UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට ප්‍රථම වරට පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයක් ඓතිහාසික සෙංකඩගල පුර මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී පසුගිය 25, 26, 27 යන තෙදින පුරා පැවැත්විණි.
“සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ සඟරජ බුහුමන්” යන තේමාව යටතේ පැවැති එම පිරිවෙන් දින රාජ්‍ය උත්සවයට තෙදින පුරා පන්දහසකට අධික මහා සංඝරත්නය වැඩම කර සිටීම විශේෂත්වයකි. අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය පැවැති අතර සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේ දී මූලික පිරිවෙන් මහ පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් සම්බන්ධ කර ගනිමින් විශේෂ ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. එහිදී ජාතික මට්ටමින් පසුගිය පස් වසර තුළ ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කළ පිරිවෙන් 54 ක් සඳහා රුපියල් 260, 000 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදුකෙරිණි. අමතරව රන් රිදී හා ලෝකඩ සම්මාන පිරිවෙන් සඳහා පිරිනැමුණු අතර විශිෂ්ට කුසලතා හා කුසලාන සහතිකද පිරිනැමීම සිදුවිය.
පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයක් පැවැත්වීම මෙරට පිරිවෙන් අධ්‍යාපනය වැදගත් සන්ධිස්ථානයක් බවත්, එමගින් මෙරට පිරිවෙන් අධ්‍යාපනය ජාතික මට්ටමට පමණක් නොව ජාත්‍යන්තර මට්ටමටද ගෙන යමින් බෞද්ධ ධර්මය පිළිබඳ ලෝක ජනතාවට පණිවුඩයක් ලබාදිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
සටහන – ඉන්දික පොල්කොටුව
 

 

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 03 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දන්වා සිටියි. පෙරහර පැවැත්වෙන දිනයන් සහ වේලාවන් මෙසේ ය.

ඉතිරිය»

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]