වේදනානුපස්සීව
ජීවිතය දෙස බලමු
කොළඹ විජේරාම මාවතේ
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
මෑතදී, වයස අවුරුදු දහසයක් වූ තරුණ දුවකගේ ගෙල සිඳීම කළේ ඊට තරමක වැඩිමහල් තරුණ
පුතෙක් විසින්. ඒ දියණිය සමඟ පැවැති හිතවත්කම නතර කිරීම යි, ඊට හේතුව කියා සඳහන්
වූයේ.
ලංකාවේ සිටින ගැහැනු දරුවෙක් මිතුරුකම පවත්වන හැම පිරිමි දරුවෙක් ම මිතුරුකම
නැවැත්වූවා යැයි ඒ ගැහැනු දරුවා මරා දමනවා ද? එසේනම් මේ පුතා අර තරුණ දියණිය මරණයට
පත් කළේ ඇයි? ඒ කරුණ වලක්වා ගැනීමට අවශ්‍ය කරන සිතිවිලි ඒ තරුණ පුතා ළඟ ඉපිදී නැත.
එම සිතිවිලි ඉපදවීමට අවශ්‍ය කරන, අතීත දැනුම, අතීත කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, යමක්
පාලනය කරගත යුතු ආකාරයේ සිතිවිලි, අනිත්‍ය ස්වභාය, අනාත්ම ස්වභාවය යම්තමින් හෝ දැනී
තිබුණේ නම් එය ළංකර ගත්ත ද, නොගත්ත ද, එය දුකකි යන වචන ඇසී තිබුණේ නම් ඒ තැනැත්තිය
මට ලැබුණ ද? නොලැබුණ ද? එය ද මට දුකකි යනුවෙන් ඇසී තිබුණේ නම්, ඒ තැනැත්තිය ලබා
ගැනීමෙන් තමාට සතුටෙන් විසිය හැකිදැයි මොහොතක් විමසිලි නුවණින් කල්පනා කර බලා
තිබුණිනම් ඒ තරුණ පුතා අතින් මෙම වරද සිදු නොවේ.
එබඳු වචන මාත්‍රයක් හෝ මෙම තරුණ පුතාට මේ ජීවිතයෙහි දී ඇසී හෝ දැනී නොමැත. එමෙන්ම
උපදෙසක් හෝ ලැබී නැත. එක් දෙයක් ගැන මෙනෙහි වී අවසන සිදු වූයේ කුමක් ද? තමාට
නැතිනම් වෙනත් කෙනෙකුට ද නැත. යන අදහස ඉස්මතු විය. එවැනි දේ කෙරෙනවාට වඩා, සිදු
කෙරෙන තත්ත්වයට පත්වේ.
අපගේ සන්තාන ගත සිතිවිලි කෙතරම් ධර්මානුකූල ව ප්‍රායෝගික ආකාරයට වර්ධනය කරගත යුතු
ද?
අපගේ සිත්වලට වඩාත් තරහ ගතිය පැමිණෙන්නේ අනෙකුත් අයගේ ක්‍රියාවලට ය. අපට නොරුස්සන
හැඟීම් ඇති වේ.
අප, අපගේ ම සිතින්, විමසා බලන්න. අප වඩාත් තරහ ගතියට පත් වන්නේ අප නිසා ද? නැතහොත්
අනෙකුත් අය නිසා ද? තරහ ගතිය යම් සිතකට ඒම එය දුකක් ද? සතුටක් ද? ඒ තරහ ගතිය පැමිණි
සිතට උදා වන්නේ දුක කි. එසේ නම් වැරැද්ද සිදු කර ඇත්තේ වෙනත් අයෙකි. එහෙත් ඊට දුක්
විඳින්නේ තවත් අයෙකි.
යහපත් සිතිවිලි නොඉපදෙන නරක සිතිවිලි පහළවන සිත් මෙලොව අනන්තවත් පවතී. යහපත්
සිතිවිලි උදාකරවීමට කිසිදු බලපෑමක්, උපකාරයක්, උදව්වක් හමු වී නොමැති බව පෙනේ.
