙදර්ලන්තයේ ජීවත් වන හික්කඩුවගේ සජිත් ප්‍රියලාල් මහතා සහ ටිල්ඩා ආදිමා මහත්මිය ඇතුලු පවුලේ ඥාතීන්ගේත් බෞද්ධායතන දායක සභාවේ සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන මහතා සහ ලේකම් ශාස්ත්‍රපති පුෂ්පකුමාර කුලතුංග මහතා ඇතුළු පින්වතුන්ගේත් අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 13 සෙනසුරාදා උදේ 6.30 ට කඨින පූජාව සහ සඟසතු දානය පිරිනැමීමට බලාපොරොත්තු වේ. වස් ආරාධනය කළ පින්වතුන් විසින් රුපියල් පහළොස් ලක්ෂයකට අධික මුදලක් වියදම් කොට නවීකරණය කරණ ලද ආගන්තුක කාමර විවෘත කිරීම ද එදින සවස 6.00 සිට 7.00 දක්වා ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර හිමියන් පවත්වන කඨිනානිශංස ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශනාව බෞද්ධායතනයේ පින්වතුන්ට ඛධධථ තාක්ෂණය ඔස්සේ තම නිවසේ සිට ශ්‍රවණය කොට පින් අනුමෝදන් විය හැකි ය.
නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
නොවැම්බර් 11
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]