[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වල්ලිපුරම් රන්පත හෙවත් යාපා පටුනේ සිංහල උරුමය

වල්ලිපුරම් නමැති ස්ථානය යාපන දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ වඩමාරච්චි ප්‍රදේශයේ පිහිටියේ ය. වල්ලිපුරම් ගමේ විෂ්ණු කෝවිලට අයත් භූමි භාගයේ කණින අවස්ථාවේ දී රන්පතක් හමුවී ඇත. මෙය ක්‍රි.ව. 1936 දී හමු වූවකි. අත්තිවාරමක් යට තිබී හමු වූ මෙම රන්පත දිගින් අඟල් 3 ක්ද පළල අඟලක් ද පමණ විය. වල්ලිපුරම් රන්පත ලියා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂරවලිනි. මෙම අක්ෂරවල ස්වරූපය අනුව එම අක්ෂර ක්‍රි.ව. දෙවැනි සියවසට අයත් වන බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇත. බ්‍රාහ්මී අක්ෂරවලින් අප රටේ ආදීතම සෙල්ලිපි හා ලෙන් ලිපි ලියා ඇත. මෙම බ්‍රාහ්මී යන වචනය ව්‍යවහාර කොට ඇත්තේ ඒ ලිපිවල ඇති අකුරුවලට මිස භාෂාවට නොවේ. ඒ ලිපිවල භාෂාව ආදිම සිංහල හෝ මුල සිංහලයයි. සමහර උගත්හු මෙයට සිංහල ප්‍රාකෘත යැයි ද කියති.


නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]