UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය

5 වන අභ්‍යාසය

1) පුද්ගලයෙක් හෝ වස්තුවක් හෝ සිද්ධියක් සමඟ විශේෂ ඇල්මක් හෝ අමුතු පිළිකුලක් හෝ ඇතිකරනොගෙන සමසිත පැවැත්වීම උපේක්ෂාවයි. බෝසතාණන් වහන්සේ මෙම පාරමිතාව පිරූ ආකාරය දැක්වෙන්නේ,

1. තේමීය ජාතකයෙන්ය

2.ලෝමහංස ජාතකයෙන්ය

3.මඝමානවක ජාතකයෙන්ය

4. වෙස්සන්තර ජාතකයෙන්ය

2) අනුරාධපුර අභයගිරියෙහි සමාධි ප්‍රතිමාව ලොව විශිෂ්ඨ ගණයේ ප්‍රතිමාවක් ලෙස සැලකේ. මෙම ප්‍රතිමාවේ නිවන් මුහුණුවර දක්නට ලැබේ, යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ,

1.ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු තුමාය

2.මහාගත්කරු මාර්ටීන් වික්‍රමසිංහ මැතිතුමාය

3.පුරා විද්‍යාඥ සෙනරත් පරණ විතාන මැතිතුමාය

4. මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී නා හිමියන්ය

3) සමථ භාවනාව සඳහා යොදා ගත හැකි කර්මස්ථාන 40කි . ඒවා අතර අසුභ දහයකි. එම අසුභයන්ට අයත් නොවන්නේ මින් කුමක්ද?

1. උද්ධුමාතක

2. වනීලක

3. විපුබ්භක

4. විකුම්භන

4) මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරෝධතාවයක් නැත. යනුවෙන් නිහතමානීව ප්‍රකාශ කළ යතිවරයා නම්

1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමිය

2. බඹරැන්දේ සිරි සීවලී නා හිමිය

3. රේරුකානේ චන්දවිමල නා හිමිය

4. බලංගොඩ ආනන්ද මෛත්‍රෙ නා හිමිය

5) අනාගතයේ ගරු බුහුමන් කීර්ති ප්‍රසංසා වස්තු සම්පත් ආදිය ඇතිව දීප්තිමත් ජීවිතයක් ගෙවීමට සිතූ සිසුවෙකුට ඒ සඳහා ඍජුව උපදෙස් සපයන ධම්මපද ගාථාව වන්නේ මින් කුමක්ද?

1. අසාරේ සාර මතිනෝ

2. සාරංච සාරතෝ ඥත්වා

3. චරංචෙ නාදි ගච්චෙයිය

4. උට්ඨානවතො සතිමතො

6) දොන් ඩේවිඩ් හේවාවිතාරණ ශිෂ්‍යයා ඉගෙනුම ආරම්භ කළ මුල්ම පාසල ලෙස සඳහන් වන්නේ මින් කුමක්ද?

1. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලය

2. දෙමටගොඩ බැප්ටිස් විදුහලය

3.කොටහේන බෙනඩික් විදුහලය

4. කෝට්ටේ ක්‍රිස්තු විදුහලය

7) සම්බුදු සසුන බේරා ගැනීමට තවත් විසිපස් වතාවක් මේ දඹදිව ඉපදේවා යන පැතුමෙන් සිරි දේවමිත්ත ධම්මපාල හිමියන් අභාවයට පත්වූ වර්ෂය මින් කුමක්ද?

1.1931 අප්‍රේල් 29

2. 1933 මාර්තු 16

3. 1933 අප්‍රේල් 29

4. 1930 අප්‍රේල් 30

8) “ කාලා රස මුසු භෝජන කර පෙම්
ගාලා සුවදැති සඳුනුත් මනරම්
ලාලා අභරණ නිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්

මෙම කවිය සඳහන් වන කෘතිය නම්,

1. අලගියවන්න මුකවෙටිතුමාගේ සුභාෂිතයයි

2.වීදාගම මෛත්‍රී හිමියන්ගේ ලෝවැඩ සඟරාවයි

3.රණස්ගල්ලේ හිමියන්ගේ ලෝකෝපකාරයයි

4. වීදාගම හිමියන්ගේ බුදුගුණ අලංකාරයයි

9) පුද්ගලයෙකුගේ මෙලොව දියුණුව ප්‍රමුඛස්ථානයේ තබමින් පරලොව දියුණුව පිළිබඳව ද ඉතා සරලව ධර්ම කරුණු විග්‍රහ කර තිබෙන ව්‍යග්ගපජ්ඣ සූත්‍රය බුදුරදුන් දේශනා කළේ,

1. දීඝගාමිනී නම් කුමරුටය

2. දීඝකාරායන නම් ඇමැති හටය

3. දීඝිති කෝසල නම් තැනැත්තාටය

4. දීඝජානු කෝලිය පුත්‍රයාටය

10) යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම “ කල්‍යාණ මිත්තතා” යන්නෙහි අදහසය. එවන් මිතුරන් සේම ඇසුරට නොගත යුතු මිතුරන් පිරිසක් පිළිබඳවද බුදුදහමේ සඳහන් වේ. අඤ්ඤදත්තුහර යනු ඇසුරට නොගත යුතු මිතුරෙකි. ඔහුගේ ලක්ෂණය නම්,

1. කුමක් හෝ ගෙන යාමට මාන බැලීමය

2. වචනයෙන් පමණක් උදව් කිරීමය

3.ඉදිරිපිට ගුණ කියන අතර නැති තැන දොස් කීමය

4. මිතුරාගේ වස්තුව, කීර්තිය, ආරක්ෂාව නැතිවන ලෙසට කටයුතු කිරීමය

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]