[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදාවේ අතීත කථාව 06

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදාවේ අතීත කථාව 06

වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමියන්ගේ 323 වන ජන්ම සංවත්සරය, 243 වන අනුස්මරණය හා මහා විහාරවංශික ස්‍යාමෝපසම්පදාවට වසර 268ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

ඌව වෙල්ලස්ස, දඹවින්න, පාළුගම, කළුබුළුලන්ද, පොතුබන්ධන, තැරෑල, කොටේරවෙල, මුප්පනේ, මොණරාගල, බුත්තල වෙහෙරගොඩ ආදී සංඝ පරම්පරාවන් ඇතිවී, එකී ප්‍රදේශයන්හි විහාරස්ථාන මෙන්ම අධ්‍යාපනය ද වැඩිදියුණු වීමට පටන් ගැනුණි.

සබරගමු පළාතෙන් මෙන්ම පහතරටින් වැඩමවා අධ්‍යයනය හා උපසම්පදාව ලබාගත් සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යන් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමි, වේහැල්ලේ ධම්මදින්න හිමි, කරතොට ධම්මාරාම හිමි, බෝවල ධම්මානන්‍ද හිමි, සාලිඇළේ වනරතන හිමි, රන්සෑගොඩ ධම්මදස්සිහිමි, පල්ලත්තර පුඤ්ඤසාර හිමි, දෙමටපිටියේ සංඝරක්‍ඛිත හිමි, අගලකඩ ධම්මරක්‍ඛීත හිමි ආදී හිමිවරු දක්‍ෂිණ ලංකාවේ වෙහෙර විහාර දියුණු කරමින් ධර්ම ශාස්ත්‍රාලෝකය පැවැත්වූහ.ඒ නිසා මාතර සාහිත්‍ය යුගයක් බවට ද පත් වූ අතරම, වලානේ සිද්ධාර්ථ නාහිමි මුල්වී පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කළහ. පසුව එම අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යන් අතරින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි විසින් 1773 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනත්, රත්මලානේ ශ්‍රී ධම්මාරාම නාහිමි විසින් 1775 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරමින් එදා වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් මහනුවර පෝයමළු විහාරයත්, නියමකන්දේ අධ්‍යාපන ආයතනත් මුල්කොට ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රදීපය දසත ආලෝකය විහිදුවමින් ශ්‍රී ලංකා ධරණි තලයේම අධ්‍යාපනය වැඩිදියණු කිරීමට හැකිවිය. එහි ප්‍රතිඵලය වූයේ අදවන විට වර්තමාන ලෝකයාම පිළිගන්නා පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය ආදී විශ්වවිද්‍යාල සහිත විවිධ අධ්‍යාපන ආයතන බිහිවීමයි. රටපුරා ශාසනික ශාස්ත්‍රීය දියණුවේ ආරම්භය ඇති වූයේ වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ නිසා ය.

භාරත දේශයේ පවා පිරිහී ගිය සම්බුද්ධ ශාසනය නැවත ඇති කිරීමට පැවිදි උපසම්පදාව ලබාගත් අනගාරික ධර්මපාල තුමාට එවන් සේවයක් කිරීමට හැකි වූයේ සංඝරාජ මාහිමියන් සිදුකළ ශාසනික ධර්ම ශාස්ත්‍රීය සේවය නිසාම ය.

මෙවන් ශාසනික ආගමික, ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික වූ අසීමිත සේවයක් සලසා වදාළ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ 1698 ජුනි 18 දින උපත ලබා 1753 ජූලි මස 15 ඇසළ පොහෝදින උපසම්පදාවත් ලබා උපතින් අසූ වස් සපිරෙත්ම 1778 ජූලි මස ඇසළ පොහෝදින මහනුවර මල්වතු මහා විහාරයේදී අපවත්වී වදාළ හ.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]