UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක 2016.09.09

විශ්වාසය ගොඩනැගෙන සමාජයක්

අන් කාලවලටත් වඩා වස්සාන සමය ගතට සිතට ශාන්තියක් උදාකරවන විශේෂ කාලයකි. ඉකුත් ඇසළ පුර පසළොස්වක පොහොයෙන් උදාවූ වස්සාන සමය තෙමසක් පුරා පවතී. එම වස් තෙමසෙන් පසු උදාවනුයේ චීවර මාසයයි. වස්සාන සමය වෙසෙසින්ම ශාන්තියක් ගෙන දෙන්නේ කවර හේතුවක් නිසාදැයි විමසා බැලීම වටී. භික්ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව ස්වකීය විහාරාරාමයන්හි වැඩ වෙසෙමින් ස්වකීය ශාසනික පරමාර්ථයන් ඉටුකර ගන්නා කාලයයි වස්සාන සමය.

ජීවමාන බුදුපියාණන් වහන්සේ දවස උන්වහන්සේ වෙතින් අනුශාසනා ලබා ගනිමින් ඒ ඒ චාරිතානුකූලව භීක්ෂූන් වහන්සේගේ කමටහන් ලබා ගත්හ. අනතුරුව විවේකී ස්ථාන සොයා වැඩමවා සුදුසු ස්ථානයන්හි වස් කාලය ගෙවා කමටහන් වඩා මඟ පල ලබා ගෙන පෙරවස් පවාරණයෙන් පසු නැවත බුදුරදුන් වෙත වැඩමවා ස්වකීය ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරීමෙන් ලබාගත් මඟ ඵල පිළිබඳ උදන් ඇනූ ආකාරය පැහැදිලි වේ.

අනෙකුත් කාලයන්ටත් වඩා මහත් වගකීමෙන් මෙන්ම උත්සාහයෙන් ස්වකීය මහණ දම් පුරමින් තමන් වහන්සේලා වෙත සිව් පසයෙන් උපස්ථාන කරන දායක කාරකාදීන්ගේ ගුණ දහම් පෝෂණයට ද මඟ පෙන්වන සමයකි වස්කාලය.

මෙසේ බුද්ධ නියමය අනුගමනය කරන භික්ෂූන් වහන්සේ ස්වක්‍රීය විහාරස්ථානය වෙසෙසින් වස් කාලයේ දී පින් කෙතක් බවට පත් කරනු ලැබේ. අනෙකුත් කාලවලට වඩා දිනපතා බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ශීල භාවනා ආදී පින්කම් යොදා ගනු ලැබේ. එබඳු පින්කම්වලට සැදැහැති දායකකාරකාදීන් මහත් උනන්දුවෙන් සහභාගි වනුයේ එබඳු පින්කම්වල ඇති වටිනාකම මැනවින් වටහාගෙනය. ඉතා සංවිධානාත්මකව ගම්වාසීන්ගේ සහායෙන් මෙන්ම සහභාගීත්වයෙන් එබඳු පින්කම්වල යෙදෙනුයේ පින්කම් මාලාවක කොටස්කරුවන් වී තමන්ද එම වස්කාලයෙන් පින්පල නෙලා ගැනීමේ අරමුණද ඇතිවය. බොහෝ විහාරස්ථානවල දායක පින්වතුන් මාස්පතා විහාරස්ථානය වෙත ගෙන ගොස් භික්ෂූන් වහන්සේ උදෙසා දානය පිළිගන්වනු ලැබේ. එසේ මාසිකව පිරිනමන දානය සළාක දානය ලෙසද හඳුන්වනු ලැබේ. එබඳු මාසික දානය පිළිගැන්වීමට අපහසු සැදැහැතියන් විශේෂයෙන් වස්කාලයේ දී විහාරස්ථානය වෙත රැගෙන ගොස් වස් දානය නමින් එය පූජා කරනු ලැබේ. මෙසේ දානාදී වූ විවිධ පින්කම් සඳහා සැදැහැවතුන් යොමුවනුයේ තමන් සතු ධනය තෙරුවන් වෙත පුදා පරිත්‍යාගය දියුණු කිරීමේ අරමුණ ද ඇතිවය.

අපේ අතීත මුතුන් මිත්තන්ද එබඳු උසස් පින්කම්හි නිරතවූ ආකාරයද එහිදී නිරන්තරයෙන් සිහිපත් වන්නකි. වත්මන්හිදි එබඳු පින්කම්වල නිරතවීමෙන් අනාගත පරපුරටද එබඳු පින්කම්හි යෙදීමට නිහඬ ආදර්ශයක්ද සපයනු ලැබේ. වස් කාලය තුළ භික්ෂූන් වහන්සේට අවශ්‍ය සිව්පසය සොයා බලා පිරිනමමින් උන්වහන්සේලාගේ ගුණදහම් පෝෂණයට දායක පක්ෂය අත්වැලක්ද සපයනු ඇත. ගම්වැසි එක් දායක පවුලකගේ මූලිකත්වයෙන් ගම්වැසි පළාත්වැසි සියලු දෙනාගේ නොමඳ සහායෙන් ගමේ පන්සලේ දී එබඳු පින්කම්මාලා සිදු කෙරෙනවිට සමාජය නිරතුරුව සුචරිතයට යොමුවීම අගය කළයුත්තකි.

ඔවුනොවුන් කළ යුතු යුතුකම්, පුද සිරිත් පිළිබඳ නිසි මඟ පෙන්වා දෙන්නේ පන්සලේ වැඩසිටින ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේගේ නිවැරැදි මාර්ගෝපදේශකත්වය අනුව ක්‍රියා කිරීම නිසා ගම්වැසියන් තුළ සමඟිය වර්ධනය වේ. ගමක්, පළාතක්, රටක් දියුණුවීමට සමඟිය අත්‍යවශ්‍යය. ඔවුනොවුන් තුළ සාමය සමගිය වර්ධනය වූ තරමට පටුවාදභේද අමතක වී සමාජය යහපත් වනු ඇත. දියුණුවේ ප්‍රධාන මාවතක් ද වන සමඟිය වර්ධනය කිරීමෙන් රටේම දියුණුවට එය ඉවහල් වන බවද කල්පනා කළ යුතුය.

වස්කාලය තුළ පින්කම් සංවිධානය කිරීමෙන් එබඳු යහපතක්, සිදුවනවා මෙන්ම එබඳු දෑ දකින බලන අය තවතවත් ඒ වටා ඒකරාශී වේ. එමෙන්ම මෙවර අතපසුවන දෑ උදාවන ඊළඟ වසරේ දී සිදු කිරීමට ද සැලසුම් කරනු ලැබේ. ලොකු කුඩා සියලු දෙනාටම නිදහසේ සතුටෙන් සමගියෙන් ඒකරාශී විය හැකි හොඳම ස්ථානය පන්සල බවට පත්වීමෙන් සමාජයේ යහපතට එය මහඟු මඟ පෙන්වීමක්ද සලසනු ලැබේ.

සමාජය භෞතික දියුණුව අපේක්ෂා කරන්නා සේම මානව වර්ගයාගේ යහ පැවැත්මට හේතුවන සමගියත් සාමයත් වර්ධනය කළ යුතුව ඇත. එවිට සමාජයේ පවත්නා පටුවාද භේද අමතක වනු ඇත. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් නිරන්තර විශ්වාසයද ගොඩ නැඟේ. බිය සැක දුරුවී විශ්වාසය ගොඩනැඟෙන සමාජයක් තුළ වාද විවාද අවම වනු ඇත.

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]