UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෘතඥතා පූර්වක විය යුත්තේ ඇයි?

කෘතඥතා පූර්වක විය යුත්තේ ඇයි?

මෙහි තවත් එක් කොටසක් නිකිණි අමාවක පෝදා (අගෝස්තු 31 වනදා)පත්‍රයේ පළ විය.

අපේ ගම්වල වියපත් වුණ අමිමලා අප්පච්චිලා ඉදලෙන් අතුගාලා අතුගාලා ඉදල කොස්ස පාගා දමමින් ඉවතට වීසි කළේ නැහැ. ඒ තුළ මහා සංස්කෘතියක් ගැබ් වෙලා තිබෙනවා. එම සබිබලෝක හිතානුකම්පීකමයි.

ඉස්සර අමිමලා කුල්ල උඩින්, හිරමණය උඩින් මෝල්ගහ හරස් කරමින් එය උඩින් පනිනේ නැහැ. වංගෙඩිය උඩ වාඩිවෙන්නේ නැහැ . ෙමිවා නිකම්ම නිකමි උපකරණ නිසා මේවාට ගරුකිරීම උමතු වැඩක් කියලා ඔළුව ඔද්දල් කරගත්ත භෞතික වාදියකුට සිතිය හැකි වුණත් අප එසේ විය යුතු නැහැ. මෙම කරනු ලබන්නාවූ සෑම වැඩකටම සෑම දෙනෙකුම උපකාරී වන දැක්මක්, ගෞරවයක් අප තුළ තිබෙන නිසා අප එසේ විය යුතු නැහැ. මෝල්ගහයි, වංගෙඩියයි කරන කාර්යය කළ හැක්කේ වෙන කාටද? එ ම උපකරණ අපට උපකාරී නැද්ද? වැඩ අවසන් වෙලා සෝදා පවිත්‍ර කර එය පිළිවෙලට තිබිය යුතු නැද්ද? කැත්ත, ඉදල, කොස්ස පාවිචිචි කළ පසු එය පිරිසුදු කර තැබීම එම උපකරණයට කරනු ලබන ගෞරවයක්. ආදී මුතුන් මිත්තන් එම උපකරණ මැනවින් පිරිසුදු කරලයි තියලා තියන්නේ.ගෙදර හදන සතෙකුට වුණත් විශාල ගෞරවයක් අතීත මිනිසුන් තුළ පැවතුණා. ඉස්සර කාලේ ආදී මුතුන් මිත්තන් මතක් වන්නේ වර්තමානය වන විට ඒවා ක්‍රමක්‍රමයෙන් අපගෙන් ගිලිහී යන නිසා . සිංහල බෞද්ධයන් අතර අනෙක් පිරිස් අතරත් තිබෙන දැක්ෙමි වෙනස එයයි. අතීතයේදී අප නිවෙස් තුළ සත්තු හැදුවේ මරාගෙන කෑම සඳහා නොවෙයි. ඇතැමි විට වර්තමානය වන විට යමිකෙනෙක් සත්තු හදනවා නමි එම සත්තු හදනු ලබන්නේ මරාගෙන කෑමට විය හැකියි. හරකබාන බල්ලන්, බළලුන් හැදුවේ මරාගෙන කෑමට නොවෙයි එම නිසා නිරන්තරවම මිනිස්සුන් සතා සිවුපාවා එක්ක පවා සබ්බලෝකහිතානුකම්පීව ගණුදෙණු කරනු ලැබුවා. ගේ ළඟටම එන අලියා, ඇතා එලෙවිවේ මහඅප්පච්චි යන්න යැයි ප්‍රකාශ කරමින්. ඒ තරමි කාරුණිකභාවයක් පැවතුණා.පරිසරයත් සමඟ එකට ජීවත් වුණ ලෝකවාසී සත්තුත් සමඟ එකට ජීවත් වුණ මිනිසුන් දියුණු මිනිසුන්ද?ෙමි සියලු ගස්කොළන් තිබෙන්නේ අපට කපාගන්න සහ ෙමි සියලු සතුන් සිටින්නේ අපට මරාගෙන කන්න කියලා සිතන වර්තමාන මිනිසාද දියුණු?ලෝකය ෙවිගයෙන් වෙනස් වෙමින් යනකොට මිනිසුන් පරිසරය අමතක කරමින් එම පරිසරය අමතක කිරීමත් සමඟ ගමන් කරන ෙවිගවත් ගමන අවසානයේදී සුනාමිවලින් විනාසයට පත්වන ඕසෝන් ස්තරය තුවාල වී ගිනියමි ලෝකයක් බවට පත්වෙන ලොව ගිනිගන්නා තැනක පිහිටක් නැති සරණක් නැති ලෝකයක මුඩුබිමක් බවට පත්වෙමින් යනවා. එසේ වන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි අප ලෝකය අමතක කළ නිසා ලෝකය අප අමතක කළා.

