[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට සිංහගිරි විහාරයේ යුගාසන කවි බණ 8 දා

හම්බන්තොට සිංහගිරි විහාරයේ යුගාසන කවි බණ 8 දා

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ දී මෙම පෙබරවාරි 8 වෙනිදා පින්කම් රැසක් පැවැත්වේ. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප අනුනාහිමියන්ගේ සහ හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක් වන හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරවාසි ඕපනායක සිරි සුජාත පොඩි හාමුදුරුවන්ගේ සහ රන්නේ සුදේව පොඩි හාමුදුරුවන්ගේ යුගාසන මංගල කාව්‍යමය ධර්ම දේශනාවක් නවම් පෝදා සවස 6.00 ට හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේදී පැවැත්වේ. සිංහගිරි විහාර දායක සභාව සහ සිංහගිරි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය එම යුගාසන කවි බණ දේශනාවේ දායකත්වය දරයි.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]