[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශික්ෂණය සහ ප්‍රඥාව

දහමින් පෝෂිත පාසල

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියා දෙමින්, ගුණවත් නැණවත් බොදු දරුවකු බිහි කරන මූලික ස්ථානය දහම් පාසලයි. ප්‍රථම ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා දහම් අධ්‍යාපනය හැදෑරිමට අවස්ථාව උදාකර දී තිබේ. මැණිකක් ඔප දමන්නාක් මෙන් බොදු දරුවන්ගේ දක්ෂතා ලොව පුරා බෙදා හැරීමට මාණ්ඩලික මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් මෙන් ම, සමස්ත ලංකා මට්ටමින් තරග පැවැත්වීමට දහම් පාසල තුළින් මහඟු මෙහෙයක් ඉටු කරයි. දැහැමි දරුවකු ගමට, රටට වගේ ම මුළු ලොවට ම දායාද කිරීමට දහම් පාසල කටයුතු කරයි. උසස් නැණයෙන් පමණක් නොව උසස් ගුණයෙන් යුතු දරුවකු ලොවට දායාද කිරීමෙන් ඔවුන්ගේ කුසලතා ඔප් නැංවීම දහම් පාසල තුළින් සිදු වේ.


බුදු හිමියනි

දහම් සිසිල පතුරවමින් බෝ මළුවේ බෝ සෙවණේ
බුදුහිමිගේ බණ පදයක් අසන්න සිතුණේ
කරුණා මුදිතා ගුණයෙන් බබළන සම්බුදු සමිඳුනි
මා හට අනුකම්පා දයාව ඇති බව ම දැනුණි


හොරණ රජමහ විහාරයේ සඳකඩ පහණ

සුවිශේෂී ආකාරයකින් යුත් සඳකඩ පහණක් හොරණ ප්‍රදේශයේ රජමහා විහාරයකින් සොයාගෙන ඇත. එය අනෙකුත් ප්‍රදේශවල පිහිටි සඳකඩපහණවලට වඩා තතරමක් වෙනස් ය.

මේ සඳකඩ පහණ වෘත්ත සතරෙන් තුනක් පමණක් වන ආකාරයකට සැකසී ඇත. මෙහි කිසිදු සත්ත්ව රූපයක් නොමැත. මෙය දිගින් අඩි 04 යි. අඟල් 10 ක් ද, පළලින් අඩි 03 අඟල් 4.5 ක් වේ. මධ්‍යයෙහි වූ පියුම වටා දිවයන වැල් රටාවක් සහිත කවාකාර ස්වභාවයේ තීරයකින් සමන්විත ය. පියුමේ කර්ණිකා මැද මල් සහිත කඳින් ශෛලිගත වූ පැළෑටි මෝස්තර සහිත වේ.


අපේ නිදහස් උත්සවය

පෙබරවාරි 4 වැනිදා යනු අපේ ජාතික නිදහස් දිනය යි. අපේ රටට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 වන දින ය. එදින සිට මේ දක්වා වසරක් පාසා නිදහස් උත්සව පවත්වයි. අපේ රට 1815 දී ඉංගී‍්‍රසීන්ට යටත් රාජ්‍යයක් බවට පත් විය. ඉන්පසු 1815 සිට ම අපේ රට පැවතුණේ ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පාලනය යටතේ ය. එතැන් සිට අවුරුදු 133 ක පමණ කාලයක් ඉංගී‍්‍රසීන්ට යටත්ව තිබුණු අපේ රට 1948 පෙබරවාරි 4 වන දින නිදහස් රටක් බවට පත් විය. ඉන්පසු එතෙක් මේ රටේ ඔසවා තිබූ ඉංගී‍්‍රසි කොඩිය ඉවත් කොට ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවන්නට අපේ රටට හැකියාව ලැබුණි. අපි සියලු දෙනා ම අපේ ජාතික නිදහස් දිනය ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. අභිමානයෙන් සමරන්නෙමු.


අනියත බව

අපේ මිදුලේ
පුංචි කුහුඹු පෙළ
ගමන් කළා පේළියකට
අව්ව සැරයි දහඩිය බිදු
ගත තෙමා ගියා.........

ගුවන උඩින් වතුර බිංදු
බිමට වැටුණා
අකාල මහ වැස්ස මගේ
සතුට නැති කළා.........

ජීවිතයේ අනියත බව
සියලුම දේ අනියත බව
වැටහුණා.......


අම්මේ...

