UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

කෙලෙසුන්ට බැඳි වැට නිවන් මඟ සුව සදයි

”අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති. නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති” (ම.නි. අංගණ සූත්‍රය). අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ එන අංගණ සූත්‍රයයි. මෙම සූත්‍රය ශ්‍රාවක භාෂිත සූත්‍රයකි. එනම් සැවැත්නුවර ජේතවනාරාමයේදී සැරියුත් මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලද්දකි. සැරියුත් හාමුදුරුවන්ගේ මෙම දේශනාව හඳුන්වන්නේ අංගණ සූත්‍ර දේශනාව කියායි. “අංගණ” යනු කෙලෙස් වලට කියන නමකි. මෙහිදී සැරියුත් හැමුදුරුවන් වහන්සේ මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. කෙලෙස් තිබෙන එහෙත් කෙලෙස් තිබෙන බව නොදන්නා මිනිස්සු පළමු කොටසටත් , කෙලෙස් තිබෙන , එසේ තිබෙන බව දන්නා මිනිස්සු දෙවන කොටසටත්, කෙලෙස් නැති, නැති බව නොදන්නා මිනිස්සු තෙවෙනි කොටසටත්, කෙලෙස් නැති, නැති බව දන්නා මිනිස්සු සිවුවන කොටසටත් දක්වා වදාළහ. තවද මේ සතර දෙනාගෙන් කෙලෙස් ඇතිව ඇතිබව නොදන්නාත්, කෙලෙස් නැතිව නැති බව නොදන්නාත් පහත් උදවිය හැටියටත් කෙලෙස් ඇතිව ඇති බව දන්නාත්, නැතිව නැති බව දන්නාත් උසස් උදවිය හැටියටත් වදාළහ.

ඉතිරිය»

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]