UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

කුසල් යනුමොනවාද?

සියලු පව් නොකරන්න. කුසලයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්විඳීමට සිදුවන ක්‍රියාය. සිත කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. පාපයෙන් වැළකීම පමණක් නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහරදෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතු ය. බුදු සමය අක්‍රීයව අවබෝධ කළ හැක්කක් නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්දැයි පළමුව හඳුනා ගත යුතු ය. කුසල ක්‍රියා බොහොමයක් ත්‍රිපිටකය තුළින් හඳුනාගත හැකිය. එබඳු ක්‍රියාවන් මොනවාදැයි කිහිපයක් පමණක් හඳුනා ගනිමු. අ.නි. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කුසල උපදවන පින් උපදවන කරුණු අටක් දක්වා ඇත. එනම් ආර්ය ශ්‍රාවකයා විසින් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යෑම. මෙය කුසල උපදවන පින් උපදවන සැප ගෙනදෙන අග්‍ර රූපාදී සම්පත් හිමිවන සැප විපාක ඇති දිව්‍ය සම්පත් ලබන උපතට හේතුවන පළමු කරුණයි.

ඉතිරිය»

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]