කිරි කර පෙවූ ලෙය මා ගත තුළ
යළි ලෙයට හරවා පෝෂණය විය
කරුණා ගුණෙන් පිරී ඔබ
මේ ගෞතම බුදු සසුනේ දී ම
නිවන් දකිත්වා
අම්මේ.........


මෙත් වඩමු

මෙත් වඩනවා කියන්නේ මෛත්‍රී භාවනා කිරීමටයි. භාවනා කිරීමෙන් අපේ සිත සන්සුන්වෙනවා. පිරිසුදු වෙනවා. ඒ වගේම මතක ශක්තිය වර්ධනය වෙනවා. නරක වචන නොකියනවා, නරක වැඩ නොකරනවා, ශරීරය පැහැපත් වෙනවා. රාත්‍රියට භාවනා කිරීමෙන් සුවසේ නින්ද යනවා, නරක නපුරු සිහින පෙනෙන්නේ නෑ. පොඩි ළමයින් මෙන් ම වැඩිහිටියන් ද භාවනා කිරීමට පි‍්‍රය කරයි. අපි නිරන්තරයෙන් භාවනාවට හුරුවෙමු.


ගල් විහාරය

ගල් විහාරය පැරැණි පූජනීය පුදබිමකි. මෙම විහාරය පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදී. එහි බුද්ධ ප්‍රතිමාව උස අඩි 22 අඟල් 9 ක් පමණ වන අතර, සැතපෙන බුද්ධ ප්‍රතිමාව අඩි 41 යි අඟල් 4 කි. මේ පිළිම සඳහා වෙනම කාමර තිබූ බව සඳහන් වේ.


අලුයම පිබිදී

දිනෙන් දින ගෙවා නිමකළ අද දවස
නිදි යහනෙන් අලුයම පිබිදුන විගස
‘නමෝබුද්ධාය’ සැදැහෙන් පවසා සතොස
මෙත් වඩන්න දෙපා බිම තබනා විගස


මරණය

ඉටි පහන් දැල්ල සුළඟට පිටුපා
ඉන්නට නොනිවී
දඟලයි.........
කඳුළු රුරා වැටී නිවී යයි
සහෘදයාගේ
මරණය ඉදිරියේ.......


තෙරුවන් සරණ යමු

අපි නිරතුරුව ම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ම ගෞරවාදරය දැක්විය යුතු වෙමු. තෙරුවන් සරණ යෑමේ ක්‍රම හතරක් තිබේ. ඒ

ආත්ම සන්නිර්යාතන ජීවිත පරිත්‍යාගයෙන් සරණ යෑම, තත්පරායණතා - තෙරුවන් හැර අන් පිහිටක් නැතැයි සරණ යෑම, ශිෂ්‍යභාවෝපගමන - ශිෂ්‍යයෙකු බවට පත්වෙමියි කියා සරණ යෑම, ප්‍රණීපාත - නමස්කාර කිරීමෙන් සරණ යෑම ඒ ක්‍රම හතරය.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

620 නිරජපන්කඩවන උපනන්ද හිමි - 1 වන ශ්‍රේණිය
විද්‍යාශේඛර මහා පිරිවෙන - ඉඹුල්ගොඩ

621 නාරම්බැද්දේ සීලවංස හිමි - 5 වන ශ්‍රේණිය
රාජසිංහ මූලික පිරිවෙන - රඹුක්කන

622 රජම් දෙව්මිණි ද සිල්වා - 2 වන ශ්‍රේණිය
ශ්‍රී යශෝධරා දහම් පාසල, රාගම

623 රවිචි චමත්මා ජයතිලක - 3 වන ශ්‍රේණිය
බෝසත් දහම් පාසල, නුගේගොඩ

624 උකුණි බුද්ධිමාලි අමරසිංහ - 6 වන ශ්‍රේණිය
ශ්‍රී ගුණරතන ධර්ම විද්‍යාලය, මාකොළ


සමාධි සුවයෙන් වැඩ සිටීම

රජම් දෙව්මිණි ද සිල්වා
2 වන ශ්‍රේණිය
ශ්‍රී යශෝධරා දහම් පාසල
රාගම

පන්සල පිරිසුදු කරමු

බෝගමුයායේ
හේමරක්ඛිත හිමි
මූලික ශ්‍රේණිය
ප්‍රඥානන්ද මහ පිරිවෙන - මහරගම

සංස්කරණය

නයනා නිල්මිණි

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]