අප සතාට සිවුපාවාට ගෞරව කරන තාක් සතාසිවුපාවා අපට හානි කරන්නේ නැහැ. අතීතයේදී කෙතරමි ප්‍රමාණයක් අලි සිටියත්, එම අලි මිනිසුන්ට හානි කළේ නැහැ. ඉස්සර මිනිසුන් අලින්ට යාමට පාර විවර කළ නිසා අලි මිනිසුන්ට හානි කලේ නැහැ. අද වන විට මිනිසුන් අලින්ගේ කොටසක් අරගෙන අවසානයි. අලි මිනිසුන්ට හානි කරනවා. වර්තමානය වන විට අලි මිනිස් ගැටුම ආරම්භ වෙලා අවසානයි. අතීතයේ මිනිසුන් වගා කරන කොට කුරුළු පාලුව නමින් කුරුල්ලන්ට කොටසක් ඉතිරි කළා.එම කුරුළු පාලුව කුරුල්ලන් පාවිච්ච කළත් වර්තමානය වන විට කුරුල්ලන්ට කොටසක් ඉතිරි කරන්නේ නැහැ. ඒ කාලේ මිනිසුන් කුරුල්ලන් පිළිබ ඳව පවා සිතුවා. එක යායට වගා කළ කුඹුරු කපන්නේ එකට . දැන් යායේ එක එක්කෙනා කුඩා කුඩා කොටස් වපුරමින් තනි තනිවම ගොයමි කපාගෙන කපාගෙන යනකොට මුළු කුරුළු රෑනම එක යායක පුංචි කොටසක් කනවා. සබ්බලෝ්කහිතානුකම්පීව මුළු ලෝකය පිළිබඳව හිතපු මුළු ලෝකය පිළිබඳව සිතමින් වැඩකළ මිනිසුන් එකල ජීවත් වුණා. මම මගේ කුඹුරේ ලියැද්දේ වතුර බඳින විට අනෙකාගේ කුඹුර පිළිබඳ සිතා බැලිය යුතු බව කල්පනා කළා.

මම ගෙදර හදන විට අනෙකාගේ ගෙදරට හානි නොවිය යුතුය යනුවෙන් කල්පනා කළා. අප පාඩුවේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වනවා යන සංකල්පය වර්තමානය තුළ පවති. පාඩුවේ සිටින නිසාම ඇතැමි විට කරදරයක් නැතිව ඉන්නේ නැහැ. රජය නිතරම ඩෙංගු මදුරුවන් බෝවීම පිළිබ ඳව දැනුවත් කරනු ලබනවා. රජයක් වශයෙන් ෙමි ආකාරයට අපට නිරන්තරයෙන් මතක් කරනු ලබන්නේ වැහිපීලිවල වතුර රඳවන්න එපා.

ටයර්වල, යෝගටි කෝප්පවල ,ටින්වල ආදී වශයෙන් වතුර රැඳෙන ස්ථාන පිළිබඳව අපට නිතර නිතර ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මගේ වත්ත තුළ මදුරුවෙකු බෝවුණ හොත් එහා වත්තටත් බලපාන බව මම දැනගතයුතු කාරණාවක්. එම නිසා අප සැම විටම මහා සමාජයක එක මිනිසෙක් පමණක් බව කල්පනා කළ යුතුයි.

ලෝකය තුළ ජීවත් වන්නේ මම පමණක් නොවෙයි. ලෝකය තුළ ජීවත් විය යුතුවන්නේ මා පමණක් නොවෙයි යන කල්පනාවෙන් සිටිය යුතුයි. කෙස් ගසක වරදක්වත් අනෙකාගෙන් වෙනවාට මම අකැමැති නමි,කෙස් ගසක වරදක් වත් මා විසින් අනෙකාට ද සිදු නොවිය යුතුය යන කල්පනාවෙන් සිටිය යුතුයි. මෙම මහා බෞද්ධ සම්ප්‍රදාය විසින් භික්ෂූන් වහන්සේලා ආහාර වළඳන විට, කෘතඥතා පූර්වක විය යුතු බවටත් පුටුවක වාඩිවුණත්, ඇඳක සැතපුණත් ,එම පුටුවටත් ඇඳටත් කෘතඥතා පූර්වක විය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවේ එම නිසයි.

විදුලිය තුළ තිබෙන වටිනාකම රජය විසින් දැන්වීම් මාර්ගයෙන් අපට ප්‍රකාශ කළ යුතුද? නාස්තිකාර ජීවිතයක නාස්තියක් කරන විට මොනතරමි අපරාධයක්ද? එම නිසා අප කරනු ලබන සෑම නාස්තියක්ම දැවැන්ත අපාරාධයක්. ඉස්සර කාලෙ මිනිසුන් එහෙම නැහැ. පරණ ආච්චිලගේ සීයලගේ කාළයේ ඉඳුල් වතුර ටික ඉවතට විසිකරනු ලැබුවත්, එය කරපිංච ගසට දමනවා. ඉඳුල් වතුර ටිකත් ප්‍රයෝජනවත්. කඩදාසියක් නාස්ති නොකර කම්බි කොක්කක ගසමින් ඒකත් පාවිච්චයට ගත්තා. සුද්ද පවිත්‍ර කරන විට ඉතිරි වන සියලුම දේ ආහාර පාන උයද්දි ඉතිරිවන සෑම දෙයක්ම වළකට දමා ඉතිරි වන සියල්ල ජීව පොහොරක් සාදා ඒ තුළ පැළයක් රෝපණය කළා.

බිමට වැටෙන කොළයක් අතුගාල පුච්චන්නේ නැහැ. එය පොහොර වෙන්න දමමින් ඒ හැම දෙයක්ම ප්‍රයෝජනයට ගනු ලබනවා. හානියක් වීමට ඉඩ නොතබා හොඳින් කළමනාකරණය කළා. කෙස් ගස් පීරලා ඉතිරි වන කෙස් ගස් ටිකෙන් කාටවත් හානියක් නොවීමට ඉවතට දමනවා. වර්තමාන සමාජය තුළ ජීවත් වන පිරිස අතර කෙස් පීරමින් තැන් තැන් වල කොණ්ඩය විසී කරන සැම දෙනාටම මෙය විශාල පාඩමක්.

එය විවිධ උපක්‍රම සඳහා පාවිච්ච කළා. එය මහා සමාජයක පැවතුණ සංස්කෘතික කළමනාකරණයයි. අද ඔබ කොතරම් දුරට විදුලිය ආරක්ෂා කරනවාද? කෙතරම් දුරට විදුලිය අරපරිස්සමි කරනවාද? අද ඔබ කොතරම් නාස්තිකාර ජීවිතයකට හුරුවෙලා තිබෙනවාද? පැරණි කාලයේ ගෙවල් වල නාස්තිකාර ජීවිත තිබුණේ නැහැ. විවේකීව සිටින සෑම වෙලාවකම කාලය නාස්ති නොකරන්න වැඩ තිබුණා. තාත්තයි අමිමයි නිකමි සිටියා නමි, ගෙත්තමක් වත් කර කර සිටියා. අසනීපයක් නැත්නම් නිකම් රූපවාහිනිය බල බලා කාලය නාස්තිකරන ක්‍රම තිබුනේ නැහැ. නිතරම පොත් පත් කියෙවිවා. පොත් පත් පත්තර කියූ සමාජය මොනතරම් දැනුමක් සහිත සමාජයක්ද? පුස්තකාල තිබුණත් බොහෝ දෙනා ඒ සඳහා ගොඩවන්නේ නැහැ. පත්තර තිබුණාට කියවන්නේ නැහැ. අන්තර් ජාලයක හිරවුණ අන්තර්ජංජාලගත සමාජයකට වර්තමානය පැමිණිලා තිබෙනවා. මෙම තත්වය සබ්බලෝක හිතානුකම්පී තැනක නැහැ.ජීවත් වන්නේ මා පමණක් නොවන බව කල්පනාවට ගත යුතුයි.

අප ඉපදුන විට එම දරුවා මිනිසකු වශයෙන් ගොඩනැගීමට කී දෙනකු අවශ්‍යද? දරුවා අයිති අමිමාට තාත්තාට කියා අප සිතුවත් , දරුවා අයිති මේ දෙපිරිසටමද? එසේ නැත්නම්, දරුවා අයිති ෙමි මහා සමාජයකටද? දරුවා හදන්නේ අමිමාද? තාත්තාද? දරුවා ඉපදුන මොහොතේ සිට දරුවා රැකබලා ගැනීමට කෙතරම් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අවශ්‍යද? දරුවාට ආහාර පාන නිෂ්පාදන කිරීමට ආයතන කෙතරම් ප්‍රමාණයක් අවශ්‍යද?දරුවාට ඉගැන්වීමට කෙතරම් ගුරුවරු ප්‍රමාණයක් අවශ්‍යද? රාජ්‍ය ප්‍රතිපාදන කෙතරම් අවශ්‍යද? මිනිසෙක් කිසියම් තැනකට හමිබකරන් කන තැන දක්වා ගොඩනැගීමට කී දෙනෙක් අවශ්‍යද? එම කාර්යය අවසන් වූවාට පසුව මම කන්නේ හමිබ කරගෙන කියා ප්‍රකාශ කරන්නට තරමි මිනිසුන්ට අකෘතඥ විය හැකිද? ඔහු කන්නේ ඔහු හම්බකරගෙන වුණාට ඔහුට හම්බකරගෙන කන්න තරම් තැනකට පැමිණෙන්න විශාල සමජයක් අවශ්‍ය වු නිසා එසේ විය නොහැකිය.

පරපටිබද්ධ සමාජයක් අප ජීවත්වන නිසා ප්‍රත්‍යවේක්ෂණව ජීවත් විය යුතුයි. ඉර හඳ අහස පොළොව සතා සිවුපාවා ඇළ දොළ ගංඟා පවා අප සමඟ ජීවත්වෙයි. සුන්දර ලෝකයේ සුන්දරත්වය ආරක්ෂාකරගෙන මේ අපය. අප මේ මහ පොළවේය. මහ පොළව අපේය. යන තැනට පැමිණ මිනිසුන් ජීවත් විය යුතුයි.

 

  බිනර පුර අටවක

 බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10 වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.


මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]