UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

දොම්පේ වෑකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග්‍රාමසේවා වසම් පහකින් පවුල් 21 ක් සඳහා නිවාස තනා ගැනීමේ ආධාර,පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කළ අතර නිවසක් නොමැතිව තාවකාලික ආවරණයක් සහිතව අසරණ ජීවිතයක් ගත කළ පවුලකට අංග සම්පූර්ණ නිවසක් පරිත්‍යාග කරන ලදී. එම පින්කම කරන ලද්දේ කිරිඳිවැල රාජාවාන පුරාණ රජමහා විහාරස්ථානයේදී නිචිරේන් ෂූ බෞද්ධ සංගමයේ කොළඹ ශාඛාව මගිනි.
දොම්පේ වෑකේ ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, කිරිඳිවැල රදාවාන පොලීසියේ ස්ථානාධිපති තුමා, දකුණු ආසියාවේ නිචිරේන් ෂූ බෞද්ධ සංගමයේ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ වන එර්වීනා මියෝෆු ,මැලේසියාවේ නිචිරේන් බෞද්ධ සංගමයේ ලී බෙන්ග් මහතා ඇතුළු පිරිස සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාජිකයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ නිචිරේන් ෂූ බෞද්ධ සංගමයේ සභාපති ගැමුණු රණසූර මහතා සහ කිරිඳිවැල නියෝජිත ජගත් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආධාර බෙදා දුන් අතර දොම්පේ වෑකේ ප්‍රාදේශීය ලේකම්තුමා විසින් නව නිවස එම පවුල සඳහා භාර දෙන ලදී.

 
 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]