එබැවින් එවැනි වූ අය ඉතා නරක අයුරෙන් මහ මග ගමන් කිරිමේ දී පවා හැසිරෙන බව පෙනේ.
එසේ හැසිරෙන අය පිළිබඳ ව යථාභූත ව අපගේ සිත්වල අදහසක් පහළ වේ නම්, මේ ඒ තැනැත්තා ට
සිදුකිරීමට හේතුවී ඇති ආකාරය යි. වැරැදි කරන අය අසරණ වනු ඇත. වැරැදි කරනවා නොව
වැරැදි සිදු කිරීමට වන තත්වයකට පත් වේ. එය පැහැදිලි රෝග තත්වය කි. කායික අසනීප
වූවන් ඉතා අසරණ ය. ඇතැම් විට නිසි ආකාරයට නැගිට ගත හැකි නොවේ. එමෙන්ම කථා කරගත හැකි
නොවේ .යම් ක්‍රියාවක යෙදිය හැකි නොවේ. ඊටත් වඩා මානසික වශයෙන් විෂම වූ
සිතිවිලිවලින් පීඩා විඳින අය අසරණ ය.
අපි සියලු දෙනා ම සතුටෙන් සහ සැපයෙන් ජීවත්වීමට කැමැති වෙමු. යම් කිසිවෙකු තමා වෙත
දොස් කියන විට ඇති වන්නේ දුක කි. එසේ දුක් ඇති වන විට තම සන්තානයේ ඊට නිරන්තරයෙන්
අකැමැති වේ. සෑම නිමේශයක ම අපගේ උත්සාහය පවතිනුයේ දුකෙන් ඈත්වීම සඳහා ය.
.තමා වෙත දුකක් ඇතිවන අවස්ථාවක හෙවත් කාගේ හෝ දෝෂාරෝපණයකට ලක්වන විට තමා ඒ දුක
නැතිකර ගැනීම සඳහා කළ හැකි එක ම දේ කුමක් ද? තමාත් ඊට ප්‍රතිචාර ලෙස දොස් කීම ද?
අපට ඇති නොතේරෙනකමට එසේ සිදුවිය හැකියි, වේදනානුපස්සීව තමන්ගේ ජීවිතය දෙස බලන
අයෙකුට මෙය වැටහීමට පටන් ගනු ලැබේ. යම් අයෙකු තවත් අයෙකුට දොස් කියන විට ඒ වේදනා
සංතතිය දෙස ගවේෂණය කරන තැනැත්තාට ඒ වේදනාව දුක් වේදනාවක් බවට පත් වේ. දැන් මේ
සන්තානයේ පවතින තණ්හාව දුක් වේදනාවලින් තොරව, සැප වේදනා නැවත ලබා ගැනීමේ තණ්හාව හැම
වෙලාවක ම ක්‍රියාත්මක වේ. ඒ නිසා හැම වෙලාවක ම තමාට දොස් නගපු, හැම මොහොතක ම නැවත
තමාද දොස් නගනු ලැබේ. මෙහි සිට අනෙක් දෙසට දොස් නගන විට ම ඒ දෙසට දුක් උපදිනු ලැබේ.
ඒ තැනැත්තා ට ඇති එකම විසඳුම නැවත තමා වෙත බැන වැදීම ය. මෙසේ බැනුම් තරගයක්
දෙපැත්තකින් ඇති වේ.
මනුෂ්‍යයන් දුක් නැති කර ගැනීමේ වේගවත් කැරකිල්ලක නතර කරගත නොහැකි ව දඟලනු ලැබේ.
ආහාරයක් දුටු විට ද කුසගිනි නැතත්, කෑම නොගත්තේ නම් සිතෙහි දුක හට ගනී. ඒ නිසා දුක්
ඇතිවන විට අපගේ සිත තද පෙළඹවීමක් එම කරුණ ඉටුවන තෙක් සිදු කරවනු ලැබේ.
බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ |