| 
මහනුවර ඇසළ පෙරහර 
						 
						 
						 
						 
						 
						 
						 
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මේ 
මස 03 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල 
මහතා විසින් දන්වා සිටියි. පෙරහර පැවැත්වෙන දිනයන් සහ වේලාවන් මෙසේ ය.
කුඹල් පෙරහර:
රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු මස 08 දින, සඳු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසුවී 
විනාඩි 15 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී 
දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 07 පසුවී විනාඩි 12 ට දකුණු 
දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය 
(ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරෙ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් 
බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළටවිත් ගෙවදීම. 
						ඉතිරිය» දොඩන්ගොඩ අස්සජී නාහිමි 
ගුණ සමරුවට පින්කම්
			 
			 
			 
			 
			 
			 
මොරටුව රාවතාවත්ත භාවනා මූලස්ථානාධිපතිව වැඩ විසූ දොඩන්ගොඩ අස්සජි නාහිමියන්ගේ වර්ෂ 
පූර්ණ ගුණ සැමරුව අගෝස්තු 10 වන දින සිට 14 වන දින දක්වා රාවතාවත්ත භාවනා 
මූලස්ථානයේ දී පැවැත්වේ. නාහිමියන් විසින් ගොඩනැගූ සත්මහල් ධර්ම මන්දිරය, 
නාහිමිපාණන් වහන්සේගේ පිළිරුව, සියක් බුදුවරු වැඩහිඳිනා උතුම් සම්බුද්ධ මන්දිරය 
විවෘත කිරීම හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලසන්ත ප්‍රදිප් කුමාර විසින් රචිත 
‘දොඩන්ගොඩ අස්සජි නායක හාමුදුරුවෝ චරිතාපදානය’ ද එළිදැක්වීම වර්ෂ පූර්ණ පුණ්‍ය 
මහෝත්සවයට ඇතුළත්ය. අගෝස්තු 10 වන දා සිට 14 වන දා දක්වා භාවනා මූලස්ථානාධිපති 
වැහිගල කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ. 
								ඉතිරිය»
								 ධර්ම දේශනාව: කෙලෙසුන්ට බැඳි වැට නිවන් මඟ සුව සදයි
”අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති 
යථාභූතං පජානාති. නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං 
අංගණන්ති යථාභූතං පජානාති” (ම.නි. අංගණ සූත්‍රය). අද ධර්ම දේශනාවේ මාතෘකාව 
මජ්ක්‍ධිම නිකායේ එන අංගණ සූත්‍රයයි. මෙම සූත්‍රය ශ්‍රාවක භාෂිත සූත්‍රයකි. එනම් 
සැවැත්නුවර ජේතවනාරාමයේදී සැරියුත් මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට දේශනා 
කරන ලද්දකි. සැරියුත් හාමුදුරුවන්ගේ මෙම දේශනාව හඳුන්වන්නේ අංගණ සූත්‍ර දේශනාව 
කියායි. “අංගණ” යනු කෙලෙස් වලට කියන නමකි. මෙහිදී සැරියුත් හැමුදුරුවන් වහන්සේ මේ 
ලෝකයේ ජීවත්වන මිනිසුන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. කෙලෙස් තිබෙන එහෙත් කෙලෙස් 
තිබෙන බව නොදන්නා මිනිස්සු පළමු කොටසටත් , කෙලෙස් තිබෙන , එසේ තිබෙන බව දන්නා 
මිනිස්සු දෙවන කොටසටත්, කෙලෙස් නැති, නැති බව නොදන්නා මිනිස්සු තෙවෙනි කොටසටත්, 
කෙලෙස් නැති, නැති බව දන්නා මිනිස්සු සිවුවන කොටසටත් දක්වා වදාළහ. තවද මේ සතර 
දෙනාගෙන් කෙලෙස් ඇතිව ඇතිබව නොදන්නාත්, කෙලෙස් නැතිව නැති බව නොදන්නාත් පහත් උදවිය 
හැටියටත් කෙලෙස් ඇතිව ඇති බව.... 
						ඉතිරිය» මාර වසඟයට අසුවුණාද? මාරයා සත්වයා සසරට ඇද දමන හා 
								සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් 
								බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් 
								නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක 
								වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය. බුදුරජාණන් 
								වහන්සේ විසින් දුක්විඳින දෙව් මිනිසුන් සහිත ලෝකයා 
								කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන් මේ සසර දුකින් මුදවා 
								ලීමට මග පෙන්වද්දී සත්වයා සසර තුළම රඳවා ගැනීමට 
								වෑයම්කළ මාරයකු පිළිබඳව බුදුසමයෙහි නිතර අසන්නට 
								ලැබේ. 
						ඉතිරිය» 
දාපනේ පඤ්ඤානන්ද නා හිමි 
මහා විහාරවංශික
ස්‍යාමෝපාලි මහා
නිකායේ මල්වතු
මහා විහාර
පාර්ශ්වයේ ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරාධිපති ප්‍රවීණ පිරිවෙන් ආචාර්ය දාපනේ පඤ්ඤානන්ද හිමියෝ 
රත්නපුර මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති. 
ඒ පිළිබඳ වූ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ පූජෝත්සවය 2016 අගෝස්තු මස 10 වන දා 
මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදුවන්නේ මහා විහාර වංශික 
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය 
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් 
වර්ගික උත්තරීතර කාරක මහා සංඝ සභාව අභිමුඛයේදීය. පදවි ප්‍රාප්තියෙන් පසු ස්වකීය 
ජන්ම ග්‍රාමයට වැඩම කරවන අභිනව නා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ සහ උපහාර පිදීමේ 
පුණ්‍යෙීත්සවයක් අගෝස්තු 12 වන දින පස්වරු 3.00 ඕමල්පේ මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී 
පැවැත්වේ. 
						 
						ඉතිරිය»
								 |