[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාරද්වාජ බමුණා ප්‍රසාදයට පත්වීම

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

බණ පොත හැඩ කළ අපේ පුරාණ පුස්කොළ පොත් සිතුවම් කලාව

පුරාණ ලක්දිව සිතුවම් කලාව පිළිබඳව අවධානය යොමුකරන විට බොහෝවිට කථිකාවට ලක්ව ඇත්තේ ගල් ලෙන් හෝ මැටි වරිච්චි හෝ ගඩොල් බිත්ති මත අඳීන ලද සිතුවම් පිළිබඳව පමණක් බව පෙනේ. එම නිසාවෙන් පුස්කොළ පොත් සිතුවම් කලාවක් පුරාණයේ පැවැතියේ ය යන්න පවා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචිලිත ව නොමැත. අනුරාධපුර යුගය හා පොළොන්නරු යුගයන් තුළ දී පුස්කොළ පොත් මත සිතුවම් ඇඳී බවට පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍ය මූලාශ්‍ර සාධක නොලැබේ. සංකාන්ත්‍රික අවධියේදී කරන ලද පුස්කොළ පොත් කිහිපයක සාධක ලැබී ඇති අතර මහනුවර යුගයේදී ඇතිවූ ලේඛන ප්‍රබෝදයත් සමග මෙම කලාව වර්ධනය වී ඇති බව පෙනේ. පුස්කොළ පොත් සිතුවම් කලාව ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි අතර ඒවා නම් පුස්කොළ පොත් කම්බ සිතුවම් හා පුස්කොළ පිටපත් සිතුවම් ලෙස ය. දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දි කරනු ලැබීයැයි සලකන චුල්ලවග්ගපාලි පුස්කොළ අත්පිටපතේ පොත් කම්බයේ බහුවර්ණික රූප සටහන් දක්නට ලැබේ. එසේම මෙම අවධියේ ම කරන ලද සාරත්ථදීපනී විනය ටීකා පුස්කොළ පොත් කම්බයේත් ඒකවර්ණ සිතුවම් දක්නට ලැබෙන බව සෝමතිලක මහතා පෙන්වා දෙයි. පුස්කොළ පොත් කඳම්බයන්හි සිතුවම් නිර්මාණ ක්‍රමයක් පැවැති අතර මේ පිළිබඳව අපූර්වතම විග්‍රහයක් ආරිය ලගමුව මහතා ඉදිරිපත් කර තිබේ. පොත්කම්බා විසිතුරු කිරීම සඳහා කැටයම් සහිත හෝ කැටයම් රහිත හෝ යන කම්බා වර්ග දෙකොටසේ ම ස්වභාවික වර්ණ භාවිතයෙන් හෝ ලක්ෂා භාවිතයෙන් සිතුවම් කිරිම විශේෂ ලක්ෂණයකි. කැටයම් සහිත කම්බාවල පිටත ස්ථරය සිතුවම් කරන ලද්දේ අල්ප වශයෙනි. එය ද සිතුවම් කිරීමක් නොව කැටයමට ගැලපෙන පරිදි එහි වර්ණ ගැන්වීමයි. කැටයම් රහිත අන්දම ඉතා විසිතුරු ලෙස විවිධ මෝස්තරවලින් අලංකාර කර තිබේ. ඇත්දත්, ලෝහ හා පුස්කොළ යන ද්‍රව්‍යවලින් නිර්මාණය කළ කම්බා ද සිතුවම් කර ඇති අතර දැව කම්බා බහුතරය සිතුවම් කර ඇත. මෙම කම්බාවල සිතුවම් වැඩ පුස්කොළ පොත් නිර්මාණ ශීල්පීන් විසින්ම කරන ලද බව සිතිය හැකි අතර ලාක්ෂා ශිල්පීන් හා සිත්තරුන් විසින් ද කරන්නට ඇති බවට මත තිබේ. ඒ බව එස්.පී චාර්ල්ස් මහතා ද සඳහන් කර තිබේ.

සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන අප සිරිලක් දරුවෝ

ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් පිළිබඳ මූලික දර්ශනය මැනවින් පැහැදිලි කරන චිත්තාකර්ශණීය ප්‍රකාශනය දහම් පාසල් ගීතයයි. සෝමපාල රාජකරුණා මහතා විසින් රචිත මෙම ගීතයේ දර්ශනය තූන් කාලයට ම ගැලපෙන්නකි. ලංකාවේ දහම් පාසල් ආරම්භ වුයේ 1895 අගෝස්තූ 3 වැනි දායි. හෙන්රි ස්ටීල් ඕල්කට්තූමා ලංකාවට පැමිණියේ 1880 මැයි 17 වැනිදායි. එතුමා ලංකාවට පැමිණියේ 1873 සිදු වූ ඓතිහාසික පානදුරා වාදයේ වාර්තා දැකීමෙන් පසුවයි. නිල වශයෙන් බෞද්ධ බවට පත්වූයේ 1880 මැයි 25 වැනිදා ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේ දී අක්මීමන ධම්මාරාම ස්වාමින් වහන්සේගෙන් තිසරණ පංච ශීලය සමාදන් වීමෙනි. එහි දී එච්. පී. බ්ලැවස්කි මැතිනිය ද උපාසිකාවක් බවට පත්වූවා ය. 1889 දී ගාල්ල විජයානන්ද විහාරස්ථානයේ එතුමාණන්ගේ අනුශාසනා යටතේ ඩී. ජේ. සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දහම් පාසලක් ආරම්භ වුව ද එය අතර මඟ බිඳ වැටිණි. 1885 නැවත දහම් පාසලක් ආරම්භ වූයේ ඕල්කට් තුමාගේ අනුශාසනා පරිදි ඇල්ලේපොල ජිනෝරස ස්වාමින් වහන්සේගේ ප්‍රධානාචාර්යත්වයෙනි. දහම් පාසල තරම් සිත් ඇදගන්නා වෙනත් අධ්‍යාපන පාඨමාලාවක් ලංකාවේ නැත. වෙනත් වචනයක් නැති බැවින් පාසල, විද්‍යාලය, පාඨශාලාව යන වදන් ප්‍රකාශ කළත් ඇත්ත වශයෙන් ම මෙය බටහිර ජාතීන් ඇති කළ පාසල නොවේ. මෙයට යෙදිය හැකි වචනයක් අද වත් කල්පනා කළ යුතු ය. දහම් නිකේතනය වැනි හඳුන්වාදීමක් වඩා උචිතයැයි පෙනේ. දහම් පාසල සාමාන්‍ය පාසලෙන් වෙනස් වන අංශ කිහිපයක් ම වෙයි. එනම් දහම් පාසලේ සමාජ සම්බන්ධතාවය සර්, මිස්, ටීචර් නොව අයියා,අක්කා, යන වචනයෙන් යුක්ත වීම හා එහි ප්‍රතිලාභීන් දුව, පුතා වීමයි.තවත් කරුණක් නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ගූරුවරයා ලෙස පිළිගැනීමයි. බුදුරජාණන් වහන්සේ දැකිය හැක්කේ ධර්මයෙන් ලෙස සැලකීමයි.

 

ධර්ම දේශනාව:

මිනිස් ලොව උපන් පමණින් මනුෂ්‍යයෙක් වියහැකි ද?

