[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මරණ තුනක්

මරණ තුනක්

එක් වැද්දෙක් දුනු හී රැගෙන වනයට ගොස් සද්දන්ත ඌරකුට හීයෙන් විද්දා. හී පහර කමින් ඌරා වැද්දාගේ ඇඟට පැන වැද්දා විනාශ කළා. ඒ සමඟම හී පහර වැදුණු ඌරා ද මැරී එතැනම වැටුණා. අධික බඩගින්නෙන් යුත් හිවලකු මෙතැනට ඇවිත් ගොදුරු දෙක වහා කා නොදමා මුලින්ම දුන්නෙහි හම්පට කා දැමීමට පටන් ගත්තා.

මෙසේ මෝඩ, ලෝභකමමින් මැඩුණු හිවලා හම්පට කන අතර, දුන්නෙහි බැම්ම සිඳී දුණු ගස සිවලාගේ හිස පසාරු කොට සිවලාට මරු කැඳෙව්වා. සිවලා එතැන මැරී වැටුණේ මළ කඳන් දෙකට තව එකක් එකතු කරමිනි.

කෝ නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ

මේ ජීවිතය ආශාවෙන්, තරහින්, මෝඩකමින්, වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සේම ගිනි ඇවිලෙද්දී මොන හිනා ද? මොන සතුටක් ද? අනවබෝධය නැමති ඝන අඳුරේ ගිලී සිටින ඔබ පහනක් නො සොයන්නේ ඇයි?

උපදේශය - ලෝභකමත් මෝඩකමත් එකට එක් වූ තැන කළ යුතු නොකළ යුතු දෑ නොහඳුනයි.

ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]