UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 03 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දන්වා සිටියි. පෙරහර පැවැත්වෙන දිනයන් සහ වේලාවන් මෙසේ ය.

කුඹල් පෙරහර

රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු මස 08 දින, සඳු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසුවී විනාඩි 15 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 07 පසුවී විනාඩි 12 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරෙ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 09 වන දින, කුජ දින රාත්‍රී 07 පසුවී විනාඩි 18 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානයක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 10 වන දින, බුද දින රාත්‍රී 07 පසුවී විනාඩි 10 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 11 වන දින, ගුරු දින රාත්‍රී 06 පසුවී විනාඩි 59 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 12 වන දින, කිවි දින රාත්‍රී 07 පසුවී විනාඩි 24 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

රන්දෝලි පෙරහර

2016 අගෝස්තු මස 13 වැනි දින, ශනි දින රාත්‍රී 06 පසුවී විනාඩි 40 ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 07 පසුවී විනාඩි 01 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 07 පසුවී විනාඩි 30 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරෙ ඉහළට පැමිණ දේවවීදිය කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 14 වන දින, රවි දින රාත්‍රී 06 පසුවී විනාඩි 52 ට දකුණු දිශාභිමුඛව දළදා වීදියෙන් (වෝඩ්වීදිය) පෙරහර පිටත්ව ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 15 වන දින, සඳු දින රාත්‍රී 07 පසුවී විනාඩි 25 ට නිරිත දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, (වොඩ්වීදිය) ඊ.එල්. සේනානායක (කොටුගොඩැල්ල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 16 වන දින, කුජ දින රාත්‍රී 07 පසුවී විනාඩි 07 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළවිටත් ගෙවදීම.

අගෝස්තු මස 17 වන දින, බුද දින රාත්‍රී 08 පසුවී විනාඩි 09 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය) ඩි.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2016 අගෝස්තු මස 18 වන ගුරු දින රාත්‍රී 01 පසුවී 16 ට නැගෙනහිර දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව පැවැත්වීමට නියමිතය.

දවල් පෙරහර

2016 අගෝස්තු මස 18 වැනි දින ගුරු දින, දවල් 11 පසුවී විනාඩි 48ට නැගෙනහිර දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දෙ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමලේ වීදියේ) මංසන්ධියට පැමිණ එදින සවස 01 පසුවී විනාඩි 25 ට උතුරු දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්.සේනානායක වීදිය( ත්‍රිකුණාමල වීදිය) පන්සල පාර, ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරි මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 03 පසුවී විනාඩි 46 ට උතුර බලා ගෙවදීම සිදු වේ යැයි දැක්වේ.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]