දුල්ලභො භික්ඛවෙ මනුස්සත්ත පටිලාභො - කිච්චො මනුස්ස පටිලාභො - කිච්චං මච්චාන ජීවිතංති. මනුෂ්‍යයාගේ ස්භාවය තමයි මිනිසත්බව කියලා කියන්නේ. කිච්චො මනුස්ස පටිලාභො කියන බුද්ධ වචනය දිහා විමසුම් නුවණින් නැවත නැවතත් බලනවිට අපිට පේනව, නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, අරූප, අසංඥතල, පිටසක්වල ආදීතැන්වල නොඉපිද, පංච ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැතිව, මිථ්‍යාදෘෂ්ටිය, අබුද්ධොත්පාද කාලය කියන අෂ්ට දුෂ්ටක්‍ෂණ කාලයෙන් මිදිලා, බුද්ධෝත්පාද කාලයකම අපට ඉපදෙන්නට ලැබීම කොච්චර වාසනාවක් ද කියල. මිනිසත්කම ලැබීම ලෝකයේ අතිශය දුර්ලභ කරුණක් බවයි ධර්මයෙහි සඳහන් වෙන්නේ. එයිනුත් ඇස් කන් ආදී ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති වාසනාවන්ත මිනිස් ශරීරයක් ලැබීමත් ඉතා දුෂ්කර දෙයක්. බොහෝ අයට මිනිසත්කමේ අගය නොදැනෙන්නේ, නොපෙනෙන්නේ ලෝකයේ බොහෝ මිනිසුන් දකින්නට ලැබෙන නිසයි.බුදු, පසේබුදු, මහරහත් බව ලබන්නට වුවත්, බඹ, සුර, මිනිස් සැප ලබන්නට වුවත්, උපකාරීවන කුසල් දහම් රැස්කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉපදීමෙන් පමණයි. නිරා දුකට පත්වෙලා, ඝොරතර වූ දුක් විඳීන කාලයක හරි, තිරිසන් අපායේ ඉපදිලා අනන්ත හිරිහැරවලට ලක්වෙමින් දුක් විඳීන කාලයක හරි අපි කාටවත් පින්දහම් රැස්කර ගන්නට පුළුවන් කමක් නෑ. ඒ විතරක් නෙමෙයි මිනිසත් ආත්මයක ඉපදුණත් අන්ධවෙලා උප්පත්තිය ලැබුවොත්, ගොළුබිහිරි වෙලා උත්පත්තිය ලැබුවොත්, මිථ්‍යාදෘෂ්ටික කුලයෙක උප්පත්තිය ලැබුවහොත් මේ කිසිම අවස්ථාවක පින්දහම් කරන්නට පුළුවන්කමක් නෑ.

 

අඩුපාඩු හඳුනාගන්න තමන්ගේ ම සිත දකින්න

තමාගේ සිත විනිවිද දැකීම අන්‍ය සිත් දැකීමට වඩා ශ්‍රේෂ්ඨ ය. අ.නි සචිත්ත සූත්‍රය තුළදී බුදුරදුන් දේශනා කළේ තමාගේ සිතේ ආකාරය දැකීමට දක්ෂයෙක් වන්න යනුවෙනි. තමාගේ සිත දැකීම තුළ බොහෝ අඩුපාඩු හඳුනාගැනීමට හැකියාව ලැබේ. තමා තමා විසින් දැකීම අන්‍යයන් තමන් දෙස බලනවාට වඩා වැදගත් ය. මෙහිදී තථාගතයන් වහන්සේ සඳහන් කරනුයේ යමෙක් කණ්ණාඩියකින් මුහුණ බලා තමාගේ මුහුණේ සකස්විය යුතු තැන් සකසන්නේද එසේම සිත සැකසීම එලෙස සිදුකළ යුතු ය. එවිට සසර ගමන අපට සංස්කරණය කරගත හැකි වේ. සසර ගමන නැවැත්වීමේ දී තමන් කරන ක්‍රියා පිළිබඳ අනෙකා කෙසේ සිතයිද ,කුමන අදහසක් ඇතිකර ගනීද යන්න වැදගත් නොවේ. බොහෝ පිරිසකට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ආධ්‍යාත්මික ජිවිතයේ දී තමන්ගේ වත් පිළිවෙත් ගැන අනෙකා කුමන අයුරින් කල්පනා කරයිද යන්න සිතිමයි. තමන් තරුණයකු ලෙස අන්‍ය තරුණයන්ට වඩා ආධ්‍යාත්මික දියුණුව ගැන සිතා කටයුතු කිරීමේ දී තමන්ගේ වයසේ අය මෙන්ම වැඩිහිටියන් කුමන අයුරින් කල්පනා කරයිද තමන් ගැන ඔවුන් කුමන ආකාරයකින් අදහස් දක්වයි ද යන්න නොසිතිය යුතු ය. මන්ද යත් තමන් ගැන හොඳින්ම දන්නේ තමන් බැබිනි.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]