[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඩුපාඩු හඳුනාගන්න තමන්ගේ ම සිත දකින්න

අඩුපාඩු හඳුනාගන්න තමන්ගේ ම සිත දකින්න

තමාගේ සිත විනිවිද දැකීම අන්‍ය සිත් දැකීමට වඩා ශ්‍රේෂ්ඨ ය. අ.නි සචිත්ත සූත්‍රය තුළදී බුදුරදුන් දේශනා කළේ තමාගේ සිතේ ආකාරය දැකීමට දක්ෂයෙක් වන්න යනුවෙනි. තමාගේ සිත දැකීම තුළ බොහෝ අඩුපාඩු හඳුනාගැනීමට හැකියාව ලැබේ.

තමා තමා විසින් දැකීම අන්‍යයන් තමන් දෙස බලනවාට වඩා වැදගත් ය. මෙහිදී තථාගතයන් වහන්සේ සඳහන් කරනුයේ යමෙක් කණ්ණාඩියකින් මුහුණ බලා තමාගේ මුහුණේ සකස්විය යුතු තැන් සකසන්නේද එසේම සිත සැකසීම එලෙස සිදුකළ යුතු ය. එවිට සසර ගමන අපට සංස්කරණය කරගත හැකි වේ.

සසර ගමන නැවැත්වීමේ දී තමන් කරන ක්‍රියා පිළිබඳ අනෙකා කෙසේ සිතයිද ,කුමන අදහසක් ඇතිකර ගනීද යන්න වැදගත් නොවේ. බොහෝ පිරිසකට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ආධ්‍යාත්මික ජිවිතයේ දී තමන්ගේ වත් පිළිවෙත් ගැන අනෙකා කුමන අයුරින් කල්පනා කරයිද යන්න සිතිමයි.

තමන් තරුණයකු ලෙස අන්‍ය තරුණයන්ට වඩා ආධ්‍යාත්මික දියුණුව ගැන සිතා කටයුතු කිරීමේ දී තමන්ගේ වයසේ අය මෙන්ම වැඩිහිටියන් කුමන අයුරින් කල්පනා කරයිද තමන් ගැන ඔවුන් කුමන ආකාරයකින් අදහස් දක්වයි ද යන්න නොසිතිය යුතු ය. මන්ද යත් තමන් ගැන හොඳින්ම දන්නේ තමන් බැබිනි.

එහෙත් පැවැත්ම සම්බන්ධයෙන් එසේ සිතිය යුතු නොවේ. අනෙකා සිතන විදිය පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍යය. මම මට ඕන විදියට ඉන්නවා කවුරුත් මට නීති දාන්න එපා මගේ තෙල් මගේ වාහනය .ඉතින් අනිත් අයට තියෙන ප්‍රශ්නය මොකක් ද මේ ආදී උද්ධච්ච ප්‍රකාශ කරමින් කටයුතු කළ නොහැකි ය. මන්ද යත් සියල්ලම මනාව තේරුම් ගෙන කටයුතු කිරීම අවශ්‍ය බැවිනි.

තමන්ගේ සිතට තමාම වංචා කරගැනීම නුසුදුසු ය. ඒ තුළ රැවටෙන්නේ තමන්ම බැවිනි. තමන් කරන පින්කම් පිළිබඳව හෝ ක්‍රියාකාරකම් ගැන වඩා අවංක වීම අවශ්‍යය. සියල්ලටම බලපානු ලබන්නේ තම සිතයි. සිතේ ඇතිවන සිතුවිලි මත හොඳ හෝ නරක ගණනය වේ. ඒ තුළ පව් පින් කුසල් අකුසල් හඳුනා ගත හැකි ය.

බුදුදහම කර්ම ලෙස දක්වන්නේ ද චේතනාවය. සචිත්ත සූත්‍රයේදී තවදුරටත් දක්වන්නේ තමා තමාගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරන්න එහිදී බහුලව තිබෙන දෑ තේරුම් ගෙන එම අඩු පාඩු සකසාගත හැකි ය. සූත්‍රයට අනුව කාරණා 10 ක් පිළිබඳව තමන් අවධානය යොමු කිරීම අවශ්‍ය ය.

