UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිපෙන්නට වෙර දරන දූ දරුවන් අමා දියෙන් තෙමා පෝෂණය කරන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය

මේ මිනිස් ලෝකයට අප පැමිණියේ ඉතාමත් දුර්ලභව ලැබුණ පෙර පිනක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ ලැබුණ දුර්ලභ වූ මිනිස් ජීවිතය තුළදී ඉතා අග්‍ර පින් කරගත හැකිනම් එය ඉතා දුර්ලභ වූ කටයුත්තක් වනූ නො අනුමානය. එවන් මාහැඟි පුණ්‍ය කටයුත්තක් පසුගිය දිනක පොල්ගහවෙල, මහමෙවුනා භාවනා අසපු සංචිතයේදී සිදුවිය. ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන එහෙත් ඉගෙනීමට දක්ෂ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමට අත්වැලක් වනු පිණිස මහමෙව්නා භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් 2016 වර්ෂය සඳහා දෙවැනි අදියර ලෙස “ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුන්‍යාවර්ජනා” ක්‍රියාවට නංවා ඇත.

ඉතිරිය»

කෝට්ටේ රජ මහා විහාරයේ ඇසළ පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පූජෝත්සවය සඳහා කප් සිටුවීම ඉකුත් (31) දා සිදු කෙරිණි.සිරිත් පරිදි පැවැත්වුණ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 29 වනදා පැවැති අතර 30 වනදා දවල් සංඝගත දක්ෂිණාව පැවැත්විණි. ඉකුත් 1 සහ 2 විශේෂ තේවා පූජා පින්කම පැවැත්විණි. 3 වනදා කුඹල් පෙරහරද 4,5,6 තෙදින තුළ මල් පෙරහරද 7 වනදා පාවාඩ පෙරහරද 8 වනදා රන්සිවිලි පෙරහරද 9 වනදා රන්දෝලි පෙරහරද 10 වනදා අවසාන රන්දෝලි මහා පෙරහරද පැවැත්වේ. 11 වනදා (ඉරිදා) උදෑසන ඇතුල්කෝට්ටේ පිහිටි ඉපැරණි දියවන්නා ඔයේදී චාරිත්‍රානුකූලව සිදු කෙරෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසුව එහි සිට දවල් පෙරහර රජ මහා විහාරස්ථානය වෙත පැමිණේ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

කුසල් යනුමොනවාද?

සියලු පව් නොකරන්න. කුසලයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්විඳීමට සිදුවන ක්‍රියාය. සිත කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. පාපයෙන් වැළකීම පමණක් නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහරදෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතු ය. බුදු සමය අක්‍රීයව අවබෝධ කළ හැක්කක් නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්දැයි පළමුව හඳුනා ගත යුතු ය. කුසල ක්‍රියා බොහොමයක් ත්‍රිපිටකය තුළින් හඳුනාගත හැකිය. එබඳු ක්‍රියාවන් මොනවාදැයි කිහිපයක් පමණක් හඳුනා ගනිමු. අ.නි. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කුසල උපදවන පින් උපදවන කරුණු අටක් දක්වා ඇත. එනම් ආර්ය ශ්‍රාවකයා විසින් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යෑම. මෙය කුසල උපදවන පින් උපදවන සැප ගෙනදෙන අග්‍ර රූපාදී සම්පත් හිමිවන සැප විපාක ඇති දිව්‍ය සම්පත් ලබන උපතට හේතුවන පළමු කරුණයි.

ඉතිරිය»

දියුණුව සළසා ගන්නේකෙසේද?

බුදුරජාණන්වහන්සේ දේශනා කළ නිර්වාණගාමී මාවතට එළඹීමට ප්‍රථම අප කළ යුතු ඉතා වැදගත් වූ කාරණාවක් නම් අපේ දෙලොව දියුණුව ඇති කර ගැනීමයි. බොහෝවිට ධර්මය පිළිබඳ මනා වැටහීමක් නොමැති ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ සම්බුදු හිමියන් දේශනා කළ ධර්මස්ඛන්ධය අදාළ වන්නේ පරලොව සැප පිණිස හේතු වන්නේය යන කාරණාවයි. නමුදු ඔවුන් නිසි අවබෝධයකින් තොරව පදනම් විරහිත එවන් ප්‍රකාශයන් සිදු කරන බව පෙනේ. මහාමංගල සූත්‍රය කරණීයමෙත්ත සූත්‍රය,වේළුද්වාර සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර දේශනා මගින් ඉහත සාවද්‍ය ප්‍රකාශයන් ඛණ්ඩණය වනු නියතය.

ඉතිරිය»

මහාමායා දේවිය දෙව්දහනුවර බලා පිටත්වයාම.
සිතුවම - නාමල් පුෂ්පකුමාර

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]