[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනාථ බමුණෙකු වෙත පිහිටවීම

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට පින්කම්

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් පෙබරවාරි මස 03 වන දා සවස 06.30 ට විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම ගුණානුස්මරණ පින්කමට සමගාමී ව පෙබරවාරි 04 වන දින බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම මඟින් සංවිධානය කරන අක්ෂි වෛද්‍ය සායනයක් ද, පෙබරවාරි 11 වන දින සවස මිහිඳු මෙත් මැදුරේ නේවාසික රණවිරුවන් උදෙසා ධර්ම දේශනාවක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පාර්සල් බෙදා දීමක් ද සිදු කෙරේ. එමෙන්ම ප්‍රජා සංවර්ධන පදනමේ ආදී සාමාජිකයන් විසින් පෙබරවාරි 02 වන දා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත. මෙයට අමතරව බෙල්ලන්විල විහාරස්ථ දායක සභාව විසින් පෙබරවාරි 16 වන දින ඇල්පිටිය, පිටිගල, මානම්පිට පුණ්‍යවර්ධනාරාමයේ දී ගම්වැසියන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත්, පොත් බෑග් හා නිලඇඳුම් බෙදාදීමක් ද සිදුකරනු ඇතැයි විහාරාධිකාරී ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියෝ පවසති.

ධර්ම දේශනාව:

බුදුවරු මග කියන්නෝ ය

“බ්‍රාහ්මණ තිට්ඨතෙව නිබ්බානං තිට්ඨති නිබ්බානගාමී මග්ගො, තිට්ඨාමහං සමාදපෙතා, අථ ච පන මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනූසාසීයමානා අප්පකෙච්චෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති, එත්ථ ක්‍යාහං, බ්‍රාහ්මණ , කරොමි? මග්ගක්ඛායීහං , බ්‍රාහ්මණ තථාගතොති.” (බ්‍රාහ්මණය, නිවනක් ඇත. නිවනට යන මගක් ද ඇත. යොදවන්නා වූ මමද සිටිමි. මා විසින් මෙසේ අවවාද අනුශාසනා කරන විට සමහරු ඒකාන්තයෙන් නිෂ්ටාව වූ නිවනට පැමිණෙත්, සමහරු නොපැමිණෙත්, බ්‍රාහ්මණය, මෙහි මම කුමක් කෙරෙම් ද? බ්‍රාහ්මණය, තථාගත තෙම මග කියන්නේ වේ) බුදුන් වහන්සේ විසින් ලෝකයට විවෘත කළ ධර්මය පරිපූර්ණ වශයෙන් ජීවන දර්ශනයකි. එය ඇදහීමකට වඩා පිළිපැදීමට සමීප දහමකි. බුදුරජාණන් වහන්සේලා කරන්නේ, නටබුන් ඔස්සේ පැරණි නගරයක් මතු කරන්නාක් වැනි ක්‍රියාවකි. එය සදාතනික පරම සත්‍යයේ පණිවිඩයයි. බුදුන් වහන්සේ පහළ වන අවධියේ දෘෂ්ටි ජාලයක ගැටුමක් පැවති බවත්, 62 දෘෂ්ටි අතරින් බුදුසමය ප්‍රවේශමෙන් මතු වී ඇති බව පළමුව තේරුම් ගත යුතු ය. එකල සියලු ඉගැන්වීම්වලට වඩා බුද්ධ දේශනාව විශේෂ වන්නේ එහි වගකීම පැවරෙන්නේ අන් කිසිවකුට නොව අනුගමනය කරන්නාට ය. මෙය එක්තරා පර්යේෂණයකි. ලෙඩවීම, වයසටයාම, මරණය ආදී ධර්මතා ඉදිරියේ ලෙඩ නොවී අමරණීය වන ආකාරය පිළිබඳ ආර්ය පර්යේෂණයකි.