ලෝභය සිතෙහි අඩුද වැඩිද, කෝපය සිතෙහි අඩුද වැඩිද, මැලිකම, කුසීතකම අඩුද වැඩිද, විසිරුණු බව, සැකය, ක්‍රෝධය, කිලිටිබව, දාහය, සිතෙහි අඩුද වැඩිද, වීර්යය සිතෙහි අඩුද වැඩිද, එකඟබව සිතෙහි අඩුද වැඩිද

මෙලෙස දක්වනුයේ තමා ඇතැම්විට මුළාවට පත්වී පින කුසලය යැයි සිතා පව් අකුසල් සිදු කරගැනීමට පෙළඹෙන නිසාවෙනි. ලෝභය තමන් තුළ නැතැයි වඤ්චක ධර්මයන්වලට රැවටී කටයුතු කිරීම ඇතැමෙක් නොදන්නාකම නිසා රැවටී සිටිය හැකි ය. මන්දයත් ලෝභය විවිධ වේශයන් තුළින් සිතට එන බැවිනි. ඒ තුළ තමා නොදැනුවත්වම මහත් අපහසුතාවයන්ට පත්වේ. එහෙයින් තමාගේ සිත ලෝභයෙන් මැඩී ඇත්නම් එය සකසා ගැනීමට සිත කියවිය හැකි විය යුතු ය. නැතිනම් කුසලය යැයි සිතා බොහෝ අකුසල් සිදු කරගනී.

කෝපයද එසේමය ඇතැම් විට නිවන ,පරාර්ථ චර්යාව පරෝපකාරය වැනි වදන් මුලට යෙදුන ද ,තමාට තමාව තේරුම්ගත නොහැකිවීම මත ඊට හාත්පසින් වෙනස් දේ සිදුවීමට අවස්ථාව සැලසේ. උත්තේජනය නොමැතිව කිසිදු කටයුත්තක් නිසියාකාරව කළ නොහැක. එය ඇලීම හෝ ගැටීමෙන් තොරව ඇතිවන්නේ ප්‍රඥාව ඇති අයට පමණි. එසේ නොමැතිවිට සිත යහපතෙහි යෙදවීමට බාධා පැමිණේ. වීර්යය සැබෑ යහපත වෙනුවෙන් පවතීද යන්න තේරුම් ගැනීම වැදගත් ය. එසේ නැතිවුවහොත් වීර්ය අවභාවිතා වීම මත ලැබූ මිනිස් දිවියෙන් නියම ප්‍රයෝජනය ලැබිය නොහැකි ය. ඇතමකුට තෘෂ්ණාව සඳහාද කෝපය භීතිය සඳහා වීර්ය උපදී .නමුත් සසර නුවණින් දැකීමට වීර්ය ඇති නොවේ.

සිතුවිලි විසිරී ඇතිනම් එකඟ සිතක් නොපවතී. ඒ මත තම කටයුතු මනාව පවත්වාගෙන යාම ගැටලු සහගත ය . සිත විසිරී ඇති බව නොහඳුනන කෙනකුට ඒ සිත එකඟ කරගැනීමට අවශ්‍ය දෑ සම්පාදනය නොවේ.

සමාධියෙන් තොරව ප්‍රඥාව ලබාගැනීම අපහසු ය. එමෙන්ම තම සිත කිලිටි වී ඇත්නම් එය පිරිසුදුකර ගත යුතු ය. තම සිත නොදකින කෙනෙකුට සිත කිළිටිවීද යන්න තේරුම්ගත නොහැකි වේ. අනවශ්‍ය කෙලෙස් සිතේ තැන්පත් කොට ගෙන එයට වටිනාකම් ලබාදීම නොවැදගත් පුද්ගලයන් හෝ වස්තු පිළිබඳ සිතීම අධ්‍යාත්මික නොවේ. අනවශ්‍ය

බරක් හිසේ තබා ගැනීම මත අවශ්‍ය දේ මඟහැරී යනු නොඅනුමානය. එය විවේක බුද්ධියෙන් සිතිය යුතු ය. ක්‍රෝධය ද එසේම ය. තම ලේ අපිරිසුදුවී ආයුෂ කොට වී විරූපී දුර්වර්ණ රූපයක් ලැබීම මේ තුළ ඇති වේ.මන්දයත් දුර්වල වූ මනසක් සමඟ ශක්තිමත් ශරීරයක් තිබිය නොහැකි ය.

මෙය වර්තමානය සමඟ මනාව ගලපාගත හැකි ය. කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල්ගත වූ විට බොහෝ විට දකින්නේ ජීවිතයත් මරණයත් අතර සටන් වදින රෝගීන් ය.

එවිට ශක්තිමත් කෙනෙක් වුවද සිත ශක්තිමත් නොවේ නම් ඔවුන් මානසිකව ඇද වැටේ. එය මරණය පවා සිදුවීමට හේතුවකි. එහෙයින් තම සිත පිළිබඳ සියල්ලෝම නිවැරැදි තක්සේරුවක් සිදුකරගෙන සිත සකසාගැනීම ඉතා වැදගත් ය. මේ සූත්‍රයේ දී විශේෂයෙන් අවධාරණය කරන්නේ හිස ගිනිගත්, ඇඳුම ගිනිගත් කෙනෙක් එය නිවාලන්නා සේ වහා සිත සැකසිය යුතු ය. මෙය නිවැරැදිව බව තේරුම්ගෙන තම සිත දකින්න කටයුතු කළ යුතු වේ.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]