[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර අටවක පෝදා 2021-11-11

සැනසීම

ජීවත්වීම යුද්ධයක් හා සම වන බවට බොහෝ දෙනා මැසිවිලි නඟති. මේ නිසා ම අනේකවිධ මාර්ගවලින් සිතට සැනසීම සුවය සොයන්නට කෙනෙක් වෙහෙසෙති. සමහරු සිතන්නේ සැනසුම ඇත්තේ මුදල් මත බව ය. එහෙත් සිතේ සතුට මිල මුදලට, ධන සම්පත්වලට හුවමාරු කර ගත හැකි දෙයක් නොවේ. එසේ නම්, මිල මුදලින් ධනවතෙක් වූ පමණින් ඒ තැනැත්තා සතුට පිරුණු, තෘප්තිමත් ජිවිතයක් ගත කරන්නෙකැ’යි යන සිතිවිල්ල ම මුළාවකි.

එමෙන් ම සිතේ සැනසීම අන් කවරකුගෙන් හෝ බලාපොරොත්තු විය හැකි දෙයක් ද නොවේ. එ‍සේනම් තමන්ගේ සැනසීම නැති කළා යැයි, උදුරා ගත්තා යැයි අනුන්ට දොස් පැවරීමෙන් ද පලක් නොවේ. සිතේ සැනසීම උදාකරගත යුතු තමන් ම ය.

සිත අසහනයට පත් වන්නේ සිත පුරවාගත් අනවශ්‍ය කුණු කඳු නිසා ය. සහනය ලබන්නට නම් ඒවා ඉවත් කර පිරිසුදු කර ගත යුතු ම ය. එය අන් කෙනකුට කළ හැකි දෙයක් නොවේ. තමන් ම කරගත යුතු දෙයකි. ඒ සඳහා අන්‍යයන්ගෙන් මාර්ගෝපදේශ පමණක් ලබාගත හැකි ය. බෞද්ධයන් ලෙස අපට සම්බුදු දහම තුළ ඒ මාර්ගෝපදේශකත්වය මනාව ලද හැකි ය.

රාගය හෙවත් ඇලීම සිත වෙළී පවතින කසළ ගොඩක් හා සම ය. රාගය ඇති තැන සිත ගිනියම් වනවා මිස නිවීමක් නැත. එවැනි පරිසරයක කෙසේනම් සිත කය සුවපත් වන්න ද? එහෙයින් රාගය නම් වූ කුණු කසළ සෝදා හරින්නට නම් මේ ජිවිතය, සසර දුක පිළිබඳව මනා වූ අවබෝධයක් ලද යුතු ය. දහම තුළ ඒ පිළිබඳ මනාව විග්‍රහ කොට ඇත. තමන්ගේ යැයි කියා තදින් අල්ලා ගන්නා සියල්ල යම් මොහොතක අතහැරෙනවා නියත ය. එහෙයින් සැබෑව තේරුම් ගෙන රාගය නම් වූ ඇලීම දුරු කරන්නට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් දේවල් අහිමි වීම පිළිබඳ ඇතිවන පීඩාව, අසහනය ඔහු කෙරෙන් ගිලිහී යන්නේ ය.

ද්වේෂයට කියන තවත් නාමයකි, ගැටීම. මේ අයහපත් සිතිවිල්ල නිසා සිත මොන තරම් ගිනියම් වනවා ද? තමන් ද දැවී අනුන් ද දවාලන්නට තරම් මේ ගින්න ප්‍රබල විය හැකි ය. ඇසිපිල්ලමක් ගසා ඊළඟ ඇසිපිල්ල ම ගසන මොහොතේ ජීවිතය ගිලිහී යන්නට පුළුවන. එවැනි අස්ථිර ජීවිතයක අනුන් ගැන ද්වේෂ කරමින් වටිනා මිනිස්කමට කැළලක් එක් කර ගන්නේ කුමට ද? අනෙක් අතට ද්වේෂය නිසා විනාශ වී යන්නේ ද තමන්ගේ සැනසීම බව අමතක නොකළ යුතු ය.

මෝහය නම් මුලාව ය. අනුවණකම ය. රාගය, ද්වේෂය, මෝහය තුළ ඇති භයානක බව නුවණින් හඳුනා ගත යුතු ය. ඒ හඳුනා ගැනීම තුළ එම අකුසල සිතිවිලි ටිකෙන්ටික හෝ දුරු කරන්නට උත්සාහ ගත යුතු යුතු ය.

අද බොහෝ දෙනකුගේ සතුට සැනසීම ගිලිහී ගොස් තිබෙන්නේ නිදන්ගත රෝගාබාධ නිසා ය. දියවැඩියාව අධිරුධිර පීඩනය ආදී රෝගයන්ගෙන් නො පෙළෙන අය දුලබ ය. මෙවැනි රෝගා බාධයන්ට මානසික පීඩනය ද යම් තාක් දුරට හේතුවන බව වෛද්‍ය මතයයි. එහෙයින් සිත පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍ය ද ය.

බාහිර පරිසරය හා ගැටීම නිසා කුණු දුහුවිලිවලින් අපවිත්‍ර වන සිරුර පිරිසුදු ජලයෙන් සෝදා හරින්නා සේ විවිධ දේ සමඟ ගැටෙමින් අපිරිසුදු වන සිත පිරිසුදු කරගත යුතු ය. ඒ කුසලමය සිතිවිලිවලින් . ඒ සඳහා අවශ්‍ය වන්නේ ජීවිතය හා ලෝක ස්වභාවය මනාව තේරුම් ගැනීම ය. උත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම තුළ ඒ යතාර්ථය ක්‍රියාවට නැඟීම ය.

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]