[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඓතිහාසික මලගනේ ශ්‍රී වළගම්බා රාජමහා විහාරය

මෙම ලෙන් විහාරයෙහි උළුවහු, දොරටු අලංකාර වන සේ මල් මෝස්තර හා මිනිස් රූප ප්‍රධාන දොරටුවට ඉහළින් ඇඳ ඇත. කුරුණෑගල පුත්තලම් ප්‍රධාන මාර්ගයේ වාරියපොල නගරය පසුකර පුත්තලම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගොස් පොලීසිය හන්දියෙන් දකුණට ඇති මලගනේ මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමණ ගමන් කළ විට මාර්ගයට වම් පසින් පිහිටි මෙම පින්බිම හමුවේ. ජනප්‍රවාදයට අනුව වළගම්බා රජු විසින් මෙම විහාරය කර වූ බව සඳහන් ය. මේ ආශි‍්‍රත ව කටාරම් සහිත ලෙනක්, මහනුවර යුගයේ නිර්මාණ ලක්ෂණවලින් යුත් ලෙන් විහාරයක් හා ගල් කණු සහිත ගොඩනැඟිල්ලක නටබුන් දක්නට ලැබේ. අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වූ මෙම පර්වතයේ ප්‍රධාන ගල් කුළ ආශ්‍රිත ව කටාරම් කෙටූ ලෙනකි. මීටර්20 ක් පමණ උසින් යුත් ගල්කුළෙහි නැගෙනහිර දකුණ හා බටහිර දිශාවලට ලෙන් විවරය මුහුණලා ඇත. මෙම ලෙන මහනුවර අවධියේ විහාර ගෙයක් බවට පරිවර්තනය කරගෙන ඇති අතර ඒ, තුළ බෝධිසත්ව ප්‍රතිමාවක්, හිටි බුද්ධ ප්‍රතිමා තුනක්, හිඳී බුද්ධ ප්‍රතිමා, විශ්ණු දේව ප්‍රතිමාවක් හා සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ.


ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]