 

නිදහස හා සහජීවනය

මෙලොව උපන් සෑම සත්ත්වයෙකුට ම උපතින්ම යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස ඉන් පළමුවැන්න යි. අනවශ්‍ය බැඳීම්, යටත්වීම් සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට සැවොම පි‍්‍රය කරති. නිදහස තනි පුද්ගලයෙකු වශයෙන් හා පවුලක සාමාජික පිරිසක් වශයෙන් භුක්ති විඳීම එහි මූලික අවස්ථාව ලෙස දැක්විය හැකි ය. එය සාමූහික ව රටක්, ජාතියක් ලෙස භුක්ති විඳීම නිදහසේ පොදු අවස්ථාව ලෙස දැක්විය හැකි ය. සියලු සත්ත්ව වර්ගයා ජීවත්වනුයේ එකම සමාජය ඒකාකාරී රාමුවක් තුළය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසිකර දැමීම මානුෂික වශයෙන් මෙන් ම සදාචාරාත්මක වශයෙන් කිසිදු හේතු යුක්ති සහගත ක්‍රියාවක් නො වේ. ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වු සර්වකාලීන හා සර්ව භෞමික ඉගැන්වීමක් පළමුවෙන් ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ ය. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී එකල මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව නොපැවතුණි. බමුණන් විසින් වර්ග කරන ලද චතුර්වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි. “බ්‍රාහ්මණ. ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනු එම චතුර්වර්ණයයි. මෙම වර්ගීකරණයට අනුව බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙස ද, රජුගේ උපදේශකවරුන් ලෙස ද පෙනී සිටි අතර මිනිස් සමාජය උසස් පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැ යි යන්න ඔවුන් ගේ නිසැක පිළිගැනීම විය.

 

අවබෝධයෙන් කළ යුතු පැන් පූජාව

ඇල්වතුර වදනට ගෞරවයක් වශයෙන් පැන් යනුවෙන් සඳහන් කරයි. සිසිල් පැන් පූජාව, උණු පැන් පූජාව , එයටම ඖෂධ හෝ යමක් මිශ්‍ර කළ විට ගිලන් පස පූජාව වෙයි. උදේ කාලයේ ආහාර පාන පූජා කිරීම, හවස් කාලයේ ගිලන් පස පූජාව සිදු කරයි. බුදුරජාණන් වහන්සේට සැඳෑ කාලයේ මල්, පහන්, ගිලන් පස ,උණු ප ැන් , සිසිල් පැන්, දැහැත් ආදී පූජා කරනු ලබයි. ආහාර පාන උදේ දවල් පූජා කරනු ලබයි. දිනපතාම සෑම නිවසක ම ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පිරිසුදු ඇල් පැන් වීදුරුවක් හෝ අඩුම තරමේ පූජා කරන්න. මෙයට අනූ එක් කල්පයකට පෙර බන්දුමතී නගරයේ අන්‍යයන්ට වතුර ඇද ජීවත් වන පවුලක් වාසය කළා. එක්තරා දිනක මේ දිළිඳු තැනැත්තිය මහ මඟ වැඩම කරන විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දුටුවා. ඇයට කිසිවක් පූජා කරන්න නොමැති වුවත් ඇය ඉතා පහන් සිතින් බුදුරජාණන් වහන්සේට ඇල් පැන් පූජාවක් සිදු කළා. ඇය දිනපතා ම විහාරයේ පැන් තැබීම ආදිය ද සිදු කළා. බලන්න, ඇල් පැන් පූජාවේ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව දිව්‍ය විමානයක දහසක් දිව්‍යාංගනාවන්ට ප්‍රධාන ව උපත ලැබුවා. පැන් පූජා කිරීමේ පිනෙන් ඇය වාර විස්සක් ම සක් දෙව් රජතුමාගේ මහේෂිකාව බවට පත්ව උපත ලැබුවා. ඒ අනූ එක් කල්පයකට පෙර කළ පින්කම නිසයි. මේ කල්ප අනූ එකේම ඇය දෙව්ලොව සහ මනුලොව පමණක් ම වාසය කළා. අහසේ හෝ කඳු මුදුනක හෝ කුමන තැනක වාසයක් කළත් , ඇයට ක්ෂණික ව පැන් ලැබුණා. මේ තැනැත්තියගේ සිරුර කිසිදිනක උෂ්ණයෙන් පීඩාවට පත් වුණේ නැහැ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»

 


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]