ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර අටවක පෝදා 2021 නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස... - සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං - යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා - නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච සුග්ගතිං - තස්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම්පරායිකං - පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති. පින්වතුනි, අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඉහත ගථා ධර්මය ඇතුළත් වන්නේ සංයුත්ත නිකායට අයත් කෝසල සංයුත්තයෙහි අය්‍යකා සූත්‍රයට යි. මෙහි සරල අර්ථය මෙසේ යි. සියලු සත්වයෝ මරණයට පත්වෙති. ජීවිතය මරණය කෙළවර කොට ඇත. එසේ හෙයින් පින් පව්වලට අනුව පව් කළ අය නිරයට යති. පින් කළ අය සුගතියට යති. මෙම සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ පසේනදී කොසොල් රජතුමා මුල් කරගෙනයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටි එක්තරා දිනක දිවා කාලයෙහි පසේනදී කොසොල් රජු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වැඳ එකත්පසෙක සිටියා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගෙන් ‘මේ දවල් කාලයෙහි කොහි සිට එන්නේ දැයි’ විමසුවා. ‘බුදුරජාණන් වහන්ස’ මට බොහෝ ලෙස ප්‍රිය වූ, මනාප වූ මාගේ අවුදරුදු එකසිය විසි එකක් ජීවත් වූ මිත්තණිය අද කලුරිය කළා. මට බොහෝ සෙයින් සෙනෙහස දැක් වූ ඇයගේ ජීවිතය මාගේ හස්ති සමූහය දී බේරා ගන්නට හැකියාව තිබුණි නම්, මම මාගේ හස්ති රත්නය දී හෝ ඇය බේරා ගන්නවා. ජීවත් කරවනවා. මාගේ අශ්ව සම්පත දී හෝ ඇයගේ ජීවිතය බේරාගත හැකි ව තිබුණි නම්, මම මාගේ අශ්ව රත්නය දී ඇය බේරා ගන්නවා. ගම්වරයක් දී ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණා නම්, එසේ කරනවා.
නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
නොවැම්බර් 11
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]