UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දොඩන්ගොඩ අස්සජී නාහිමි ගුණ සමරුවට පින්කම්

දොඩන්ගොඩ අස්සජී නාහිමි ගුණ සමරුවට පින්කම්

මොරටුව රාවතාවත්ත භාවනා මූලස්ථානාධිපතිව වැඩ විසූ දොඩන්ගොඩ අස්සජි නාහිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුව අගෝස්තු 10 වන දින සිට 14 වන දින දක්වා රාවතාවත්ත භාවනා මූලස්ථානයේ දී පැවැත්වේ. නාහිමියන් විසින් ගොඩනැගූ සත්මහල් ධර්ම මන්දිරය, නාහිමිපාණන් වහන්සේගේ පිළිරුව, සියක් බුදුවරු වැඩහිඳිනා උතුම් සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලසන්ත ප්‍රදිප් කුමාර විසින් රචිත ‘දොඩන්ගොඩ අස්සජි නායක හාමුදුරුවෝ චරිතාපදානය’ ද එළිදැක්වීම වර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවයට ඇතුළත්ය. අගෝස්තු 10 වන දා සිට 14 වන දා දක්වා භාවනා මූලස්ථානාධිපති වැහිගල කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.

අගෝස්තු 10 වන දා සවස 05.00 ට අටවිසි බුද්ධ පූජාව ද සවස 06.30 ට නාහිමි අනුස්මරණ ධර්ම දේශනය ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති දිවියාගහ යසස්සී නා හිමියන් විසින් පවත්වනු ලබන අතර 11 වන දා අනුස්මරණ ධර්ම දේශනය මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියන් විසින් පවත්වති. 12 දා සවස 06.30 ට වර්ෂ පූර්ණ ගුණසැමරුම් ධර්ම දේශනය ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමියන් විසින් පවත්වනු ලබයි. 13 වන දා ගුණ සැමරුම් වැඩසටහන අතර පෙරවරු 08.30 ට අස්සජි නාහිමියන් විසින් ගොඩනැගූ සත්මහල් ධර්ම මන්දිරය දොඩන්ගොඩ අස්සජි නාහිමි නමින් නම් කිරීම හා සියක් බුදුවරු වැඩහිඳිනා සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්ගේ හා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

08.45 සමරු ඵලකය නිරාවරණය කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාධිපති ලුතිනල් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා අතින් සිදුකෙරන අතර අපවත්වී වදාළ දොඩන්ගොඩ අස්සජී නාහිමියන්ගේ පිළිරුව විවෘත කිරිම ඊට සමගාමීව සිදුවේ.

පෙරවරු 9.00 ට ශ්‍රී වාචීස්සර දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලසන්ත ප්‍රදීප් කුමාර විසින් ලියන ලද නා හිමි චරිතාපදානය එළි දැක්වීම සිදුවේ. එහි මුලසුන අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් දරණ අතර ග්‍රන්ථය හා නාහිමි අනුස්මරණ ධර්ම දේශනය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් විසින් පවත්වනු ලබයි. ශ්‍රී වාචීස්සර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දූ දරු පිරිස නාහිමි අනුස්මරණ ගීතය ගායනා කරන අතර විහාරාධිපති වැහිගල කස්සප හිමියන්ගේ මව්පියනට මෙම ග්‍රන්ථය පිළිගන්වනු ලබයි. මේ සඳහා රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරු, මහජන නියෝජිතවරු ඇතුළු දායක දායිකාවෝ සහභාගී වෙති.

14 වන ඉරිදා පෙරවරු 10.30 ට මහෝපාධ්‍යාය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් ප්‍රධාන සියක් නමක් භික්ෂූන් උදෙසා පිළිගැන්වෙන මහා දානමය පුණ්‍ය කර්මයකි.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]